ලෝකයම එක තැනක නැවතිලා වගේ තරමටම මුලු පරිසරයම නිශ්චලයි. ඒ තමයි මගේ හිත හැමදාමත් ප්‍රාර්ථනා කරන නිහඬ බව. එක දවසක් මගෙන් කෙනෙක් ඇහුවා
"ඔයා කැමති වනන්තරේටද, නැත්නම් මහ මුහුදටද?"
කියල. මගේ උත්තරය වුනේ වනන්තරේ කියල. වනන්තරේක තියන නිහඬ බව හරිම විශ්මිතයි. මම ඒ විශ්මිත බව එක් වතාවක් විඳල තියනවා.
අධ්‍යාපනික වැඩ සටහනට මට යන්න වුනා මැලේසියාවෙ KOTA KINABALU කියන නගරයට. වැඩ මුලුව අතරතුර Danum Valley field Centre එකේ චාරිකාවක් සංවිධානය කර තිබුනා. එය පිහිටා තිබුනෙ මැලේසියාවෙ Borneo ප්‍රාන්තයේ Sabah නගරයට යාව පිහිටි වැසි වනාන්තරයක් තුල. ඒ තමයි එවන් ස්වභාවික වැසි වනාත්තරයක් තුලට පිවිසි පළමු වතාව. මගේ ඇස ගිය මුල්මදේ තමයි අපේ රටේදි දැක්ක හැම සතෙකුම කීප ගුණයකින් විශාලව එහිදී දක්නට ලැබීම. පුංචිම පුංචි කුරුමිණියන් පවා අදහගන්න බැරි තරම් විශාලයි.

ඒ තමයි ස්වභාවය ඔවුන්ට දුන් සම්පත් ඒ ලෙසම හිරිහැරයකින් තොරව භුක්විදීමට හැකිවීමේ වාසනාව. හවස් වන විට වල් ඌරන් අප නවාතැන් ගත් කාමර අවට ගැවසෙනු දකින්නට ලැබුනා. මුව රංචුද ඒ අසල ගැවසීම මහත් ආනන්දනීය දෙයක් වුනා.ඉස්සර අපේ රටේ සතර අත පියඹන සමනල් රෑන් දක්නට ලැබුනත් දැන් දැන් එය දුලබ දසුනක්. කුඩා කළ සමනලුන් පසු පස යමින් මා ලද මිහිරියාව මට නැවත වරක් අත්දකින්නට ලැබුනේ එහිදී. රක්ෂිත වනාන්තරක් වූ බැවින් මේ කිසිම ජීවියෙකුට තමන්ට ස්වභාවිකව අයත්වූ දේ අසාධාරණ ලෙස උදුරා ගැනීමට කිසිවෙකු සිටියේ නැහැ. ස්වභාවයේ නීතීන්ට අනුකූල ලෙස සියලු දේ සිදුවෙමින් තිබුනා. මමත් එහි එක පුංචි කොටසක් පමණක්ම බව මට දැනුනා. අප නැවතී සිටි තැනට මීටර් කීපයක් දුරින් පළලින් ඉතා විශාල ගංගාවක් ගලමින් තිබුනා. රටවල් කිහිපකින් ආ සොයුරු සොයුරියන් හා පැවති සාකච්ඡා අවසන් වූ සවස් කාලයන්හි මා කළේ තනිවම ගොස් ඒ ගං ඉවුරෙහි නිහඬ සංගීතයට සවන් දීමයි. පරිසරය නිහඬයි. ගංගාවේ ගීතය අති මිහිරියි.
එක් දිනක් ගතවුනේ වනන්තරය තුල ඇවිදීම සඳහා. අදහන්න බැරි තරම් විශාල කූඩැල්ලන්ගෙන් බේරීම සඳහා ලොකු බූට් සපත්තු දමාගෙන ඒ ගමන යායුතුව තිබුනා. එහෙත් වරින් වර අප සැලකිලිමත් වුනේ ඒ විශාල කූඩැල්ලන් සපත්තු දිගේ නැග විත් ශරීරයට ගොඩ වීම වලක්වාලීම සඳහායි. එක් තැනකදී ඔය පෙනෙන පින්තූරයේ ඇති වැල් පාලමෙන් එගොඩව අනිත් පසට යාමට සිදුවුන අතර මා සමග ගිය අයට යන්නට හැර වනන්තරයේ නිහඬ බව ඇසීමට මට සිත් වුනා. පාලම මැද සිටගෙන මා අසා සිටියා ඒ නිහඬ බව. එහෙත් මට දැනුනා ඒ නිහඬ බවම නොවන බව. කිසිවෙකුට විස්තර කළ නොහැකි කිසියම් විශ්මිත කතාවක් මට ඇහෙන්නට වුනා. ඒ තමයි වනන්තරය, ස්වභාවය කතා කරන හඬ.
පාලම යටින් ගලා ගියේ අර මා මුලින් කිව් ගංගාව. පාලමේ සමහර තැන් කැඩී තිබුන නිසා අපේ අයගෙන් කොටසක් ආපසු ගියද මගේ සිත නම් බල කළේ කෙසේ හෝ එගොඩ වන ලෙසයි. ඇත්තෙන්ම එසේ එගොඩ වූවන්ට ස්වභාවයෙන් තිලිනයක් ලැබුනා. ඒ තමයි එහි සිටි ඔරන් ඔටන් යුවලක් දැක ගැනීමට ලැබීම.
දියුණුව යැයි කියා අප කොන්ක්‍රීට් වනාන්තර ඉඳි කළද අප අයත් ස්වභාවයට නිසා මිනිසා කෘතිමව ඉඳිකරන දේ තුල නිරන්තරයෙන් දුක්ඛිතව සිටියි. එකිනෙකා කා කොටා ගන්නේ කුමක් අරබයා දැයි සිතෙන්නේ මෙවන් පරිසරයකට ගිය විටදීය. අප අපේ ස්වභාවයෙන් විතැන්ව ගොස් අතරමන්වී සිටිමු.