-->

Friday, January 4, 2013

"වාචාල බස් දොඩවන"

කුණුව ගිය තැන් වල
ඉහඳ පණුවන් ඇතිවෙත
"හඬු" ගඳ පතුරුවන
වාචාල බස් දොඩවන


 
 


කුණුව ගිය තැන් වල
නිල මැස්සන්ද බෝ වෙත
"ජැන්ඩියට" හැඩවී
වාචාල බස් දොඩවන

11 comments:

  1. කාලීන කවි ටිකක් , රූපත් එක්ක
    කදිමයි...අද තමා පය ගැහුවේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවාට.
      මැණික්

      Delete
  2. කාලයට ගැලපෙන, හොඳ පණිවිඩයක් දෙන කවි කීපයක්...
    මෙය තේරුම් ගන්ට ඔය ඉහඳ පණුවන්ටත්, නිලමැස්සන්ටත් බැරිවෙයි.:)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ අය ඉන්න පරිසරය විසින් යමක් දෙස නිවැරදිව බැලීම වලක්වලා තියෙන්නෙ.
      මැණික්

      Delete
  3. අද කාලෙ ඔහොම තමා. වැඩක් නැති අය නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මොනව කරන්නද නේද? ඒත් සිදුවෙනදේ ගැන දුකක් තරහක් ඇතිවෙනවා.
      මැණික්

      Delete
  4. පොඩි ගැටළුවක් සිංහල හුරුව මඳි නිසා. වාචාල යැයි කියන්නේ වැඩියෙන් දොඩවනවා (talkative) කියන එකට යැයි ශබ්දකෝෂය පෙන්වයි. එතකොට සිරස්තලය "වැඩියෙන් දොඩවන බස් දොඩවන" වෙනවා යැයි සිතමි. කට වහරේ වාචාලයා යැයි හංවඩු ගැහෙන්නේ කට පරිස්සම් කරගන්නට නොදන්නා අයට බව දැක ඇත්තෙමි. එහෙත් එපමණින් ඔවුන් ඍනාත්මක බවකින් ගැනෙනුයේ නැතැයි මගේ මතකයයි. කිසිවෙකුගේ සිත රිදවන්නේ නැතිව සිනහාගස්සවන දෑ කියන්නට වාචාලයන් සමත් වෙති. මෙම සිරස්තලයේ දී අදහස් වෙන්නේ වහසි (abusive, rediculous, arrogant) බස් ද? ඒ තුනෙන් මුල් අරුත නොවූවත් මෙම ප්‍රතිචාරයත් අනිත් අරුත් දෙකෙන් එකකට වැටෙන වහසි බසක් ද?!!! :D

    ReplyDelete
    Replies
    1. ගිරව් වගේ ඔහේ කටට එන එන දේ වගක් විචාරයක් නැතිව කියවන අයට නේද වාචාල කතා කියවනවා කියන්නෙ.? මම හිතුවෙ ඒ අරුත.
      මැණික්

      Delete
  5. ඇත්ත.ඉහඳ පණුවන් සේම නිලමැස්සන්ද අප අතර නිතර ගැවසෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ කතාව හැම තැනටම අදාලයි. ඒත් මට මේ අදහස හිතට නැගුනේ මේ දවස් වල රේඩියෝ ටීවී වල ඇහෙන සමහරුන්ගෙ කතා අහල දැනුන කලකිරීම නිසා. වගකීමකින් විචාරයකින් තොර වැඩිහිටි පරපුරේ මේ කතා අසා හැදෙන පරපුර කොහොම වෙයිද කියල හිතුනා.
      මැණික්

      Delete
  6. හොද අදහසක්.වැඩකට ඇති යමක් කියවන එක තමා වටන්නනේ.ඒත් අපි උනත් ඔහේ වල් පල් දොඩන අවස්ථා ඕන තරම්

    ReplyDelete