වැසි දිය වැටිලා මේ විල්තෙර අද
වෙනදාටත් වැඩියෙන් සොඳුරුයි
කොඳ මල් පිපිලා සුවඳයි මුළු සිත
ඉවසා ඉන්නට බැරි ගානයි
තරුපති නැග එන හෝරාවයි මේ
මුළු අහසම රන්වන් පාටයි
මඳනල රහසින් මොනවද කොඳුරයි
කොවුල් කිරිල්ලන් ගොළු වාගෙයි
මල්පෙති වැටිලා පලසක් එලලා
මේ මල් වැල යට හරි සිහිලයි
එන්න ප්‍රියේ මේ සඳ දිය යහනට
තරු ඇස් ඉඟි බිඟි පා හිනැහෙයි
වෙනදාටත් වැඩියෙන් සොඳුරුයි
කොඳ මල් පිපිලා සුවඳයි මුළු සිත
ඉවසා ඉන්නට බැරි ගානයි
තරුපති නැග එන හෝරාවයි මේ
මුළු අහසම රන්වන් පාටයි
මඳනල රහසින් මොනවද කොඳුරයි
කොවුල් කිරිල්ලන් ගොළු වාගෙයි
මල්පෙති වැටිලා පලසක් එලලා
මේ මල් වැල යට හරි සිහිලයි
එන්න ප්‍රියේ මේ සඳ දිය යහනට
තරු ඇස් ඉඟි බිඟි පා හිනැහෙයි

කොඳ මල් සුවදේ සඳ දිය අතරේ
ReplyDeleteසුපුරුදු සුවඳට ඉව අල්ලා
තරු වියනක් යට මල්පාවඩ මත
නුඹ එන තුරු ඒමි පේවීලා
ඔයාට තියෙන්නේ ආදරනීය සිතිවිලි මැණික්....මේ පද ටිකත් හරිම ලස්සනයි
ReplyDeleteවචන ටික නම් ලස්සනයි ඒත් පොඩි එහා මෙහා වීමක් තියෙනව කියල හිතෙනව.
ReplyDeleteකවියකට වඩා ගීපද මාලාවක් වගේ තමයි දැණුනෙ. කොහොම වුණත් හොඳ සෞන්දර්ය ප්‍රකාශනයක්.
ReplyDeleteහැමෝටම ස්තුතියි. ස්වභාව ධර්මය එක්ක මගේ තියන සම්බන්ධය ලියන දේ සමඟ මටත් නොදැනී මුසු වෙනවා. කවියකට වඩා මෙය ගීතයක් තමා.
ReplyDelete