-->

Wednesday, January 4, 2012

"දියණියකගේ සිත"

"අප්පච්චී,  බලන්නකො සින්තියාටයි එයාගෙ අම්මටයි දළදා මාලිගාවට යන්න දීල නැහැනෙ එයාලගෙ පර්දාව දාගෙන. පව් නේද අප්පච්චි, එහෙම කරන්න හොඳ නැහැනේ. පන්සලකට යන්න ඉතින් කාටත් පුලුවන් වෙන්න ඕනැනේ."
"ඒකෙ ඉතින් වරදකුත් නැහැ. ඒ අයට ඉතින් එයාලගෙ පල්ලියටවත් යන්න දෙන්නෙ නැහැනේ. පන්සලකට යන පිළිවෙලක් තියනවනේ. එයාල ඉතින් ඒ පිළිවෙලට ගියාම ඉවරයිනේ."
"එහෙනම් අප්පච්චි, පටාචාරා ඇඳුම් නැතිව බුදු හාමුදුරුවෝ ලඟට ගියේ. බුදු හාමුදුරුවෝ එන්න එපා කිව්වෙ නැහැ නේද."
අප්පච්චි නිරුත්තරය.

#############################################

අප්පච්චීත් මාමණ්ඩිත් එක්ව සාදයක්. ගී ගායනය මාමණ්ඩිය ගෙන්.
"ප්‍රේමයෙන් "බණ" රංජිත වේ රංජිත වේ......."
"යකෝ... බණ නෙවෙයි. "වන"  " වන". ප්‍රේමයෙන් වන රංජිත වේ රංජිත වේ" අප්පච්චී නිවැරදි කරයි.
"අප්පච්චී, වන නෙවෙයි "මන"  "මන". ප්‍රේමයෙන් කොහොමද වන රංජිත වෙන්නේ"
දියණිය සිනාසෙයි. ගී ගැයුම ගොලුව යයි.

12 comments:

  1. පොඩ්ඩෝ එක්ක වැඩ කරනකොට පරෙස්සමෙන්!!

    ReplyDelete
  2. හික් හික් මරු.....

    ReplyDelete
  3. හොඳ අප්පච්චි කෙනෙක් වගේ..නැත්නම් ලොකු අයගේ කතාවලට කටදාන්නැතුව පැත්තට වෙනවා කියලා සැර කරනවනේ..

    ReplyDelete
  4. මේ පණ්ඩිත කෙල්ලොත් එක්ක මොකක්වත් කියල බේරෙන්න බැහැනේ... ඇදයක් හොයාගන්නවා..

    ReplyDelete
  5. හප්පේ ඔය වගෙ අත්දැකීම් මටනම් එමටයි මොකද දන්නවද මගෙ පොඩි කෙල්ලට දැන් අවුරුදු 4 ඒකි දැන් කියවන දෙවල් අපි පොඩි කාලෙ කියන්න හිතලවත් නෑ

    ReplyDelete
  6. පලවෙනි එක තමා හොදම එක....

    ReplyDelete
  7. පොඩ්ඩො එක්ක ලේසියෙන් බේරෙන්න බෑ...

    ReplyDelete
  8. පොඩ්බා හරි. අඳුමෙන් නෙවෙයි සිතුවිලි වලිනුයි මිනිසුන් පෝෂණය කළ යුතු වන්නෙ.

    දෙවනි කතාව

    සමහර ගීතවල එක වචනයක් වැරදියට කිව්වොත් ගීතයේ මුළු අරුතම වෙනස් වෙනවා.

    අහලා ඇතිනේ මේ ජනප්‍රිය ගීය" පියඹා ආවා ප්‍රේම කුරුල්ලා රත්නපුරේහී කූඩු තනන්ටා"
    මේ වැරුද්ද කවුද ආයෙ හදන්නෙ..?

    ReplyDelete
  9. පොඩ්ඩිත් නම් අප්පච්චිව ඔය විදියටම රැග් කරනවා....:D:D:D

    ReplyDelete
  10. මටත් එක පාරටම මතක් වුනේ, රත්නපුරේහි කූඩු හදන සින්දුව.

    ReplyDelete
  11. පලමු කොටස කියෙව්වාම සතුටු හිතුනා මම වගේ හිතන තවත් කෙනෙක් කියලා

    ReplyDelete
  12. උඩ කථාවේ පේන අර්ථයට වඩා යමක් තියනවා.. ඇත්තමට එහෙම නේද... අද බොහොම තැන්වලට විවිධ සීමා දාගෙන දඟලනවා.... අපි විසින් ම අපිව නැති කරගන්නවා....

    ReplyDelete