යසෝදරා ගැන නැවත සිහියට ආවෙ සෝමවීර සේනානායක මහත්මයා ලියූ "අඳුරට පහනක්" පොත කියවමින් යන විට. එහි මුල් පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙයි.
"සියලු තරුණයන් දැන හෝ නොදැන පතනුයේ යසෝදරාවක යැයි සමාධි සිතයි. අයෙක් යසෝදරාවන් ගැන දනිති. අයෙක් ඇය නොදනිති. නොදන්නේ වී නමුත් යසෝදරාවක්ම පතති. ඇය පිරිමියෙකු විසින් ප්‍රාර්ථනා කළ යුතු ළඳක බැවිනි. යසෝදරා කෙබඳු නම් තැනැත්තියකද? සමාධීට සිදුහත් කුමරුන්ගේ ප්‍රකාශයක් සිහි වෙයි.
"මා පුත, දැන් විවාහයට කාලය එළැඹ ඇතැ"යි සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුන්ට දන්වයි. සිදුහත් කුමරු තමා පතන කුමරිය මෙබඳු ගති සොබා ඇත්තියක විය යුතු යයි කියයි.
"මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් ගුණ ඇත්තියක විය යුතුය. ඕ රූප මානයෙන් මත් නොවිය යුතු. මවක හෝ සොහොයුරියක හෝ මෙන් හිතැත්තියක විය යුතු. මහණ බමුණන්ට දන් දීමෙහි ඇළුනියක විය යුතු. මානය, කිපෙන ගතිය, ගඨ බව, ඊර්ෂ්‍යාව, වංක බව යන දුර්ගුණ නැති ස්වාමි භක්තිය ඇති, උඩඟු නොවූ, හැඩි දැඩි නොවූ, රසයෙහි ගිජු නොවූ, ගැයුම් වැයුම් ආදී වශයෙන් පැවැත්වෙන ගාල ගෝට්ටි කෙරෙහි ඇලුම් නැති, සුවඳ විලවුන් දැරීමෙහි ආශා නැති, ලොහොබි නොවූ, අන් සතු දැය දැක ආශා නොකරන, සත්‍යවාදී වූ, සැපතෙහි දී ආඩම්බර නොවන, විපතෙහිදී නොතැවෙන, ඒ හැම තැනකදී මධ්‍යස්ථව සිටින, ලැජ්ජා බය ඇති, දෘෂ්ටි මංගලයෙහි, ශ්‍රැත මංගලයෙහි නො ඇලුණු, ගුණ දහමින් යුත්, හැම කල්හි හිත කය වචනය යන තුන් දොරම පිරිසිදු ලෙස රැක ගන්නා, අලස බවින්, වංශ මානයෙන් මත් නොවූ, විමසා කටයුතු කරන, ධර්මචාරී වූ, නැඳි මයිලන් කෙරෙහි ගුරුනට සේ ආදර ගෞරව ඇති, දාසියක සේ යටහත්, මවක සේ කාරුණික එකියක විය යුතු. මෙබඳු ගුණ ඇති කුමරියක ලදොත් පිළිගනිමි."

සිදුහත් කුමරුන් බිරිඳක තුළ සෙවූ ගති ගුණ යසෝදරාවන්ට තිබිණ. විවාහය සිද්ධ විය. සියලු පිරිමින්ට යසෝදරාවන් ලද හැකිද? ලද නොහේ. යසෝදරාවන් සුවිශේෂයි. මෙවන් ළඳුන් ලොව තවත් සිටිය නොහේ. එහෙයින් එම ගුණ සමුදායෙන් අල්පයක් හෝ ඇති ළඳක ලදොත් විවාහ වෙමියි සමාධී සිතයි"
කැලේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බමරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග සෑදේවා
මලේ බමරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග සෑදේවා
හමුවිය මා පැතූ ඒ යසෝදරාව...
ReplyDeleteමෙයින් විසි එක් වසකට පෙර...
කරගතිමි ඈ මගේ, අදවැනි දිනයකම...
දැන් කාලේ යශෝදරාවන් කොහෙන් හොයන්නද?? මම කිව්වේ ඔය කියපු ගුණදම් ඔක්කොම තියෙන කෙනෙක්..
ReplyDeleteඒ කියන ගුණාංග තියෙන කෙනෙක් කාගෙවත් අඹුවක් වෙයිද කියන එකයි ප්‍රශ්ණය. මොකද එහෙම කෙනෙක් ඉන්නවනම් ඒ මනුෂ්‍ය ස්වභාවයන් ඉක්මවා ගිය කෙනෙක් වෙන්න ඕනි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වූ පමණින් යශෝධරා එවැනිම වීද යන්න කිව නොහැකියි. ජීවත්ව නොසිටින අයට සාහිත්‍යයේ මෙන්ම ඉතිහාසයේද ශුද්ධත්වය ආරෝපණය කරනව.
ReplyDeleteඒත් එහෙම ගැහැණු හෝ පුරුෂයින් බවට පත්වෙන්න උත්සාහ කරන්නේනම් කවුරුත් ලෝකය ලස්සන තැනක් වෙයි.
හැබැයි ඔය කියන ලිස්ට් එකේ තියෙන සමහර දේ සිදුහත් කුමාරය කිවුවයි කියල පස්සේ කාලේ එකතු කළ දේ. ඒ මොකද ඒවා බුද්ධ දර්ශනයත් එක්ක පරස්පර විරෝදියි.. මං හිතන්නේ පුරුෂාධිපත්‍යය තවත් සවිමත් කරන්න මේ අවස්ථා යොදාගත්ත බවයි..
ReplyDeleteලංකාවෙ ඉපදෙන හැම බෞද්ධ තරුණියක්ම යශෝදරාවක්ම වේවා! කියල මම පතනවා නංගියේ. ඒ උනාට කියන්න නම් බොහොම කනගාටුයි, අපේ දැරිවියන්ට අද කාලෙ සමානාත්මතාවය හොයන හින්දමද මම දන්නේ නෑ තමන්ගෙ ස්වාමියාට ගරුසරු ඇතිව කතාකරන්න වත් දන්නෙ නම් නෑ. කැත්තට පොල්ල වගේ වචන හරබය. අනේ අපොයි!! කියල මටත් මේව දැක්කම හිතෙන්නෙ. දරුවන්, ස්වාමියා වෙනුවෙන් කැප කිරීම් කරල ඉන්න යුවතියන් අද නම් හරිම අඩුයි. ඒ කැපකිරීම කරන්න උවමනාවක් නම් ඇත්තෙම නෑ. මොකද? මාසෙ අන්තිමට ලැබෙන සොච්චම නැති වෙයි කියල. ඒ වගේම තමන්ගෙ උනත් මනුස්සයාට බාල්දුවෙයි කියල.එහෙම හිතල කිසිම හිතක් පපුවක් නැතිව වැඩ කරනවා. පිරිමියෙක් කොහොමත් බලාපොරොත්තු වෙන්නෙ සාමකාමී ජීවිතයක් ගෙදර ඇතුලෙ. අපි උනත් ඒ අයගෙන් බලා පොරොත්තු වෙන්නෙත් එච්චරයි නේද? මේ දෙපැත්තම අද කලබල කාරී පරිසරය නිසාම වල්මත් වෙලා වගෙයි. දැන් දැන් ධර්මයේ හැසිරෙමින් ඒ අනුව දිවි ගෙවන්න උත්සාහ කරන දුවල පුතාල ටික දෙනෙක් සමාජයේ ඉන්නවා. ඒක හොඳ ලක්ෂණයක් කියල මම හිතනවා. විශාකා කුමාරිකාවෝ නමින් දොස්තර සරත් අමරසේකර විසින් පලකල නරමානේ බුද්ධරක්ඛිත හිමියන් විසින් ලියන ලද මහැඟි පොත අපේ පාසැල් වල දියනියන්ට කියවීමට නිර්දෙශ කල යුතුමයි කියල හිතෙනවා මට. යශෝදරාවන් සේම වැදගත් චරිතයක් නිසාම.
ReplyDelete@තිස්ස දොඩන්ගොඩ: සතුටු වෙමි ඒ ගැන. ස්තුතියි ආවාට.
ReplyDelete@Dinesh : ඉන් අල්පයක් හෝ ඇති කෙනෙකුට සිදුහත් කුමරුගේ ගුණ අල්පයක් හෝ ඇති අයෙකු වන්න.
@``` Outsider``` : හ්ම්.. එවිට ලෝකය ලස්සනයි.
@සරත් ලංකාප්‍රිය: වෙන්න ඇති. ස්තුතියි.
@Chandi: ම්.. යසෝදරලට සිදුහත්ලත් මුන ගැහෙන්න ඕනැ නේද?
මැණික්
යසෝදරාත්, කුවේණියත්, අනුළාත්, බන්ධුල මල්ලිකාත්, අම්බපාලිත් ජීවත්වෙන්නෙ එකම ගෑණියෙක්ගෙ ඇතුලෙ. සමාජයෙන් එන සංවේදනා එක්ක විවිධ අවස්ථාවල විවිධ චරිත එලියට එනව. එච්චරයි.
ReplyDeleteමට යසෝධරාවක් නම් එපා..
ReplyDeleteඑහෙම උනොත් Life එක Boring වෙයි...
කොහොම උනත් මේ ගති ගුණ ඔක්කොම තියන් යශෝධරාවක් වෙන එක නම් හරි අමාරුයි වගේ
ReplyDeleteඅනේ මට නම් එපා යශෝදරාවක්. පරණ පඬිවරයො කියල තියෙන්නෙ
ReplyDeleteයහපත් බිරිඳක් තුල මවක්, මිතුරියක් සහ නිදි යහනේදී වෙසඟනක්ද ජීවත් විය යුතුය කියලයි.
අපිත් මිනිස්සුනෙ අප්පා. දැම්ම බුදුන් දැක නිවන් දකින්න මගේ නම් අදහසක් නෑ.