-->

Saturday, May 1, 2010

අභිසාරී සහ අපසාරී ආදරය

ගුරුතුමිය පංතියෙන් පිටව යයි. කිසිවක්ම ඔහුට මතක නැත. මනසෙහි සැරි සරන්නේ ඇගේ මුහුනම පමනි. මේ ආකර්ශනය ඔහුටද වටහා ගත නොහැක. නැවතත් ඔහු සටහන් ගොන්න ‍රැගෙන ඇය අසලය.
"කේන්ද්‍ර අභිසාරී සහ කේන්ද්‍ර අපසාරී බල ගැන මට කිසිවක් නොතේරේ. මිස්, නැවතත් හැකිද එය මට තේරුම් කර දෙන්නට".
සිසුවාගේ වෙනස ටික කලක සිට ඇයටද වැටහී ඇත. පාඩම සමඟ ජීවිතයද කියා දීමට හැකිනම්.
"හොඳයි, ඔබ කවරෙකුට හෝ ආදරය කරන්නේද?"
සිසුවා වෙව්ලයි. පිළිතුරක් නැත.
"ඔබ යමෙකුට ඔබේ මුළු ශක්තියෙන් ආදරය කරන විට එය එක් ලක්ෂයකට නොහොත් යම්කිසි කේන්ද්‍රයකට පමණක්  යොමුවූ කේන්ද්‍ර අභිසාරී බලයකි. මතක තබා ගන්න මෙම කේන්ද්‍රයේ සුළු හෝ වෙනස් වීමක් නිසා මෙම ශක්තිය දරා ගත නොහැකි වුවහොත් එය පුපුරා හැලී යා හැකි බව. හොඳයි ඔබේ ආදරය ඔබෙන් දුරස් වුනොත්?"
සිසුවා කොඳුරයි. "එය මට කිසිසේත් දරා ගත නොහැකිය"
"ඔබේ ආදරය යොමු වූයේ ඇයට නම් කේන්ද්‍ර අභිසාරී බලය යොමු විය යුත්තේ ඇයට බැවින් පුපුරා යා යුත්තේ ඇයයි. එහෙත් ඔබේ මේ ඒක කේන්ද්‍රීය ආදරයෙන් පුපුරා යන්නේ   ඔබේම හිතයි. හේතුව ඔබ ආදරය කරන්නේ ඔබේම හිතටයි.
කේන්ද්‍ර අපසාරී බලය එසේ නොවේ. එය එක් ලක්ෂයකට නොව අනන්තයට විහිදෙයි. ශක්තියද අපසාරී ලෙස අනන්තයට පැතිරෙන බැවින් පිපිරීමක් සිදුවීමට ඉඩක් නැත. අපහසුවෙන් හෝ ජීවිතය තුල අප ඉගෙන ගත යුත්තේ එයයි. ආදරය කලයුත්තේ මේ මුළු මහත් ලෝකයටමය. ඔබේ සිතේ ශක්තිය ඔබ තුලට නොව ඉන් පිටතට විහිදුවන්න. එයින් ඔබ සැනසෙයි. බුදු හිමියන් අපට කියා දුන්නේද මෙම දහමයි.
ආදරය නොයෙකුත් වේශයන්ගෙන් පැමිනෙයි. ඔබද පෙර නොයෙක් ජීවිත වල මගේ පියානන්, සොයුරා, පුත්‍රයා, මිතුරා, ගුරුවරයා මෙන්ම සැමියා, පෙම්වතාද වූවා වන්නට ඇත. ඔබ කෙනෙකුට ආකර්ශනය වන්නේ එබැවිනි. ඒ කවරක් වුවත් මේ ජීවිතය නම් රඟ මඬලේ එක් එක් භූමිකාවට අනුව රඟන අපි නළු වෙස් ගෙන සිටිමු. දැන් අපේ භූමිකාව වන්නේ ඔබ මගේ සිසුවා වීමය. ඒ ගුරුවරයෙක් ලෙස ඔබ මගෙන් යමක් උගත යුතු බැවිනි. "
ඔහු පිටවී යයි. ඔහුට එය වැටහුනාදැයි කවුරු දනීද?

4 comments:

  1. Again good post.. thanks for sharing..
    agreed. Yes, we should have to love to the whole world, instead of loving one person.

    ReplyDelete
  2. විශිෂ්ඨයි කියල කියන්නම්.
    අපි යමෙක්ට ආදරය කරන්නේ යැයි හඟිමු. නමුත් ඒ තුල ඇත්තේ හිමි කර ගැන්මේ හෝ යමක් ලබා ගැන්මේ පිපාසාවයි. එය අහිමිවීම වගේම හිමිවීම කෙදිනක හෝ වේදනාවෙන් කෙළවර වෙයි. සැබෑ ආදරය පවතින්නේ ඒ සීමාවට ඔබ්බෙනි. එය දුකක් බවට පත්වීමේ සීමාව ඉක්මවා යනු ඇත. එය කේන්ද්‍රීය නොවනු ඇත.

    ReplyDelete
  3. නියමයි මචෝ...............

    ReplyDelete
  4. ආදරය නිසා යැයි කියා අයාලේ යන ජීවිත ගැන හිතන්න අවස්ථාවක් උදාකරපු ලියමනක්..හරිම අගෙයි..මේ වගේ ඒවා දිගට ම ලියන්න..
    ජයවේවා!!!!

    ReplyDelete