සුළඟේ වැනෙන කොඩියක් නිසා දෙදෙනෙක් අතර නොනවතින වාදයක්. වැනෙන්නේ කොඩිය බව එක් අයෙක් කියන විට අනෙකා කියන්නේ වැනෙන්නේ සුළඟ බවයි. කවුද හරි? වැනෙන්නේ කොඩියද? සුළඟද? තර්කය මතම ඇලෙමින් මෙලෙස දෙදෙනාට දිගින් දිගටම නොනවත්වා වාද කළ හැක. තම මතයම සාධාරණී කරනය කිරීමට අවශ්‍ය නම් පොලු මුගුරු ගෙන සටන් කළ හැක. එහෙත් ඇත්ත වශයෙන්ම සෙලවෙන්නේ කුමක් යැයි ඔබ සිතන්නේද? සෙලවෙන්නේ දෙදෙනාගේ මනස මිස අන් කවරක් වත් නොවේ. මෙය පරණ සෙන් කතාවකි.
අවශ්‍ය නම් ඔබට සෑම තැනම, සැම දෙයකම වෙනස් කම් දැකිය හැක. මිනිසුන් අතර, සංස්කෘතීන් අතර, ජාතීන් අතර, ආගම් අතර මෙන්ම එදිනෙදා පෙනෙන දකින සියළු දෙයහිම ඔබට වෙනස් කම් සොයා ගත හැක.මේ "වෙනස" ඔබේ අත්දැකීම් වලට සාපේක්ෂ වනු මිස සැබෑ වෙනසක් නොවේ. "වෙනස" වෙනුවට අපිට සමාන කම් දැකිය හැකි මනසක් ගොඩ නැංවේ නම් අප "ලෝකය" ලෙස දකින සියල්ල උඩු යටිකුරු වනු ඇත. ප්‍රතිවිරෝධය එවිට පරිවර්තනය වනු ඇත.
ප්‍රතිවිරෝධතා දසතින් ඇසෙන විට සංහිඳියාව ගෙන එන්නේ ස්වභාව සෞන්දර්යයි.
පුරා සඳ කෙතරම් සුන්දරදැයි කෙනෙක් ඔබෙන් ඇසුවොත්!!!
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
(ගායනය අමරසිරි පීරිස්)
ඔහු එහෙම සිතුවට මට නම් හිතුන ඇය මෙහෙම කියන්න ඇති කියල.
හිනැහෙනු දකිමි මම
පිරුනු සඳ හන්තාන මුදුනෙන්
සසල කරවයි සිත
මේ මලානික සඳවත
ඔබ ලඟ නොමැති කල
මේ වස්සානයයි
වැහි බිංඳු විසිරෙයි.
පිය නගමි මම තනිවම
මගෙ මල් කුඩේ යට.
කහ මල් පලස උඩ
ඇසෙයි ගායන වාදන
සරසවි රඟ මඩල තුල
නොදැනේ තනිය මට
සිත තුල ඔබ
සිනාසෙන කල
නොබලමි කිසි ලෙසක
ලතා මංඩපයන් දෙස
මුසු කරමි මහවැලියට
නලියන මේ කඳුලු කැට
ඔබ ගැන මතකයෙන් උපදින

පස්ටයි හලෝ හැබැයි මේ සින්දුවනම් එච්චර හරි නෑ
ReplyDeleteස්තුතියි අදහසට.
Deleteමැණික්
"ප්‍රතිවිරෝධතා දසතින් ඇසෙන විට සංහිඳියාව ගෙන එන්නේ ස්වභාව සෞන්දර්යයි.."
ReplyDeleteහ්ම්ම්ම් තුරු සෙවණකටම ආවා සේ දැනේ..... ස්තූතියි!
ඔබටත් ස්තුතියි සංගීත රිද්මයත් සවභාවයේ කොටසක්නෙ.
Deleteමැණික්
ප්‍රති විරෝධය යෙදෙන තැන අනුව වෙනස් වෙනවා.. ඒක ස්වභාව ධර්මයත් එක්ක ඒකාත්මිය වුනාම චංචල මනස සිහිල් වෙන්නේ සෞන්දර්යයත් එක්කමයි. කවියත් ගීතයක් වගේමයි.
ReplyDeleteඔව් ස්වභාව ධර්මයත් එක්ක ඒකාත්මික වීම සහ සංගීත රිද්මය තමයි සසල බව සංසිඳවීමේ මග. ස්තුතියි.
Deleteමැණික්
සෞන්දර්යේ මාධූර්‍යයෙන් කවිය පිරිලා. මතකයන් දරාගෙන ඈ වැළපෙවි නිහඬව.
ReplyDeleteස්තුතියි. ඔව් ඇය වැලපෙනවා ඇති. ගීතය අසන විට නිකමට හිතුනා.
Deleteමැණික්
මටත් මේ ගීතය ගැන තිබ්බ හැඟීමක් තමයි... මෙතනදි පිරිමියාගේ උතුම් බව පෙන්වන්න ගැහැණියගේ චපල බව කියන එක අනිවාර්යයක් ලෙස අරං තිබීම. ඒ කියන්නේ පිරිමියා කිව්වොත් "මාව අමතක කරන්න" කියලා ගැහැණිය බලං ඉන්නේ පැනලා දුවන්න වගේ හැඟීමක් දෙන එක.
ReplyDeleteඒත් ගීතයට මම කැමතියි... ඔබගේ ගේ කවිය මේ ගීතයට හොඳ ඌණ පූර්ණයක්...
මට නම් එහෙම හිතුනෙ නැහැ. පිරිමියා ලඟ තියෙන්නෙ අයිති කර ගැනීමේ ආත්මාර්ථකාමි ආදරයක් නෙවෙයි. ඒකයි ඔහු ඇයට ඉඩ දෙමින් කියන්නෙ."ලතා මඩුලු අත වනාවි - එපා අහක බලන්න" කියල. ඒ වගේම ඔහු ඉතාම ආදරයෙන් ඇයට කියනව "අඳුරු ලලා වහිනා කල- සරසවි බිම තෙමෙන්න : කුඩේ යටින් ඔබ යන කල - එපා තනිය දැනෙන්න" කියල.
Deleteඑහෙම නේද?
මැණික්
මේ සින්දුවෙන් පෙම්වතියගේ හිතුවිලි සාධාරණීකරණයට ලක් කරලා ඔයා.හුගක් ලස්සනයි..දැනුනා!
ReplyDeleteපෙම්වතියගේ කෝණයෙන් අපුරු පිළිතුරු කවියක්/ගීයක්..
ReplyDelete