හිතන්නේ මොනවාද
කියලාද අහන්නේ
මටත් නෙක දේ තිබෙයි
තීරණය කරන්නට
කොහේදෝ ඉඳන් මා
මෙහෙට ආවේ කොහොම?
කියන්නට කාටවත්
උවමනා නැහැ තවම
හැමෝගෙම ඇස් දවස
තිස්සේම මා ගාව
අඬන්නත් ඉඩක් නැහැ
හිතේ හැටියට තාම
මට ඕනෙ නැති වුනත්
එයාලට ඕනෙ විට
මගේ බඩ පුරවන්න
දඟලන්නෙ ඇයි මෙහෙම
දෙනවාද පොඩි ඉඩක්
මටත් සැනසී ඉන්න
මගෙ පුංචි ලෝකයේ
සිහින තුල පාවෙන්න
කියලාද අහන්නේ
මටත් නෙක දේ තිබෙයි
තීරණය කරන්නට
කොහේදෝ ඉඳන් මා
මෙහෙට ආවේ කොහොම?
කියන්නට කාටවත්
උවමනා නැහැ තවම
හැමෝගෙම ඇස් දවස
තිස්සේම මා ගාව
අඬන්නත් ඉඩක් නැහැ
හිතේ හැටියට තාම
මට ඕනෙ නැති වුනත්
එයාලට ඕනෙ විට
මගේ බඩ පුරවන්න
දඟලන්නෙ ඇයි මෙහෙම
දෙනවාද පොඩි ඉඩක්
මටත් සැනසී ඉන්න
මගෙ පුංචි ලෝකයේ
සිහින තුල පාවෙන්න

ඒක වෙන්නෙ නෑ. ලොකු අය තමන්ට ඕනි විදියට මේ පොඩි එකාව අඹනව,පින්තාරු කරනව උගේ ඔඵව හිස් දේවල් වලින් පුරවල දානව.
ReplyDeleteකවද හරි ඒ සියල්ල වටහා ගැනීමට සමතෙක් වෙතොත්...?
ඒක නේන්නම්...හරිම අසාධාරණයි..අනිත් හැමෝටම තමන්ට ඕනෙ විදියට ඉන්න පුළුවන්නම් ඇයි මට විතරක් බැරි ?
ReplyDeleteහරිම ලස්සනට ගොණු කරපු පද ටිකක්
සුමුඳු සුදු මුඳු සුසැදි යහනට
ReplyDeleteටිකිරි හසරැල් ඇඳුනේ
නුඹට ඇති ඒ සෙනෙහ වෙනුවෙනි..
හැම දේම අපි කෙරුවේ.
නොම දනිමි ඒ සිතැගි සුරතල්
විහිලුවට දෝ ඇඩුවේ....
ඒත්......
සුපසන් දරු සෙනෙහෙ පුත,
තාම නුඹ හට නොදැනේ.....
හරිම අසාධාරනයි.. මම කිවුවා මගේ යාලුවෙන්ට මේකට විරුද්ධව නැගී සිටිමු කියලා....
ReplyDeleteලස්සන පද ගැලපීමක් සහෝ!
හැමෝටම ස්තුතියි. සමහර විට පුංචි අයටත් මෙහෙම හිතෙනව ඇති. ඕනැම බැඳීමක් පමන ඉක්මවා යන විට ඇති වන තත්වයක් මේ. ඒත් විහඟගෙ අදහසටත් මම එකඟයි. "සුපසන් දරු සෙනෙහෙ පුත, තාම නුඹ හට නොදැනේ ". ඇත්ත දෙමව්පියන්ගෙ ආදරේ තරම කවමදාවත් දරුවො තේරුම් ගන්නේ නැහැ.
ReplyDelete