-->

Friday, April 30, 2010

සඳක් වී


සිතාරය වී මගේ හද තුල
වැයෙන්නට ඔබ පෙරුම් පිරුවත්
ගයා නිම කළ ගීතයකි මම
නැවුම් බව එහි නෑ

සඳක් වී ඔබ මගේ ලෝකයෙ
දිලෙන්නට හිමි වෙතැයි සිතුවත්
අමාවක නම් මගේ හද තුල
කිසිදු එලියක් නෑ

ගඟක් වී මට සිසිල සදමින්
ජීවිතය තුල ගලා යන්නට
පැතූවත් ඔබ වියලි පොලවට
එයින් කිසි පල නෑ

සිනාවක් වී  කඳුළ වියලන
පහන් සිල වුව හදේ දැල්වුන
කතා කරනා ඔබේ ලෝකෙට
එන්න අවසර නෑ

6 comments:

  1. සංවේදී පබැදුමක්...... හරිම ලස්සනයි

    ReplyDelete
  2. ම්...... මේක නම් ඇත්තටම ලස්සන පද පෙළක්!

    ReplyDelete
  3. ඇත්තටම ලස්සන පබැදුමක් තමා.ඒත් සුලග ඇයි මේ තරම් දුකකින්.ඔබට ආදරය කරන අයෙක් ඉන්නවනම් ඔහුට හෝ ඇයට ඉඩ දෙන්න ඔබේ ජිවිතය තුල දිලෙන්න. සද නොපායන දින නේ අමාවක(මට හිතෙන විදිහයි මං කියන්නේ,මං වැරදි නම් කරුණාකර සුහදව මාව නිවැරදි කටන්න"සුලග").ඉතින් ඔබේ ලෝකෙ සදක් වේලා පායන්න ඔහුට / ඇයට ඉඩදෙන්න. එතකොට ඔබේ ලොකයම සද එලියෙන් බබලාවී නේ.හැබැයි ඉතින් සද එලිය ටික වෙලාවයි නේ...ඒත් ගගක් වෙලා ගලා ගිහින් වියලි පොලවකට ජීවය දෙන්න ඇය හිතනවනම් ඒපා ඇයව නවත්වන්න.ජීවිතයට ඉඩ දීලා බලන්න සුලග....හිතනවට වඩා ඒක ලස්සනයි.අදුරම වෙලා ඉද්දි අපි දකින්නේ අදුරම විතරයි,අදුරෙන් එලියට ඇවිත් බලන්න ලෝකය කොයි තරම් ලස්සනද කියලා.(ඔබේ කවි පෙල කියවලා හිතට දැනුනු දේ පමනයි මා මෙහි සටහන් කලේ,කවිය කිව්වම හිතුනේ ඔබ දුකකින් කියලා.ඒ නිසයි මේ සටහන මෙහෙම තැබුවේ.වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවනම් අවංකවම මම ඔබෙන් සමාව ඉල්ලනවා)

    ReplyDelete
  4. හුගාක් හිතට දැනුන පද ටිකක්...අපිට යිති කරගන්න බැරි දේවලට අපි අසීමිතව ආදරය කරනවා.....මාත් ඒ වගෙමයි

    ReplyDelete
  5. විවිධ මාන වල උපමාරූපක මගින් ඔබේ පදවැල තුල කැටිවෙලා තියෙන්නෙ කැමැති හෝ අකැමැති වුව කෙසේවත් හිමිකර ගැනීමට නොහැකි සෙනෙහසක් ගැනයි.
    නිර්මාණය ඔබේ පුද්ගලික අත්දැකීම් හෝ හැඟීම්ම නොවන බව මම බොහෝ විට දැක තිබේ.

    ReplyDelete
  6. සංවේදියි..ලස්සනයි..

    ReplyDelete