යාන්තමින් වේගය බාල කළ බස් රථයට ගොඩ වුනා විතරයි ආ වේගයෙන්ම එය ඉදිරියට ඇදෙන්න වුනා. රේස් යන බස් වල අපේ ජීවිතත් ඒ රේස් එකේම කොටසක් වෙලා. බසයට ගොඩ වෙලා බැරිවීමකින් වත් පය පැකිලුනොත් ඉතින් නතර වෙන්නෙ එහා ලෝකයේ. ඊලඟට සිද්ද වෙනවා මාරු කාසි හොයන්න. මගේ මුදල් පසුම්බියේ නම් එක කොටසක රුපියලේ, දෙකේ, පහේ මාරු කාසි නිතරම තියනවා. අවශ්‍ය මුදල අතට අරන් හිස ඔසවා බලන විට රතු පාටින් මුද්‍රණය කර බසයේ ඉදිරිපස අලවා තිබූ දෙයක් ඇස ගැටුනා.
"මාරු සල්ලි දෙයි නම් කොන්දොස්තරට
සිත් පෑරේද රුපියල රුපියල් දෙකට"
හ්ම්... ඒ කතාවත් ඇත්ත. ඒත් මට නිතරම හිතුන දෙයක් තමයි දවස් පතා මේ බස් රථ වල එකතු වන මාරු කාසි වලට මොකද වෙන්නේ කියන එක. හේතුව මේ කොන්දොස්තර වරු වැඩි දෙනෙක් අත බොහොම වෙලාවට ඉතිරි මුදල දෙන්න මාරු කාසි නැතිලු. ඉතිරි මුදල ඉල්ලා නොසිටියොත් බොහෝ විට එය නොලැබී යා හැකි ඉඩ වැඩියි. මේ තමයි ඉතින් බස් කොන්දොස්තරවරු වැඩි දෙනෙක් ගැන සාමාන්‍යයෙන් අහන්න ලැබෙනදේ. එහෙම නොවන අසාමාන්‍ය කතාත් තියනවා.
මෑත දිනකදි වෙනදා වගේම නියමිත මුදල ගානටම දීලා මම ටිකට් පත ලැබෙන තුරු බලා හිටියා.
"මිස්. රුපියල් විස්සක් මට දෙන්න"
ගානටම මුදල දුන්න එකේ තව රුපියල් විස්සක් මොකටද? මට එහෙම හිතුනා.
"ඉතින් මම සල්ලි ගානටම දුන්නනෙ?"
"කමක් නෑ මිස්. රුපියල් විස්සක් දෙන්නකො"
මොකටද ආයෙ සල්ලි කියල හිත හිතා මම තව රුපියල් විස්සක් ඔහු අතට දුන්නා.
ඔහු මගේ අත මුදලක් තබා ටිකට් පතදී ඉදිරියට ගියා.
සිදුව ඇතිදේ තේරුනේ ඔහු දුන් මුදල දෙස බැලීමේදී. රුපියල් විස්සක් කියල මම මුලින් දී තිබෙන්නේ අර දම්පාටට තියන අලුත් රුපියල් පන්සීයක්. මම ඔහු දෙස බලා සිටියා. මගේ වැරදීම නිසා ඔහු අතට පත්වුන විස්සේ කෑලි විසිපහක්ම ආපසු මටදී මහ හඬින් නොනවත්වා කෑගසමින් ඔහු බසයට මිනිසුන් එකතු කරනවා. ඔහුගේ ඒ උත්සාහය ඔහු ඇතුලු තම දරු පවුල ජීවත් කරවීම වෙනුවෙන් විය හැකියි. වංක බවින් තොරව තම උත්සාහයෙන්, සිතට එකඟව තමන්ගෙන් යැපෙන්නන් ජීවත් කරවීමට ඔහු දරන වෙහෙස ඔහුට ආඩම්බරයක්වී ඇතැයි මට ඒ මොහොතේ සිතුනා. සාමාන්‍යයන් අතර ඔහු අසාමාන්‍යයෙක්ව සිටිමින් ඔහුගේ රැකියාව කරන අනෙක් අය පිළිබඳ මගේ ආකල්පයද වෙනසකට හැරවූවා. සොයුර ඔබට ස්තුතියි.

ඇත්ත! ගොඩක් සුහදශීලීව අවංකව සැම දෙනාටම ගෞරවනිය ලෙස කතා බහ කරමින් සිය සේවය ඉටු කරන කොන්දොස්තර මහත්වරුත් සිටිනවා. ඔවුනට අනිවාර්යයෙන් ස්තුතිය පුද කල යුතුයි! කාලයේ හැටියට ආදර්ශවත් ලිපියක්!
ReplyDeleteඔහොම සිද්ධි දෙකක් උනා මට පිටකොටුවෙ පලවෙනි හරස්වීදියෙදි. එතන තිබිබ පේව්මන්ට් කඩයකින් කටර් අඬුවක් ගන්න රුපියල් දෙසීයවිස්සක් දුන්නට පස්සෙ අයෙම ඒ මනුසය හිනාවෙලා පන්සීයෙ කොලයක් දීල ආයෙම රුපියල් විස්සක් ඉල්ලගත්ත. ඒ මේ මෑත දවසක.
ReplyDeleteඔය රුපියල් පන්සීය ආපු දවස්වල තැඹිලි ගෙඩියක් ගත්ත මල්වත්ත පාරෙ කෙළවරේම තියන තැඹිලි කරත්තෙන්. පර්ස් එකේ අඩුව තේරුනේ ගෙදරත් ආවට පස්සෙ.
ස්තුතියි මැණික්..
ReplyDeleteමේ වගේ සිද්ධීන් මතකයේ විතරක් තියා නොගෙන අපේ සිත් පහන් කරන්නට බෙදාගත්තාට..
කෝමත් කොන්දොස්තරල කියෙන්නෙ හොද මිනිස්සු ජාතියක්...
ReplyDeleteඑහෙම අයත් ඉන්නවා තමයි හොඳ පෝස්ට් එක....
ReplyDeleteසමහර කොන්දොස්තරලා මාරු කාසි හංගනවා කියන්නේ
ReplyDeleteඋදේ ඉඳන් උගුර ලේ රහ වෙනකල් කෑගහල සමහර වෙලාවට රුපියලට දෙකට මරාගන්නවා. ඒත් හදවතතින් ඔවුන් ඉතාමත් අහිංසකයි. ඉඳහිටල එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනු විට.
ReplyDeleteකොන්දොස්තර රැකියාව ටිකක් අමාරු වුණත් හොඳ ගතිගුණ එමට තියෙනවා.
ඒ රිය සහායකයට මගේ උපහාරය ! ඇත්තටම මේ ලියලා තියෙන විදියට සංවේදී හැඟීමක් ඇතිවුනා. කොන්දොස්තර නොකියා රිය සහායක කියලා කිව්වේ සාමාන්‍යයෙන් කොන්දොස්තරලා අතින් මේ දේ වෙන්නේ නැති නිසාය !
ReplyDeleteඇත්තටම හරිම හොද කොන්දොස්තර මහත්තයෙක්.නැත්නම් ඔහොම දෙයිද. අලුත් 500 පරණ 20ට මාරු වෙනවා නේන්නම්. මාත් ඔය වගේ වුන දෙයක් ගැන ලිව්වා.
ReplyDeleteපස්ට කාලීන පෝස්ට් එකක් සහෝ.....
ReplyDeleteමේ ඊයේ පෙරේදා මම ලංකාවට ගියා.
ReplyDeleteකොහොමත් නිතර නොදකින භාවිතා කරන මුදල් ගැන මට අවබෝධයක් නෑ. ඒක හින්දා බොහෝ වෙලාවට ලඟ කවුරු හරි ඉන්නව නම් සල්ලි හරිද කියලා අහලා දෙන්න බොහෝවිට මම පෙලඹෙනවා. ඒක එහෙම වෙන්නෙත් ඔය කෙලවරක් නැති වැරදීම් හින්දාමයි.
ඔය පන්සීයේ කොලේ වෙනසක් තියෙනවා කියලා මට ඒ තරම් මතක නෑ. අපේ මල්ලි සල්ලි කොල පෙන්නල අක්ක මේව තමයි දැන් අලුත් සල්ලි කියලා මුලින්ම පෙන්වන්නෙත් එයා මට වෙන දේවල් දන්න හින්දා.
මායි මගේ යාළුවෙකුයි කතා කර කර ඉන්න තැනට හිඟන්නෙක් ආවා පසුගිය දවසක. මේක මාරවිල වගේ ඈත ගමක හින්දා හිඟන්නාට භය නැතිව මාත් ලංවුනා. මම විස්සේ කොල කිහිපයක් කියලා හිතලා පන්සීයේ කොල දෙකක් හා විස්සේ කොල කිහිපයකුත් හිඟන්නාට දීලා. ඒක දන්නෙත් පස්සේ මගේ රියදුරා මම දෙදාහක් මාරු කරන්න යනකොට මැඩම් ඇයි දැන් මැඩම් ට මම පන්සීයේ ඒවා දෙකක් දුන්නේ කියලා කීවමයි...
මට දුකක් හිතුනේ නෑ. හිඟන්නා අඩු ගානේ ඔහුගේ පවුලට ඔහුට කන්න බොන්න ඒ මුදල් වියදම් කරා නම් කියලා හිතලා. ඒත් ඔහු ඒකෙන් කුඩු ගැහුවා නම් කියලාත් මට නොහිතුනේම නෑ....
අප්පේ මගේ දිගැසි සිතුවිලි ලිස්ට් එකට මේක කොහොම මග හැරුනද මන්දා...
ReplyDeleteමෑතක දී නං කොන්දොස්තර කෝන්තර වල පැටලෙන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. ඒත් මෙයාලා හරි හොර ගෙඩි... උපන්නාට පස්සේ රුපියලක් දැකලා නැහැ වගේ තමයි එයාලාගේ හැසිරීම... සමහර වෙලාවට රුපියලක් නැහැ කිව්වහම, කෝ බලන්න අත කියලා අතේ තියෙන මාරු කාසි ගොන්න බලෙන් ම බලලා ඉතිරි ගානට ගත්ත අවස්ථාත් නැත්තේ ම නැහැ... :D
කොහොම වුනත් ඒ සොයුරාට මෙන්න මගෙත් ප්‍රණාමය... !!!
ඇත්තටම මේ රුපියල් 500 යේ නෝට්ටුවයි විස්සේ නෝට්ටුවයි නම් හැම තිස්සේම පැටලෙනවා. ඉස්සර 500 නෝට්ටුව වගේම අළුත් නෝට්ටුවත් ලොකුවට හැදුවනම් මේ අවුල වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ. ගොඩක්ම අපි වගේ නිවාඩුවට ලංකාවට ගිහිල්ලා මාසයක් හමාරක් ඉඳලා එන අයට මේ අවුල වැඩියි කියලයි මම හිතන්නේ, අර රංගිට උනා වගේ. මමත් දවසක් ත්‍රී වීලර් එකකට නැගලා රුප්යල් 50 දුර ගිහින්, හදිසියෙන් රුපියල් 20 කොල දෙකකුයි 10 කොලේකුයි දීල ආව. පස්සෙ පර්ස් එක බලනකොට තමයි දැක්කේ 20ක් කියලා දීයෙන්නෙ 500 කොලයක් කියලා. අර ත්‍රී වීලර් කාරයත් කරුණාවන්ත උනේ නෑ ඒක ආපහු දෙන්න.
ReplyDelete