අසූචි වලක හිනැහෙන මේ දරුවන්නේ
ඉරණම මෙලෙස ලිව්වේ ඇයි දෙවිඳුන්නේ
මහමෙරකට උසලු දරු පෙම පියවරුනේ
පියවරු කොහිද අම්මේ මේ දරුවන්නේ
දවසින් දවස අසන්නට ලැබෙන්නේ ගඟකට දැමූ, අසූචි වලකට වීසි කල, කසල ගොඩකට වීසිකල දරුවන්ගේ කතාය. මේ කතා වල පසු බිම තවත් බොහෝ කතා තිබෙන්නට පුළුවන. ඒ අතර දරිද්‍රතාවයද, නූගත්කමද, පියෙකු නැති දරුවෙකුට මවක වීමට නොහැකි ලංකාවේ සංස්කෘතික පසුබිමද තිබුනා වන්නට ඇත. එහෙත් මෙවන් තත්වයකට පත් නොවීමට ස්ත්‍රියකගේ වගකීම එක් පසෙක තිබෙනු මෙන්ම ඊට වගකිවයුතු තවත් පාර්ශ්වයක්ද තිබෙන බව අපට බොහෝ විට අමතකය. දරුවෙකුට ස්වභාවිකවම මවකගේ අයිතිය උරුම වේ. එහෙත් ස්වාභාවික පියකු සිටියද පියකුගේ අයිතිය බොහෝ විට ලැබෙනුයේ නීතිය මගිනි. එබැවින් මෙවැනි සිදුවීමකදී බොහෝ විට මාධ්‍ය මගින්ද අනාවරණය වන්නේ දරුවාගේ මව පිළිබඳව පමණි. අවසන් වරද සිදුවී ඇත්තේ මව අතින් බැවින් දඬුවම ඇයට පමණි. මට මෙහිදී මතක් වන්නේ බයිබලයේ සඳහන් පව්කාරයාට ගල් ගැසීමේ සිද්ධියයි. එහෙත් නීතිය ඉදිරියේ දරුවන්ගේ භාරකාරත්වයද ඔවුන්ගේ පෝෂනයද පවරා ඇත්තේ පියවරුන්ටය. දෙවියන් බඳු පියවරුන්ද සිටින අප සමාජයේ මෙවැනි දේ හැකිතාක් දුරකට වලක්වාලීමට නම් මේවාට සම්බන්ධ පියවරුද හෙලිදරව් විය යුතු නොවේද?

කොහොම වුණත් දරුවෙක් හදන්න කලින් දෙමව්පියන් සිය දහස් වාරයක් හිතන්න ඕනි. දිනෙන් දින ලෝකය උමතුවට යනවනම් ඒ උමතු ලොව දරුවෙක් තමන් දකින්න එන සිහිනය දකින්න සුදුසුද යන්න සිතිය යුතුයි.
ReplyDeleteසුළඟ ඔයා කියන කතාව ඇත්ත. අද ගොඩක් වෙලාවට සිද්ද වෙන්නෙ අවසන් වැරැද්ද සිද්ද වුනේ කොතනද කියන එක හොයන එක විතරයි. කෙනෙක් මෙවැනි තත්වයකට පත් වෙන්නෙ ඇයි කියල හොයල බලල වැරදි නිවැරදි කර විදියේ මොනව හරි පිළිවෙතක් ක්‍රියාත්මක කරනව නම් ඒක තමයි වටින්නෙ.
ReplyDeleteමට ඔය ලමයෙක් අරන් හදාගන්න ඕනි කියල හිතන්න මාර නීති ගොඩයි අපේ පොත්වල....හප්පේ සමහර තැන්වල ලිස්ට් වල ඉන්නව මව්පියො පෝලිමෙ දරුවො ගන්න...ලමය හදාගන්න බැරිනම් හොඳට හොයල බලල විකුනල දාන්න...මේ මොනව දැම්මත් වැඩක් නෑ....ඔය ලමයි විසිකරන අය මේ බ්ලොග් කියවන්නෙ නෑ නෙව...
ReplyDeleteඔයාගෙ අදහස හොඳයි..මගේ කොමෙන්ට් එකෙන් සැලෙන් එපා....
දරුවෙක් උපදින්නෙ දෙමාපියන්නට ඕනෑ කමට මිසක් දරුවට ඕනෑ කමට නෙවෙයි. ඒත් සමාජයේ යම යම් වැරදි නිසා සමහර දරුවන්ට දෙමාපියන්ගේ හරි සරන නෑ. විශේෂයෙන්ම පියාට දරුවන් ගැන ලොකු වගකීමක් තියෙන බව සමහර පියවරු අමතක කරලා
ReplyDelete