Tuesday, August 31, 2010
"පුතු අහිමි පිය සෙනේ"
දුක් කම්කටොළු බාධකයන් ගැන නොදොඩා
සිප සනසමින් මාගේ උකුලටද වඩා
ආදරයෙන් හැදුවෙ මගෙ නෙත් දෙකට වඩා
ඔබගේ වියෝවෙන් අද වැලපෙන්නෙ හඬා
ඔබ වෙනුවෙන් මගේ ගත දහඩිය හැළුවා
ලොකු මිනිසෙකු කරන්නට සරසවි යැවුවා
රුදු වෙස් ගත් දනන් හද වෛරය පිරුවා
මිතුරන් ලෙසින් ආ සතුරා මරු මැව්වා
ඔබ දිනු දින රජෙක් වූයෙමි රටක් ලද
ජීවන මගට පෑයූවා අළුත් හඳ
මෝරා ගෙන එද්දි ගුන මකු දනන් හිඳ
ගිල ගත්තා වැනිය රාහූ සුපුන් සඳ
අගයක් නොදන්නා මිනිසුන් රැසක් මැද
දියමන්තියක් වූවත් ඉන් පලක් වෙද
දියමන්තිය ඔබයි පුතුනේ මගේ හද
වටිනා කම දනීවිද රුපු දනන් අද
ආදරයෙන් මට අප්පච්චීය කියා
අත්දෙක එකතු කර දෙපයේ සිරස තියා
කිසිදින මරනයට මා බය නැතිය කියා
පොඩි පුතු එදා මා හැරදා යන්න ගියා
සීතල සුලඟ වැද ගස් වල මල් නැටුව
රුධිරය ගලා ඔබෙ සිරුරෙන් එහි මුසුව
සුවඳයි දැනෙන්නේ පුතුනේ ඔබ නැතිව
සැනසෙමි කෙලෙස යලි ඉතිනේ මා මෙලොව
යුක්තිය ඉදිරියේ එඩිතර හිස නැමුවා
අයුක්තියට එරෙහිව ඔබ හඬ නැගුවා
ඒ විරු හඬට තැති ගත් අය ඔබ නැසුවා
එනමුත් පුතේ ඔබෙ නම නොනසයි මරුවා
කවදා කොතැනකදි හෝ යලි හමු වේවා
ඒ භවයෙදිත් ඔබ මාගෙම පුතු වේවා
විමුක්තියේ ජය මාවත අත් වේවා
අවසන කෙලෙස් දුරු කර ඔබ බුදුවේවා
Monday, August 30, 2010
"ගංගාවෙන් ජීවිතයට"
ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලට පරිවර්තනය කරන ලද තිව් ඤතාන් යතිවරයාණන් ලියූ La Serenite De L'instant නම් ග්‍රන්ථය මණ්ඩාවල පඤ්ඤාවංස හිමිපාණන් විසින් "සංහිඳියාව කරා පියවරක්" ලෙස සිංහලයට පරිවර්තනය කොට ඇත. මෙම පොත සරල බසින් ලියවී තිබුණද එහි අදහස් ගැඹුරු හා දාර්ශනික නැඹුරුවකින් යුක්තය. එමෙන්ම වචනයෙන් දෙන අර්ථයට වැඩි භාවාර්ථයක් අන්තර්ගතය. සුන්දර කවියක් සේ රචිත පහත සදහන් කථාවෙන් (පිටු 121 - 122) ජීවිතය පිළිබඳ ඉතා ගැඹුරු දර්ශනයක් දෙනු ලබන බව ඔබටද පැහැදිලි වනු ඇත.
"එකෝමත් එක කාලයක කඳුවැටි, වනාන්තර හා තණබිම් හරහා ගලාගෙන ගියාවූ සුන්දර ගංගාවක් වූවාය. ඕ තම ගමන ආරම්භ කළේ ආහ්ලාදයෙන් පිරීගිය ජලධාරාවක් වශයෙනි. එම සන්තුෂ්ටිය ප්‍රකට කරනු වස් ඕ කඳු වැටි පහළට බැසගෙන එද්දී නිරන්තරයෙන් ගී ගයමින් රංගනයේ යෙදුනාය. එම අවස්ථාවේ ඕ ඉතා ළාබාල එකියක් වූවාය. ඈ පහත් බිම් කරා පැමිණෙද්දී තම ගමනේ වේගය බාල කළාය. ඇගේ පැතුම වූයේ සාගරය කරා ගලා යාමය. එම ගමනේදී ඕ වැඩුණාය. කඳුවැටි අතරින් සහ තණබිම් හරහා ඇදවෙමින් මනහර ආකාරයෙන් ගලා යමින් ඕ සුන්දර වන්නේ කෙසේදැයි ඉගෙන ගත්තාය.
එසේ ගමන් කරද්දී ඕ එක් දිනක තම සිරුර මතවූ වළාවක් දුටුවාය. එය සියලු වර්ණ සහ ආකාරයන්ගෙන් යුක්ත වලාවක් විය. එම දින ඈ ගත කළේ එම වළාව පසුපස දුව යෑම සඳහාය. ඇගේ අරමුණ වූයේ ඈටම වළාවක් අයිති කර ගැනීමය. එහෙත් වළාවෝ අහසේ පාවෙමින් ඇවිදිමින් සිටියෝය. ඔවුහු නිරන්තරයෙන් තම ස්වරූපය වෙනස් කරමින් සිටියෝය. වළාවන් තුළවූ අනිත්‍ය ස්වභාවය හේතු කොට ගෙන, ගංගා තොමෝ අනන්තවත් දුකට, වේදනාවට පත් වූවාය.
එක් දිනක් මහා සුළි සුළඟක් හමා ගෙන විත් ඈට ඉහළින් අහසේ පාවෙමින් තිබුණු සියලු වළාපටලයන් පලවා හැරියේය. අහස මුළුමනින්ම හිස් බවට පත්වූයේය. ගංගාවට පසුපස යාමට වළාවක් නොපැවති බැවින් තව දුරටත් ජීවත්වීමෙන් පලක් නොවෙතියි සිතන්නට වූවාය. ඈට මිය යන්නට ඕනෑ විය.
එදින රාත්‍රියේ පළමුවැනි වතාවට ගංගාවට තමා කරා යාමට අවස්ථාවක් ලැබුණේය. එතරම් දිගු කාලයක් තිස්සේ ඈ තමන්ගෙන් පිටස්තරවූ දෙයක් පසු පස හඹා යමින් සිටියාය. ඈට ඈ සැබෑ ලෙස දකින්නට කිසිදාක අවස්ථාවක් ලැබී නොතිබුණි. පළමුවැනි වතාවට එම රාත්‍රියේ ඈට තමාගේම හැඬීමට සවන්දීමට අවස්ථාව ලැබුණි. එනම්, ගංගාවේ ඉවුරුවල තම ජලය හැපෙන හඬය. ඇගේම හඬට කන් දීමට පුළුවන් වූ බැවින් ඈට ඉතා වැදගත් වූ දෙයක් සොයා ගන්නට හැකි විය.
ඈ ලබා ගැනීමට දිවගිය දේ තමා තුළම පවතින බව ඕ අවබෝධ කර ගත්තාය. වළාවන් යනු වෙන කිසිවක් නොව ජලයම බව ඕ වටහා ගත්තාය. වළාවන් ජලයෙන් උපදින්නේය. නැවත වතුර කරා ආපසු එන්නේය. ඈ ඈත් ජලයම වන බව වටහා ගත්තාය.
පසු දින සූර්යයා අහසේ බබළන්නට පටන් ගත් සැනින්ම, ඕ පළමුවන වතාවට නිල් අහස දුටුවාය. ඊට කලින් කිසිම දාක ඈ එය දැක නොතිබුණි. ඈ උනන්දුවෙමින් සිටියේ වළාවන් පිළිබඳව පමණය. එහෙයින්ම ඈට සියලු වළාවන්ගේ නිවාසය වන අවකාශය දැක ගැනීමේ අවස්ථාව නොලැබී ගියේය. වළාවෝ අනිත්‍ය වෙති. එහෙත් අහස එකසේම පවතී. ආරම්භයේ පටන්ම අනන්තවූ අවකාශය ඇගේ හදවත තුළ පැවති බව ඕ වටහා ගත්තාය. එම ශ්‍රේෂ්ඨ දැකීම හේතුකොට ගෙන ඈ තුළ සාමය සහ සන්තුෂ්ටිය පහළ විය. අනන්ත වූ නිල් අහස දකිද්දී, ඇගේ සාමය සහ සංහිඳියාව නැවත කිසි දිනක ඈ අතහැර නොයන බව ඕ වටහා ගත්තාය.
එදින සන්ධ්‍යා භාගයේ පලවා හරින ලද වළාවෝ නැවත ආපසු පැමිණියෝය. එහෙත් මෙවර එයින් එකක්වත් අයිති කර ගැනීමේ ආශාවක් ඈ තුළ නූපන්නේය. ඈට හැම වළාවකම සෞන්දර්යය දැක හඳුනා ගන්නට පුළුවන් විය. ඈ ඒ සියල්ලම ආදරයෙන් පිළිගන්නට සමත් වූවාය. වළාවක් ඈ කරා පැමිණි කල, ඕ එයට කරුණා මෛත්‍රියෙන් පිරි හදින් ආශිර්වාද කළාය. එම වළාවට ඉවත යන්නට ඕනෑවූ කල්හි, ඈ ඉතා සතුටින් එම වළාව වෙත තම සුබ පැතුම් පිරිනැමුවාය. සියලුම වළාවන් තමාම වන බව ඕ වටහා ගත්තාය. ඈ සහ වළාවන් අතර වෙනසක් ඕ නොදුටුවාය. ඈ සහ වළාවන් අතර සාමය සහ සංහිඳියාව පැවතියේය."

Thursday, August 26, 2010
අතීතයෙන් ආ සුවඳ
දෙතොලින් ගලා ගිය සුවබර ගී නාදේ
හදවත කොනේ තවමත් පෙර මෙන් විහිදේ
ලංවිය නොහැක සිහිනෙකි අප කල කීදේ
සුදු ඔබ වෙරළ මම වෙමි සිතිජය මුහුදේ
හදවත කොනේ තවමත් පෙර මෙන් විහිදේ
ලංවිය නොහැක සිහිනෙකි අප කල කීදේ
සුදු ඔබ වෙරළ මම වෙමි සිතිජය මුහුදේ
ඔබ මා ලඟ සිටින විට මුදු සිනහ පපා
ආදර හැඟුම් පිබිදෙයි සිත හඬනු එපා
සොඳුරිය හලන විට මුතු පිනි කඳුළු අපා
මට බැහැ ඉන්න පිටුපා පසු තැවෙන්නෙපා
අත්වැල් බැඳන් ජීවන ගමනේ එන්නම්
හැකි හැම ලෙසින් ඔබෙ සතුටට කැප වෙන්නම්
හද බැඳි කුමරියක් ඇති බව සලකන්නම්
ඔබ හට සදා සුව සහනය සලසන්නම්
හැකි හැම ලෙසින් ඔබෙ සතුටට කැප වෙන්නම්
හද බැඳි කුමරියක් ඇති බව සලකන්නම්
ඔබ හට සදා සුව සහනය සලසන්නම්
නිළුපුල් දෙනෙත් සැනෙකින් රතුවට හැරුනා
දෙකොපුල් ඔබේ සුදුමැලි වනසේ පෙනුනා
සිරුරම මගේ සීතල වී හිරි වැටුනා
ඔබගෙන් එදා වෙන් වන්නට දුක හිතුනා
Thursday, August 19, 2010
"නොදනිමි"
සඳ එලියේ සීතලේ
මතක ඇහිඳිනා
සඳ සාවිය දෝ.... මා
තනිව වැලපෙනා
ඉර මල යට ගිම්හානේ
නියඟින් දැවෙනා
ඉර ගිරවිය දෝ .... මා
අතර මං වෙනා
පිනි සැලෙනා හිමිදිරියේ
සිසිලස සොයනා
සඳ කිඳුරී දෝ ..... මා
සුළඟ සම වෙනා
මතක ඇහිඳිනා
සඳ සාවිය දෝ.... මා
තනිව වැලපෙනා
ඉර මල යට ගිම්හානේ
නියඟින් දැවෙනා
ඉර ගිරවිය දෝ .... මා
අතර මං වෙනා
පිනි සැලෙනා හිමිදිරියේ
සිසිලස සොයනා
සඳ කිඳුරී දෝ ..... මා
සුළඟ සම වෙනා
Wednesday, August 11, 2010
"එක්ව හිනැහෙමු"
දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන සරෝජා ගීය ආයෙමත් ඊයෙ මගේ දෙසවනට පාවෙලා ආවා. මේ ගීයත් එක්ක තියන මගේ නොමැකෙන සම්බන්ධය ගැන මීට පෙරත් මම ලියා තියෙනවා. හැමදාම වගේ ඊයෙත් පුරුදු විදියට ගීයේ අවසානය මගේ ඇසට කඳුලක් එක් කළා. වෙඩි හඬට අකුරු ඇදවී හඬන සරෝජලා දැන් අපට දකින්න නොලැබීම ගැන සතුටු වෙන්න පුළුවන්. ඒත් ....... ඒ සරෝජලාගේ ඇස්වල කඳුළු සැබැවින්ම වියලී සිනාවක් දකින්න තරම් තවමත් අපි වාසනාවන්ත නැහැ නේද කියලා මට හිතෙනවා. ජාති ආගම් කුල මල වලින් මිදී එකම මනුෂ්‍ය ජාතියක් ලෙස සරෝජලාටත් අපටත් අත්වැල් බැඳ එකට සිනාසිය හැකි දවසක් ඉක්මනින් එනවා නම් ...!!!
මා තොටින් එන උතුරු සුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුලු හංගන - සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි - මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ - ඒත් අපි එක පංතියේ
කරවටේ අත දමා හිනැහුන කෝ නුඹේ පොඩි යාලුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්
මංදිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවා ගන්නට දුවේ ඩිංගක් හිනැහියන්
(ගායනය : විශාරද දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය)
මෙතනින් අහන්න
Tuesday, August 10, 2010
"ප්‍රහේලිකාව"
සීගිරි කුරුටු ගීයක්
වගේ යැයි ඔබ සිතමින්
කියවා ගනු පිණිස
අනේ වෙහෙසුන තරමක්
අනුරපුර ඉපැරණි
සෙල් ලිපියකැයි සිතමින්
එහි අරුත් සොයනට
කලෙමි නොතරම් වෙහෙසක්
ගැට පද විවරනය
ඇසුරු කොට විසඳන්නට
තුන් තේරවිල්ලක්
වුනිද ?... නැත ඔබ එහෙමත්
ඒ කිසිවක්ම නොව
ඊටත් ගැඹුරු පැටලිලි
දිනෙන් දින පෙන්වන
දකිමි ඔබ මෙලෙසින් මම
හරස් පදයකි ඔබ
නෙක නෙක අරුත් ගෙන දෙන
ඉතින් කෙලෙසින් මා
ඔබව තේරුම් ගන්නද
වගේ යැයි ඔබ සිතමින්
කියවා ගනු පිණිස
අනේ වෙහෙසුන තරමක්
අනුරපුර ඉපැරණි
සෙල් ලිපියකැයි සිතමින්
එහි අරුත් සොයනට
කලෙමි නොතරම් වෙහෙසක්
ගැට පද විවරනය
ඇසුරු කොට විසඳන්නට
තුන් තේරවිල්ලක්
වුනිද ?... නැත ඔබ එහෙමත්
ඒ කිසිවක්ම නොව
ඊටත් ගැඹුරු පැටලිලි
දිනෙන් දින පෙන්වන
දකිමි ඔබ මෙලෙසින් මම
හරස් පදයකි ඔබ
නෙක නෙක අරුත් ගෙන දෙන
ඉතින් කෙලෙසින් මා
ඔබව තේරුම් ගන්නද
Thursday, August 5, 2010
"අප්පච්චී"
පාන්දරින් පිබිදී ගෙන පිරිත් කියන ඔබේ හඬට
බෝධිය ලඟ පූජා විධි කරන ඔබේ නිමල සිතට
තිස්තුන් කෝටියක් දුවේ පිහිටයි දෙවි කියන හඬට
හැමදාමත් අප්පච්චී කඳුළු ආව මගේ ඇසට
රිලා රෑන එහෙන් මෙහෙන් එබිකම් කරනව දුටුවද
ඔබේ අතින් හැදුනු බෝග වනසන විට දුක හිතුනද
හිතේ දිරිය අහස උසට දරුවන් වෙනුවෙන් නොවේද
ඒ දරුවන් අප්පච්චී ඔබ අමතක කර යාවිද
හේනෙ පැලට නියර දිගේ ආවේ මම අප්පච්චී
ඔබේ පැරණි ගමේ කතා අහගන්නයි අප්පච්චී
ඔබේ දුවම නූනත් මම ඊට මොකෝ අප්පච්චී
ලේලියෙකුට දුවක් වෙන්න බැරි නැහැනේ අප්පච්චී
Wednesday, August 4, 2010
"සර්ට උදව්වක්"
මේ දවස් වල නගරයේ ඉස්කෝලයේ උගන්වන වීරසේන සර්ට ලොකු ප්‍රශ්නයක්. වීරසේන සර් හුඟක් කැපවෙලා තමන් දන්න හැම ක්‍රමවේදයක්ම යොදාගෙන උගන්වන කෙනෙක්. හැම පාඩමක් අවසානයේම ළමයින්ගෙන් තේරුනාද ඇහුවම හැම කෙනෙක්ම ඔලුව හොලවනවා. ප්‍රශ්න තියනවද ඇහුවම පංතියේ ඉන්න දක්ෂ ළමයින්ගෙන් කෙනෙක් දෙන්නෙක් ඉඳහිට ප්‍රශ්නයක් අහනවා. ඉතින් හැමදාම වීරසේන සර් හිතනවා
"ආ.. එහෙම නම් ප්‍රශ්නයක් නෑ පාඩම හොඳට ළමයින්ට තේරිලා ඇති" කියලා.
ඒත් වාරවසාන විභාගයේදී පිළිතුරු පත්‍ර බලන කොට තමයි වීරසේන සර් කලකිරෙන්නේ. සමහර ළමයි ඉන්නවා කියලා දුන්න සමහර පුංචි දේවත් තේරුම් නොගත්. ඊලග අවුරුද්දේ ඉතින් වීරසේන සර් වෙන විධි ක්‍රම හොයනවා ළමයින්ට උගන්වන්න. ඒත් අවසාන ප්‍රථිපලය ඒකමයි. ලඟදි දවසක වීරසේන සර් ගමේ ගිය වෙලාවක එයාට මුනගැහුනා විශ්‍රාම සුවයෙන් ඉන්න ගමේ ලොකු ඉස්කෝල මහත්තයා. බොහොම හිත් අමාරුවෙන් වීරසේන සර් මේ ප්රශ්නය ලොකු ඉස්කෝල මහත්තයට කිව්වා. ඉතින් ලොකු ඉස්කෝල මහත්තයා කිව්වේ මේ ටික.
" මහත්තයෝ, උගන්නන්න කලින් ළමයි ටික අඳුනගන්න. එතකොට මහත්තයට තේරෙයි ළමයි කොට්ටාස හතරක් ඉන්න බව. එක කොටසක් හංසයෝ වගේ. ඒ අය ඉන්නේ ටික දෙනෙක් උනත් ඒ අය ගැන මහත්තයා වැඩිය නොහිතුවට කමක් නැහැ. මොකද... හංසයෝ ඉතින් දියෙන් කිරි වෙන් කර ගන්නවා වගේ මහත්තයා උගන්වන දේ සාරය උරාගන්න දන්නවා. ඒ දක්ෂ දරුවන්ට මහත්තයා පොඩි මග පෙන්වීමක් කලාම ඇති.
තව කොටසක් ඉන්නවා මහත්තයෝ ගිරව් වගේ. මහත්තයා කියන කියන දේ පුනරුච්චාරනය කරනවා මිසක් ඒකෙ සාරය උරාගන්න දන්නේ නැහැ. ඉතින් මහත්තයට සිද්ද වෙනවා මේ ගිරව් ටික හංසයෝ කරන්න.
ඊලඟ කොටස මහත්තයෝ.. වතුර වත් කලාට රඳන්නේ නැති හිල් උන කළගෙඩි වගෙයි. මහත්තයා අඩුම තරමින් මේ කළගෙඩි ටික පාස්ස ගන්න වත් බලන්න.
අන්තිම කොටසට මොකද කරන්නේ කියන එක ගැන මහත්තයාම තීරණය කරන්න. මොකද ඒ අය තේ පෙරන වගෙයි. හැම වෙලේම රොඩු ටික ඉතිරි කරගෙන හොඳ හරිය පෙරලා අරිනවා."
ඕක තමයි ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ උපදේසෙ. ඉතින් වීරසේන සර් මේ දවස් වල අහස පොළොව ගැට ගගහ කල්පනා කරනවා අන්තිමට කිව්ව තුන් කොට්ටාසයම හංසයෝ කර ගන්නෙ කොහොමද කියලා. මොකද.. ඒකනේ සිදුකරගන්න ඕනේ හොඳම දේ. අනේ ඉතින් කාට හරි පුලුවන් නම් වීරසේන සර්ට උදව්වක් කරන්න.

Subscribe to:
Posts (Atom)