ඔහු බොහෝ දුර බැහැර සිට තාපස තුමා හමුවීමට පැමිණ සිටියි.වෙහෙසත් සිතේ පවතින නොසන්සුන් කමත් නිසා මුහුන මලානිකය. තවුසා දෙ ඇස් ඇර ඔහු දෙස කරුනාවෙන් බලා සිටියි.
"දරුව, කුමක් නිසා තොප මෙහි පැමිනියෙහිද?"
"තාපස තුමනි, මම බොහෝ සිත් වේදනාවෙන් යුතුව ඔබ සොයා පැමිනියෙමි. සම්මත ලෝකයේ ඇති නොයෙක් විප්‍රකාර බැඳුම් සහ වගකීම් නිසා මම පීඩාවට පත්ව සිටිමි. මේ සියළු දේ මට සිර ගෙවල් සේ දැනේ. මට මේ සියල්ලෙන්ම මිදීමට අවශ්‍යයය."
තාපසතුමා සිනා පහල කරයි.
"ඉතින් ඔබ සියල්ල හැර දමා මේ වන පියසට පැමිනියේය. ඔබ සිතා සිටින්නේ දැන් ඔබ මේ සියල්ලෙන් නිදහස් කියාද?"
"නැත, තාපසතුමනි, ඔබතුමා මෙන් වනගතව තවුස් දම් රකිමින් ඔබ සිටිනා පරමාර්ථ ලෝකයට ඇතුලත්ව එහි සුව විඳුමට මමද කැමැත්තෙමි."
තාපසතුමා මදක් නිශ්ශබ්දව සිටී.
"ඔබ ඊට තවමත් සුදුසු නැත. මෙම වන පියසේද ඊට අදාල නීති රීති මෙන්ම, තවුස්දම් පුරනු සඳහා කලයුතු වත් පිලිවෙත් ඇත. සම්මත ලෝකයේ පවතින නීති රීති වලට අනුගතව පැවතීම ඔබට මහත් හිරිහැරයක් වූවා සේම මෙම නීති රීතිද ඔබට ගෙන එනු ඇත්තේ විඩාවකි. එහෙයින් ඔබ මේ ජීවිතයට සුදුසු නොවේ. සම්මත ලෝකයේ පැවැත්මට එම නීති රීති අවශ්‍යයය. එම නීති වලට අනුගත වීම හෝ නොවීම තුල කර්ම සහ පින් පව් සිදුවේ. එබැවින් ඔබ කල යුත්තේ ඒවාට ගරු කරමින් ඔබට අයත් ජීවිත භූමිකාව නිසි පරිදි ඉටු කරමින් ඔබේම සිත තුල ඔබ ගොඩ නැගූ සිර මැදිරි වලින් නිදහස් වීමය. ඔබේ සිත තුලින් එම බැඳීම් නිදහස් වනවිට ඔබ සොයන පරමාර්ථ ලෝකයට පිවිසීමට ඔබට හැකිවනු ඇත. එහෙත් අමතක නොකරන්න. අප ජීවත්ව සිටිනා තාක් මෙම සම්මත ලෝකයේ පිළිවෙත් වලට අප ගරු කල යුතු බව. හේතුව එය ලෝකයේ යහ පැවැත්මට අතිශයින් අවශ්‍ය සාධකයක් වන නිසාය.".
තාපසතුමා නැවතත් භාවනාවට අවතීර්න විය. ඔහු ආපසු හැරී සෙමෙන් සෙමෙන් ගමන් කරන්නට විය.

අගේ ඇති කතාවක්.
ReplyDeleteවිෂය ලෝකය දුකෙහි උල්පතයි. එහෙත් එය එසේ යැයි දැණුනු පමණින් එය ඉක්මවා යා නොහැක. සියල්ලෙන් අත්මිදීම කැළයකට පැන යාමෙන්ම කල නොහැක. වසර දහස් ගණනක මතකයන් පුරුදු සහිත මනස කැළය තුලදී වුව එසේම ක්‍රියා කරනු ඇත. දුක වටහා ගැනීම දුක අත්දැකීමෙන් කල යුතුය. තමාගෙන් පලා යාමේ අවකාශ තිබිය නොහැක.
එහෙත් සම්මත ලෝකයේ පිළිවෙත් ගරු කල පමණින් එය සැබෑ ජීවිතය ලෙස ගැනීම අවැඩක්ම වනු ඇත.
"වනය පමන ද සුන්දර
ReplyDeleteනැද්ද නගරය සුන්දර
නොයමි වන වාසයට ධ්‍යානයට
බස් රිය දුම්රිය වැඩපොලෙහි
විශ්ව විද්‍යාලයෙහි
නගරයෙහි
මහ මැඳුරු සඳලුතල වසා ගෙන
ගන කැලෑවැවී ඇත
මෝහ අඳුරින් පිරුණ
රාග උල්පත් ගලන
ඊර්ෂ්‍යා මද මාන කටු කොහොල්
කෙලෙස් මහා වල් නැගෙන
හද සිත් මහා ගල් ගහන
සීතල රහස් අවි ගෙන
උනුන් මරමින් හැසිරෙන
ගසා කන සූරා කන
චංඩ වන මුර්ග කැලන් සැරිසරන...
එසේ වුව
උතුම් බෝසත් ගුණ ගණ
රැදී පවතින්නේද මෙහිමය
කෙලෙස් කසල කිලුට තුලම
ඇත නිකෙලෙස් ගුණ නිකසල
"දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ"
උපුටා ගැනීම
මහගම සේකරයන්ගේ
ප්‍රබුද්ධ
පිටු 30-31
ඇත්ත විහඟ, ධ්‍යානයට වන වාසයට යායුතු නැහැ. මම ලියල තියෙන්නෙත් ඒකම තමයි. ලෝකය පවතින්නේ අප සිටින තැන නොව අපේම සිත තුලයි. ඒත් ඒක හුඟ දෙනෙකුට වැටහෙන්නේ නැහැ.
ReplyDelete