-->

Friday, May 7, 2010

මුතු කුමරියේ


වැහි බිංදු සීතලෙන් හිනාවී ගෙන        එබෙයි
මුතු කුඩේ අතින් ගෙන එකලාව එනු පෙනෙයි
සුදු රෝස මල් ගවුම ඔබට හරි හැඩ    වගෙයි
මුතු කුමාරිය මගේ ඔබට මම          ආදරෙයි

වහින වැස්සට ඔබේ දෙපා සේදී        තෙමෙයි
සීතලට ඔය දෙපා හිරි වැටේදෝ          සිතෙයි
සුළඟ ඇවිදින් නටා ඔබට හිරිහැර          කරයි
ලංව එය වලකන්න ඉඩ නොදේ දෝ      බයයි

දින ගනන් සති ගනන් ගතව කාලය     ගෙවෙයි
එකම එක වරක් වත් හිනැහුනේ නෑ        තමයි
කල්ප කාලයක් තව ඔබ පතාගෙන          හිඳියි
දුරක සිට ඔබට පෙම් කරන කුමරා          මමයි

7 comments:

  1. හරිම අපූරුයි...

    ReplyDelete
  2. හරිම ලස්සන සුන්දර පද ටිකක්

    ReplyDelete
  3. මුතු කුඩේ අතින් ගෙන
    සිනා කැන් වැසි පාන
    කුමරියේ නුඹ සිඹින
    වැහි බිංදුවක් වෙන්න
    මගේ සිත ඉල්ලුවා

    ReplyDelete
  4. කොයි හිතෙත් ළැගුම් ගත් මුතු කුමාරියක් වෙයි
    කියා ගත නොහෙන මුත් ආදරය අඩු නොවෙයි
    වැස්සකට පින්නකට කිසිදාක හසු නොවෙයි
    හදවතෙහි එක කොනක සදා තැන් පත්ව යයි

    ReplyDelete
  5. වැහිබිඳු වැටෙන සීතලට....
    පිබිදී දිලෙන මල් කැකුල....
    පිපී හිනැහෙන ලස්සන...
    මවයි මා නෙක සිහින...

    ReplyDelete
  6. මැණික්May 7, 2010 at 4:01 PM

    outsider දිල් පබළු ස්තුතියි. කුමාර, විහඟ, indi ලස්සනයි ඔයාලගෙ කවිත්.

    ReplyDelete