-->

Wednesday, May 26, 2010

යසෝදරාවත සිහිවී


කැලේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බමරු මෙන් පිරිවර ඇති     වේවා
අව්වේ තියෙන ‍රැස් මාලා අඩු       වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග         සෑදේවා

සුවඳ බොජුන් වැලඳූ මගෙ හිමි       සඳට
නිබඳ බොජුන් රස කර දුනි       වලඳන්ට
සුවඳ පලාපල වැවියන්           හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන්         කඳට

මේ මා යසොදරාවතේ ඉතාම ආදරය කරන කවි දෙකයි. අපේ රටේ යුද්ධය නිසා පමණක් 49,000 ක වැන්දඹු ළඳුන් සිටින බව ප්‍රවෘත්තියක සඳහන් විය. 71 සහ 88 සිද්ධීන් සහ තව නොයෙකුත් හේතූන් නිසා ඊට අයත් තව බොහෝ සංඛ්‍යාවක් සිටිනු ඇත. මේ ඛේදවාචකයට අමතරව නොයෙකුත් ආර්ථික හේතූන් මත තම හිමියන් මේ රටේම හෝ වෙනත් රට වලට ගොස් තමන්ගෙන් දුරස්ව සිටීම නිසා යසෝදරාවන් මෙන් හිතින් වැලපෙන ළඳුන් බොහෝය. මේ අයට විවාහයක ස්ත්‍රී පුරුෂ භූමිකා දෙකම ඉ‍ටු කිරීමට සිදුව ඇතිවා පමණක් නොව තම හිමියන්ගේ ‍රැකවරණයද අහිමිය. ඉතින් අපේ කාලයේ මගේ සොයුරියන් වන ඒ යසෝදරාවන්ටයි අද මගේ මේ සටහන.

3 comments:

  1. යශෝධරාවතෙහි සිද්ධාර්ථ කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණය හේතුවෙන් යශෝධරාවන්ගේ හදෙහි නැගුණු ශෝකය විස්තර කරයි. එහෙත් ශෝධරාවන් මහත්සේ වාසනාවන්තය. ඇයගේ ස්වාමි පුරුෂයා තක්කඩි දේශපාලකයන්ගේ හෝ නරුම සමාජ ප්‍රවාහය ගිලගත් ගොදුරක් නොවේ. අවසානයේදී ඇයට සදාකාලික සන්තුෂ්ඨිය ඔහු හමුවේදී අත්වේ.

    ඒත් අපේ රටේ යශෝධරාවන්ගේ කතාව හාත්පසින්ම වෙනස්වේ. ඔවුන්‍ සදාකාලික දුකට ඇද වැටී ඇත. ඒත් වරද අනෙකෙකු පිට පටවා අතපිස දමා ගැනීමට නොහැක. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපද ඒ ශාපයේ කොටස්කරුවන් වී සිටිමු.

    ReplyDelete
  2. යශෝදරා වතට මමත් ආදරේයි.මට නිතරම මතක වෙන කවියක් තමයි..

    උන්නෙමු අපි ඉපිද ලෙහෙනුන් කුලේ එදා
    වැටුනේ ජලය මැද සමුදුරයේ බිලිදා
    දැනුනෙ කරපු වීරිය ගොඩ ගන්න එදා
    හිමි රජුනේ මග ඇරියේ මන්ද මෙදා...

    ReplyDelete
  3. ඔයාගෙ මේ පොස්ට් එකත් මගේ නෙතු අද්දරට කඳුළු බිංදු එකතු කළා. ඒ මගේ අක්ක මතක් වෙලා. අක්කත් තනියම පුතාල දෙන්නත් එක්ක ගෙදර. අයිය එයාල වෙනුවෙන් දුර ඈත රටක තනි වෙලා. මේ ගැන මත්ක් වෙන හැම වෙලාවෙම ම දුක හිතෙනව.

    ReplyDelete