-->

Friday, December 21, 2012

"මිහිමව ‍රැකේවිද?"

අද ලෝකෙ විනාශ වෙනවලු. එහෙම වෙයිද? පසුගිය දිනවල සිදුවුන ස්වභාවික විපත් නිසා වැඩි දෙනෙක් ඒ කියමන සත්‍යයක් වන බව ටිකෙන් ටික විශ්වාස කරන්න පටන් ගත්තා. ස්වභාවික විපත් ....!! ඔව් ඒ දේවල් වැඩි ප්‍රමාණයක් මිනිසා විසින්ම සිදු කළ දේවල ප්‍රතිවිපාක. මේ නිසා අද නොවුනත් ටිකෙන් ටික අපිටත් නොදැනිම  ඇත්තටම ලෝකය විනාශ වෙන්න පටන් ගත්තෙ බොහෝ කලකට පෙර සිට. මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථිවිය උනුසුම් වීමේ ප්‍රතිපල අපි දැන් ටිකෙන් ටික අත් විඳිනවා. පෘථිවිය උනුසුම් වෙන්නෙ කොහොමද?

ගෝලිය උණුසුම ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු දෙකක් සඳහන් වෙනවා.
1. හරිතාගාර බලපෑම (Green House Effect (GHE)
2. සූර්ය විචලනය (Solar Variations)

1.  හරිතාගාර බලපෑම (Green House Effect (GHE) යනු කුමක්ද? සුර්යාගෙන් නිකුත් වන තාප විකිරණ, වායුගෝලීය හරිතාගාර වායූන් (කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, ඕසෝන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි) මගින් අවශෝෂණය කරන අතර ඉන් කොටසක් පමණක් නැවත විකිරණය කෙරෙනු ලබනවා. 
පෘථිවි පෘෂ්ඨය සහ පහල ස්ථරයේ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට බලපාන්නේ මෙසේ හරිතාගාර වායූන් මගින් රඳවා ගන්නා තාපයයි. හරිතාගාර වායූන්ගේ අනුක්‍රමික වැඩිවීම නිසා ක්‍රමයෙන් අපේ පෘථිවියේ උනුසුම ඉහල යනවා.
හරිතාගාර වායු විමෝචනයේ වැඩිවීම මෙන්ම වනාන්තර විනාශයද හරිතාගාර බලපෑම වැඩිවීමේ ප්‍රධාන සාධක වේ.
කාබන් පොසිල දහනය වසරින් වසර වැඩිවීම ප්‍රධාන වශයෙන් හරිතාගාර වායු විමෝචනයේ වැඩිවීමට බලපායි. පොසිල ඉන්ධන ( විශේෂයෙන් පෙට්‍රෝලියම් සහ ගල් අගුරු) දහනයේදි, කාබන්ඩයොක්සයිඩ් එක් අතුරු ඵලයක් ලෙස පිටවේ. වසර 2003 දී කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය, 1800 අග භාගයේදී  ඇරඹුන කාර්මික විප්ලවයට පෙර පැවති ප්‍රමානයට වඩා 50%  වැඩිවීමක් පෙන්නුම් කෙරේ.  පොසිල ඉන්ධන දහනය නියමාකාරයෙන් ඇරඹුනේ කාර්මික විප්ලවයෙන් පසුව බව මෙහිදී අවධානය යොමුකල යුතුය.
(http://timeforchange.org/cause-and-effect-for-global-warming)
ගෝලිය උණුසුම නැංවීමට වනාන්තර විනාශයද පළමුපෙල සාධකයක් වන අතර 2000-2005 කාලය තුල ආශ්චර්යමත් ලෙස එහි ශ්‍රී ලංකාව සිටින්නේ පෙරමුනෙහිය.
http://news.mongabay.com/2005/1115-forests.html

2.  සූර්ය විචලනය (Solar Variations) ඊටම අයත් ස්වභාවික ක්‍රියාවලියකි. සූර්ය ක්‍රියාකාරිත්වය වැඩි වීම සහ එහි චුම්බක ක්‍රියාකාරිත්වය වැඩි වීම  වළාකුලු ඝනීභවනය වීම කෙරෙහි බලපාන අතර එය දේශගුණ විපර්යාස හටගැන්මටද මූලිකවවේ.
(http://www.globalwarmingart.com/wiki/File:Solar_Cycle_Variations_png)

ගෝලීය උණුසුම වැඩි වීමෙන් කවරක් සිදුවේද?
1. ග්ලැසියර දියව යමින් මුහුදු මට්ටම ඉහල යාම.
2. සාගර උෂ්ණත්වයේ වැඩි වීම් හේතුවෙන් කලින් කල ඇතිවන චණ්ඩ කුණා‍ටු (hurricane) වල ප්‍රභලත්වය සහ පෘථුල බව වැඩිවීම.
3. සාගර ජලයෙහි ආම්ලික බව වැඩිවීම නිසා සාගර ජීවින් විනාශ වීම.
    වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් උරාගැනීම නිසා සාගර ජලයෙහි ආම්ලිකතාවය ඇති වන අතර එය වලක්වාලීමේ ස්වභාවික උපක්‍රමයක් ලෙස පාෂාණ නිධි තුල ඇති කැල්සියම්  අවරෝධකයක් ලෙස ක්‍රියා කරයි. නමුත් වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යන විට මෙම ස්වභාවික සමතුලිතතාවය බිඳී යයි.
4. El Nino වැනි නියඟයන් ඇතිවීම.
5. ජල උලපත් සිඳී ගොස් කාන්තාරකරණය වීම.
6. දේශගුණ විපර්යාස හේතුවෙන් වර්ෂාව සහ හිමපතනයන් වැඩිවීම. මේ නිසා ගංවතුර, කුණා‍ටු වැනි ආපදා තත්වයන් වැඩිවීම.
7. වනාන්තර ගිනිගැනීම මෙන්ම තාප තරංග වල බලපෑම හේතුවෙන් ලෙඩරෝග පැතිරීම සහ ජීවී විශේෂයන්හි මිහිතලයෙන් තුරන්ව යාම.

ගෝලිය උණුසුම කෙතරම් බරපතලද යන්න අපි ස්ථිරවම නොදනිමු. දේශගුණ පර්යේශක කණ්ඩායම් අතර මෙම ප්‍රශ්නය පිලිබඳ වාදවිවාද පවතී. බොහෝ අයගේ ඒකමතික මතය වන්නේ ඉදිරි අවුරුදු සියය සහ ඉන් පසුව සෑම අවුරුදු 10කට වරක් ගෝලිය උණුසුම සෙල්සියස් අංශක 0.2 කින් (ෆැරන්හයිට් අංශක 0.4 ක් පමන) ඉහල යනු ඇතැයි බලාපොරොත්තු විය යුතු බවය. පහත දැක්වෙන්නේ එවන් මිනුම් රාශියක ප්‍රථිපල සටහන් කිහිපයකි.
(http://en.wikipedia.org/wiki/Temperature_record_of_the_past_1000_years)
(http://www.weatherquestions.com/What_is_global_warming.htm)
(http://wattsupwiththat.com/2011/01/03/global-sea-surface-temperature-continues-to-drop)
මිහිමව ‍රැකිමේ වගකීම අප අතය. නමුත් බක පණ්ඩිත වී සිටින අප ස්වභාවයෙන් මෑත්ව තකතිරුකම් කරමින් අපද අයත් ස්වභාවය විනාශ කරමින් ලෝකය විනාශ වෙනවා යයි මර ල‍තෝනි තබමු. 

12 comments:

  1. මේක නම් ඇත්ත මැණික්. මේ දේවල් නොසිතා මේ කරන විනාශය කවදා නතර වේවිද මන්දා.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට අපි හැමෝමත් අඩු වැඩි ලෙස මෙයට දායක වෙනවා.
      මැණික්

      Delete
  2. ඔයාගේ බ්ලොග් අඩවිය විශිෂ්ටයි.මගේ බ්ලොග් අඩවියටත් ඇවිත් යන්න එන්නකෝ.http://imalkiudana.blogspot.com/

    ReplyDelete
  3. http://en.wikipedia.org/wiki/List_of_countries_by_carbon_dioxide_emissions

    http://en.wikipedia.org/wiki/Kyoto_Protocol

    ඔය ලින්ක් දෙක සසඳලා බැලුවාම දකින්න පුලුවන් යුරෝපා සංගමය ඇර අනික් හරිතාගාර වායු විශාල වශයෙන් නිකුත් කරන රටවල් එම ප්‍රමාණයන් ඉලක්ක ගතව අඩුකිරීමේ ගිවිසුම් වලට බැඳිලා නැතිබව . බල තණ්හාවෙන් ගොඩ ගහගෙන තියන න්‍යෂ්ටික ආයුධ ඇරුණාම මිනිසා විසින් ලෝක විනාශය ක්‍රමයෙන් ලඟා කරගන්නේ ස්වාභාව ධර්මයාට කරන හානියෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මෙන්න මල් කැකුලු බ්ලොග් එකේත් මීට සමාන සටහනක් තියනවා.
      http://www.malkakulu.com/2012/12/blog-post_23.html
      මැණික්

      Delete
  4. නියම ලිපිය.අපේ පැත්තෙත් එන්න

    ReplyDelete
  5. ඊයේත් කමෙන්ටුවක් දැම්මා මැණික්. ඇවිත් තිබුන ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඊයෙ වෙලාවක් ලැබුනෙ නැහැ බ්ලොග් එක නිකමට වත් බලන්න.
      මැණික්

      Delete
  6. මිනිසුන් පරිසරය සහ සොබාදහම කෙරෙහි දක්වන ආකල්පය සහ ප්‍රතිචාරය අනුව තමයි ලෝක විනාශය සිදුවන්නේ. ඒත් කවුරුත් කතාකරනවා හැරෙන්න පරිසරය ආරක්ෂා කිරීමට උනන්දුවන්නේ නැහැ.

    ReplyDelete
  7. ඇත්තටම මේ හරිතාගාර වායු විමෝචනය අතින් බොහෝ රටවල් ඉදිරියෙන්. මොකද ඔවුගේ නිෂපාදන හා කාර්මික අංඝ බොහොමයි. අපේ ලංකාව වායු දූෂණය හා මිහිමවට කෙනෙහිලි කම් කරන රටවල් අතරින් පහල අඩියක ඉන්නේ. ඒක ගොඩාක් හොඳ ප්‍රවනතාවයක්.

    ReplyDelete