මහාචාර්යවරු තිදෙනෙක් පොදු විවේකාගාරය තුළ සුහද සාකච්චාවක. විටෙක දේශපාලනයද, විටෙක රටෙහි ආර්ථිකය ගැනද මෙන්ම තවත් කී නොකී බොහෝදේ ඔවුන්ගේ මාතෘකා වී තිබින. ඒ අතරට සපැමිණෙන කවට කතා බහට අනුකූලව ඇසුනේ කොක් හඬලා සිනාසෙන ප්‍රමුදිත බවයි.
මේ සුපසන් කතා බහ අතරේ එක් අයෙකුගේ ජංගම දුරකතනය නාද වුනා. එහි සඳහන් අංකය කියවූ ඔහුගේ ඇහි බැමි අමුතු ආකාරයකට සකස්වී ගිය අතර වහ වහා ඇමතුමට පිළිතුරු බැන්දා.
"ඔව්, ඔව් මම මේ අතර මග. නෑ ..... නෑ ...... කොහොමටත් අද එහෙම වෙන්නෙ නැහැ. ඔව් ඉක්මනට එනවා. ඉක්මනට එනවා. හරි හරී මට අමතක වෙන්නෙ නැහැ."
ඇමතුම විසංන්ධි කළ ඔහු තුෂ්නිම්භූත වුනා. ඉන් අනතුරුව වඩාත් සිදුවූයේ අනෙක් දෙදෙනාගේ කතා වලට ඔහු හූමිටි තැබීම පමණි. සුලු කාලාන්තරයකින් අනතුරුව අනෙක් දෙදෙනාගෙන් එක් අයකුටද දුරකතන ඇමතුමක් ලැබුනි. දුරකතනයේ අංකය දෙස බලමින් "හපෝයි" කියැවුන ඔහු හුන් තැනින් නැගිටුනේ හරියටම විදුලු සැර වැදුනකු මෙනි.
"ආ ඔව් ඔව් මම මේ ඉන්නෙ සුපර් මාර්කට් එකේ. ...ඔක්කොම හරි. නෑනෑ අද නම් වරද්දන්නෙ නෑ."
දුරකතනය විසංන්ධි වුනා. නමුත් ඔහුගේ මුහුණ සුදුමැලි පාංඩු පාට වෙස් ගෙන තිබුනි. ඒ හා සමඟම ඉතිරිව සිටි අනෙකාගේද දුරකතනය නාදවුනා. "ජංගම පොලිස් සේවය" යැයි සිනාසෙමින් අනෙක් අයට කියමින් ඔහුද එකිනෙකට පරස් පර පිළිතුරු සපයනු පෙනුනි.
සුහද කතා බහ ඇන හිට තිදෙනාම මොහොතක දෙකක නිශ්ශබ්දතාවයක.
"කවුද බං ඇත්තටම මේ ජංගම දුරකතනය හොයා ගත් එකා?. මේක නොගෙනාවොත් ඒත් කචල්. off කළොත් ඒත් කචල්. පැය විසි හතරෙම පොලීසිය අපේ පස්සෙ."
"හ්ම්ම්ම් ..... මොනව කරන්නද? පිරිමි ඉන්නෙ වර්ග දෙකයි බං. B සහ AB."
"ඒක ඇත්ත B - බය, AB - අම්බානක් බය"
කාටද මේ බය? එය සඳහන් කළ යුතුම යැයි මම නොසිතමි. එහෙත් ස්ත්‍රී පාර්ශවයේ අර්ථ දැක්වීම වූයේ B - භයානක, AB - අති භයානක යන්නයි. එහෙයින්ම ජංගම පොලිස් සේවය නොවැළැක්විය හැකි යැයි කියනු ඇසුනි.

සියලු සිංහ සෙයියාවන් මඬින හඬ! :-)
ReplyDeleteහරියටම හරි....සියල්ලම මට උනා....බොහොම ලස්සනයි..දිගටම ලියන්න...
ReplyDeletenimai kathawa.
ReplyDeleteමං නං මීටිංවලදී ෆෝන් එක මියුට් කරනවා. හාමිනේත් එහෙමයි. ඉතිං එහෙම නැති වෙලාවක කෝල් එකකට උත්තර දුන්නේ නැති වුණත් අවුලක් නෑ.
ReplyDeleteආ, මීටිමක් වෙන්න ඇති!
බිල් හැරුනු විට මට නං අවුලක් ඇත්තේම නැත.
ReplyDeleteබිල් කීවේ MS බිල් මහත්තයාද ? ඒ කියන්නේ උඹ බිල්ට තරම් පවුලට බය නැ. ;)
Deleteමම නං ඔවැනි තැනකට යනවිට ෆෝන් එක ඕෆ් මෝඩ් දානවා.. ඇමතුම ගන්න කෙනාට දැනෙන්නේ දුරකථනය ක්‍රියා විරහිත බවයි. ඒත් ඇමතුමක් ආ බව මට පෙන්වනවා.. අවශ්‍යනම් ඇමතුම ගන්නවා.. නැතිනං නිකං ඉන්නවා.
ReplyDeleteකොහොමද off mode දාන්නෙ පොඩ්ඩක් කියල දෙන්නකො
Deleteකොහොමද off mode දාන්නෙ පොඩ්ඩක් කියල දෙන්නකො donald2006@gmail.com
ReplyDeleteඔය ඔක්කොම කරහැකි හැබැයි ගෙදර යන එක තමයි ප්‍රශ්නේ.
ReplyDeleteවිසඳුම SMS...
ReplyDeleteමේකනම් ඇත්ත...එක වෙලාවකට ජංගම දුරකතන මහා වදයක්. මේවා නොතිබුණ කාලේ මිනිස්සු කොය්තරම් සතුටින් සහ සංතෝසයෙන් ඉන්න ඇද්ද? මම නම් රිංග්ස් යන්න ඇරලා මගේ නෙවෙයි වගේ බලා ඉන්නවා. වෙන මොනව කරන්නද
ReplyDeleteමේ හැමෝම ගෙදර පොලිසියට බය වෙලා වගේ. මහ වදයක් තමා මේ ජංගම දුරකතනය. වෙලාවකට මාත් මීටින් කියල දාල නිකම් ඉන්නවා. වැඩක් වෙලාවට හිස රදයක්ම තමා. ඉතාම අඩුවෙන් භාවිතා කලත් කරදරයක් වෙන වෙලාවල් එමටයි.
ReplyDeleteකතාව ජංගම දුරකථන් දිහාට ඇදිලා ගියාට මේ කතා කරන්නේ 'පොලීසිය' ගැන නේද" ඇයි PB පරාණ බය, සහ GB..... බය? :D
ReplyDeleteඅදහස් දැක්වූ හැමෝටම ස්තුතියි.
ReplyDeleteමැණික්