-->

Wednesday, May 12, 2010

ඉගිල්ලෙන්නට දෙන්න

කිරිල්ලක් වගේ මට
පියඹන්න ඉඩ දෙන්න
ඔබේ ආදරෙන් මා
අනේ බැඳ නොදමන්න

ගඟුලැල්ල වගේ මට
ගලන්නට ඉඩ දෙන්න
කඩුල්ලක් දමා මා
අනේ සිර නොකරන්න

අනන්තවු විශ්වයේ
පැතිරෙන්න ඉඩදෙන්න
ඔබේ සිර කූඩුවට
එපා කො‍ටු කරලන්න

සුළඟක්ව ලොවේ සිත්
සනසන්න ඉඩදෙන්න
ඉතින් ඔය බැමි මගෙන්
ඉවත අරගෙන යන්න

5 comments:

  1. සිදුවිය යුත්තේ එයයි. සැබෑ ආදරය නම් හිමි කරගැනීමේ ආශාව නොවේ.
    ආදරය යනු අනන්ත නිදහසයි.
    ගොඩාක් ලස්සන වචන යොදාගෙන ලියල තියෙන නිසා සුන්දර පද පෙලක් වෙලා.

    ReplyDelete
  2. ආදරේ කරන අය ගොඩක් දෙනෙක්ගෙන් වෙන වැරැද්දක් තමයි මේ. එකිනෙකා ගැන හොද් අවබෝදයක් තියෙනවනම් මේ වගේ ගැටළු මතු වෙන්න ඉඩක් නෑ.

    ReplyDelete
  3. ලස්සනම ලස්සන පද පෙලක්.සිතට ඉක්මනිම තෙරුම් යන විදිහට බොහොම සරලව ලියලා තියෙනවා...

    ReplyDelete
  4. ඉගිලෙන්න ..ඉගිලෙන්න....
    හැකි තාක් ඉගිලෙන්න....
    පියාපත් රිදුන දා
    මෙහෙ ඇවිත් නවතින්න

    බැස යන්න ගඟක් සේ
    විසල් කිලි කුණු ඇරන්
    කඩුල්ලත් පැන්න දා
    මෙහෙ ඇවිත් නවතින්න

    පැතිරෙන්න විශවයේ
    අනන්තවූ ඉම් සොයා
    අග මුලක් නොදු‍ටුදා
    මෙහෙ ඇවිත් නවතින්න

    සුලඟක්ව ඔබ යන්න
    සුලඟක්ව ඔබ එන්න
    මගේ සුළං පොදක්වත්
    නුඹට බැහ අල්ලන්න

    ReplyDelete
  5. මැණික්(සුළඟ)May 13, 2010 at 8:06 AM

    ස්තුතියි හැමෝටම. ඇත්ත "ආදරය යනු අනන්ත නිදහසයි". ඒ නිදහස වියැකී යනවිට ආදරයද සෙමෙන් වියැකී යනු ඇත. සරල විදියට ලියන්න මම ආසයි.
    විහඟ, හැමදාම ඔයා කවියට කවිය ලියනවනේ. ඔයාගෙ කවියත් ලස්සනයි. ඒත් ඔහොම නපුරෙක් වෙන්න එපා.

    ReplyDelete