-->

Monday, May 3, 2010

කුමරියකගේ ස්වයංවරය


දස දිසාවෙන් පැමිණි
බලය තේජස සපිරි
මාලිගා මුතු මැණික්
දැසි දසුන් හා තවත්
නේක වරදාන පිරි
කුමරුවන් සිටී ඔබෙ
අතපතා දියණියෙනි

පියතුමනි මේ කිසිත්
මට අගේ නැත තවත්
එකම වරයක් දෙන්න
ස්වයංවර උලෙලෙදී

මගේ සිත කවියක්ය
ඒ කවට පෙම් බඳින
කුමරුවෙක් ‍තෝරන්න
ඉඳින් අවසර දෙන්න

පවසන්න ඔවුන් හට
මා නමින් පබඳින්න
දිනට එක බැගින් වන
කවි ගීත දහසක්ම

මා නමින් කවි ලියන
සොඳුරු කවියාම මට
‍තෝරන්න ඉඩ දෙන්න
මගේ හිමියන් ලෙසට

2 comments:

  1. පතා ගෙන ඔබේ අත
    ඔතාගෙන ඔබේ සිත
    ගොතාගෙන ගේය පද
    සිතා ඉමි මා එන්ට

    ReplyDelete
  2. අපූරුයි පද පෙල

    ReplyDelete