මල් සුවඳ සිල් සුවඳ හද පතුල අතුරලා
භාවනා ගුණෙන් සිත සමාධිය පතුරලා
ගඳ කිලිය කරන්නෙමි කෙලෙස් මල ඉවතලා
බුදු පියාණෙනි උතුම් වැඩ ඉන්න ඉවසලා
ගඳ කිලිය කරන්නෙමි කෙලෙස් මල ඉවතලා
බුදු පියාණෙනි උතුම් වැඩ ඉන්න ඉවසලා
රාග සිත් ද්වේශ සිත් මෝහ සිත් පිරිවරා
ආමි මම සසර මඟ නේක දුක් විඳ දරා
සසර මන්දිර බිදින දිව ඔසුව සිත් පුරා
දෙනු මැනවි ලැබ ගන්න නිවන් මග අතුරලා

දිව ඔසුව තමා තුල පවතියි. මිනිසුන්ගේ සියලුම ප්‍රයත්නයන් එය ඇස නොගැටෙන සේ මග හැරීමටයි. මිනිසා විශාලතම පරාජය ලබන්නේ තමන්ටමය.
ReplyDeleteකවිය ලස්සනයි.
කවිපද වලට ලැබෙන්න ඕනෙ 100% ම පිටස්තරයාගෙ කොමෙන්ටුවෙන් ලැබිලා තියෙනවා මැණික්...
ReplyDeleteපද ටික හරිම ලස්සනයි
කෙලෙස් මල අතුගා දමා
ReplyDeleteඅමා දම් රස සිත තුළ වඩා හිදුවා
බවුන් වඩන්නට පෙරුම් පුරනා
නුබේ සිත තුළම දිව ඔසුව පහල වේවා.........
මල් සුවදක පැටලී එන වෙසඟේ
ReplyDeleteසිල් සුවඳක යාවෙයි නිති සිතඟේ
කල් දමමින් නොසිටිමු කල යුතුදේ
පින කරගැන්මයි අද කලයුතු දේ