අපි හැමකෙකුම කාල අවකාශ රාමුවක සැරි සරමු. ඒක සමුද්දේශ රාමුවක්. කාලය...... සහ අවකාශය..... අවකාශය ත්‍රිමානයි. ඊට කාලය එකතුවූ විට සිව්මානයි. ජීවිතය මේ ත්‍රිමාන අවකාශය තුල ගලාගෙන යනවා කාලයට සාපේක්ෂව. ඒ කියන්නෙ අපිට මේ ජීවිත කාලය තුල චලනය වෙන්න පුලුවන් ඒ කාල අවකාශ රාමුව තුල පමණයි. ජීවිතයේ එක් මොහොතක් මේ සිව්මානය තුළ පිහිටි ලක්ෂයක පිහිටුමක්වේද?
අපි දකින්නෙ, අපිට පෙනෙන්නෙ ඒ කාල අවකාශ රාමුව තුල දේ පමණයි. නිව්ටෝනියානු විද්‍යාව තුලින් සනාත කරන්න දඟලන්නෙත් පෙනෙන, දකින ඒ කාල අවකාශ රාමුවට අදාළ දේ පමණද? නිව්ටෝනියානු අර්ථදැක්වීම්?? එතකොට මේ කාල අවකාශ රාමුවට පිටස්තර අප අයත්වූ සහ අයත් විය හැකි කාල අවකාශ රාමු නොමැතිද? ක්වොන්ටම් පිම්මක් පැන අපි මේ කාල අවකාශ රාමුව තුලට ඇවිත්?. අප අයත් කාල අවකාශ රාමුවෙහි කාලය අවසන්ව ගිය කළ නැවත ක්වොන්ටම් පිම්මකින් අපි වෙනත් කාල අවකාශ රාමුවක පෙනී සිටීවිද? එවිට නව කාල අවකාශ රාමුවෙහි පිහිටුම් සමඟ පෙර කාල අවකාශ රාමුවෙහි පිහිටුම් සහ සම්බන්ධ නොවේවිද? අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතා වාදයට අනුව නම් එවන් සහසම්බන්ධයක් සොයා ගත හැක.
ඔව්..... ඔබ මට මුණ ගැහුනෙ ඊයෙවත් අදවත් නොවෙයි. අපි අතර මේ සහ සම්බන්ධය මේ කාල අවකාශයෙන් පිටස්තරයි. ඔබට මට අයත්වූ වෙනත් කාල අවකාශ රාමුවකින් දැනෙන මේ සියල්ල අප අයත් නව රාමුවෙන් පිටස්තර පිහිටුමකින් එන ඇනවීම්. එයට මා දියයුතු නම "කර්මයද", "දෛවයද" යැයි නොදනිමි. එහෙත් එක් දෙයක් මම දනිමි. ඒ....... ජීවිතයේ අප කරා එන සිදුවීම් අපට මග හැර යා නොහැකි බවයි. එය එතැන පවතියි. අපි ඒ සිදුවීම් හරහා ගමන් කරමු. අවශ්‍ය නම් ඒවා බදා වැළඳ ගත හැක. නැතිනම් ඒවාට ඔහේ යන්නට ඉඩ හැර බලා සිටිය හැක. එහෙත් පෙර සිදුවීම් හා සහසම්බන්ධය දැඩි නම් අපද නොදැනී නව සිදුවීම් හා වෙලී පැටලෙමු. අප නොදන්නා මෙවන් සියුම් බන්ධන කෙතෙක් වේද? ඒ බන්ධන වල දැඩි බවින් මිදී සන්සුන් වන්නේ, නිවෙන්නේ කවදාද?
"All matter is merely energy condensed to a slow vibration. We are all one consciousness experiencing itself subjectively. There is no such thing as death, life is a dream, and we're the imagination of ourselves."
අසන්න මේවාත්
The illusion of Reality - Consciousness & Quantum Physics: http://www.youtube.com/watch?v=CRkDicwjRQs
Quantum Physics-Does reality exists:
http://www.youtube.com/watch?v=SRjKrVtx8KA

කාලයකට ඉහතදී ගොඩක් කියවපු මාතෘකාවක්.
ReplyDeleteඔය ත්‍රිමාන අවකාශය තුල, කාලයට අනුව ගලායන ජීවිතයෙන් මොහොතකට හරි ඉවත් වෙලා වෙන කාල සීමාවකට පිම්මක් පැනගන්ට පුලුවන් නම් කියලා හැමදාම වගේ හිතිලා තියනවා.:D
අපි හිතුවත් අපි ජීවත් වෙන්නෙ ත්‍රිමාන අවකාශයක කියල ඇත්තටම අපි ජීවත්වෙන්නෙ බහුමාන අවකාශයක. දැනට අපිට යන්තමින් තේරුම් ගන්න හැකි වෙලා තියෙන්නෙ කාලයත් ඇතුලු සිව්මානය පමණයි. ඒ මට හිතෙන හැටි.
Deleteමැණික්
පසිඳුරන්ට නොගැටෙන මානයන් තුල සිතට සැරිසරන්න හැකියාව ඇත යන්න මමත් විශ්වාස කරමි. නමුදු ඒ මානයන් සතුටුදායක වේද නැතහොත් තවත් සංකිර්ණ වේදැයි සැකයක් තිබේ..
ReplyDelete"ඒ මානයන් සතුටුදායක වේද නැතහොත් තවත් සංකිර්ණ වේදැයි සැකයක් තිබේ." සතුටුදායක බව හෝ අසතුටුදායක බව තෝරා ගනු ලබන්නේ අප විසින්මය. ස්තුතියි
Deleteමැණික්
මේ ගැන නම් මාත් ගොඩක් ආසයි කියවන්න..
ReplyDeleteඒක හොඳයි. නිව්ටෝනියානු භෞතික විද්‍යාව අනුව දැන් සමහරදේ ගැන පැහැදිලි කිරීම් කරන්න නොහැකිවී තියෙනවා. ඒ නිසා භෞතික විද්‍යාව කලක් පසෙකට වීසි කර තිබුන ක්වොන්ටම් අර්ථදැක්වීම් භාවිතා කරන්නට පටන් ගෙන තිබෙනවා.
Deleteස්තුතියි
මැණික්
ලෝකයේ දැනට මානයන් කීයක් තියෙනවද?මං මේ ලගදී දැක්කා මාන 13ක් ගැන
ReplyDeleteඅපිට යන්තමින් තේරුම් ගන්න හැකි වෙලා තියෙන්නෙ කාලයත් ඇතුලු සිව්මානය පමණක් වුවත් ලෝකය බහුමාන බවයි පෙනෙන්නේ. මාන 13 ගැන මම දන්නෙ නැහැ.
Deleteස්තුතියි
මැණික්
මේ වීඩියෝව හුග කාලෙකට කලින් සිංගප්පූරුවෙන් ලැබුනා. පිරමීඩයක් තුල තමයි මෙය හරියටම බලපාන්නෙ කියල තමයි දන්නෙ. භාවනාවට මේ දැනුම හරිම ප්‍රයෝජනයි. ඉතිරියත් විස්තරයක් ලස දාන්න පුලුවන් නම් හොඳයි.
ReplyDeleteමෙයට පිරමිඩ සම්බන්ධ වන්නේ කොහොමද කියල නම් මම දන්නෙ නැහැ. මමත් තවම මේ ගැන කියවමින් සොයමින් ඉන්නේ.
Deleteස්තුතියි
මැණික්
මම භාවානා වැඩමුලු කීපයකට සම්බන්ධවුණා පහුගිය කාලයේ එහිදී කියූ දෙයක් තමයි මිනිසුන්ගේ 'චක්‍ර" අවදි කිරීම ඒක භාවනාවෙන් අවදි කරන්න පුළුවන්. ඒ නිසා එහෙම චක්‍ර අවධි කලොත් පෙර සහ මතු සම්බන්ධතා දැනගත හැකියි.
ReplyDeleteඅප විද්‍යාව ලෙස උගත් නිව්ටෝනියානු භෞතික විද්‍යාව අනුව දැන් සමහරදේ ගැන පැහැදිලි කිරීම් කරන්න නොහැකිවී තියෙනවා. ඒ නිසා භෞතික විද්‍යාව කලක් පසෙකට වීසි කර තිබුන ක්වොන්ටම් අර්ථදැක්වීම් යොදා ගනිමින් සියලු භෞතිකදේ ඉතා සෙමින් ස්පන්දනය වන ශක්ති සමූහ බව පවසනවා. මෙම ශක්තීන් එකිනෙකට සම්බන්ධයි. එනම් අපි ඇතුලු සියලු භෞතිකදේ සියල්ලම ඒකීයව පැතිරුන එක් ශක්තියක වෙන් වෙන් කොටස්. බුදු දහමේ කියවෙනදේ වඩ වඩාත් ස්ථිර වෙමින් පවතිනවා. අපූරුයි නේද?
Deleteස්තුතියි
මැණික්