-->

Wednesday, June 2, 2010

දියණියකගේ වෙනස


ගහට මලටද සිනා සලමින්
විපිලිසරවී බලා හිඳිමින්
කිමද දියණියනේ සසලව
මෙසේ වැලපෙන්නේ

මල් පියල්ලක් විලස දෝතට
කිරි සිනා පා එකළු කර හද
එදා ඔබ ආදා
දැල්වුනා රන් පහන් අප විජිතේ

දිනෙන් දින විකසිතව වැඩෙමින්
රුවද සුවඳද හිමිවෙමින්
යොවුන් විය වෙත පිය නගනු ඔබ
බලා සිටියා සෙනෙහසින්

අබැටකුදු හෝ දුකක් වන්නට
නොදී වෙර වීරිය පුරා
ඔබටවත් නොදැනෙනා විලසට
දුනිමි ‍රැකවරනය සදා

පිය සෙනෙහෙ මහ මෙරක් තරමට
දියණියෙනි හද ඇවිල ඒ
කියනු මැන කවුරුන්ද ඔබගේ
හිත මගෙන් වෙන් කොට ගියේ

8 comments:

  1. Mal 7 i
    Ela kiri
    photo 1 lankawe kellekge 1k dammanam hodai kiyala hitenawa....

    ReplyDelete
  2. හරිම සංවේදීයි මැණික්....

    ReplyDelete
  3. ලස්සනයි. මමත් හිතන්නෙ පිංතූරෙ වෙනස් කළා නම් හොදයි කියල.

    ReplyDelete
  4. පියවරුනි,
    ඔබේ දරුවන් ඔබේ නොවේ.

    ReplyDelete
  5. ඔබටවත් නොදැනෙනා විලසට
    දුනිමි ‍රැකවරනය සදා....

    හුගාක් සංවේදි..ලස්සනයි!!!

    ReplyDelete
  6. අර සින්දුව..
    තාත්තා මම නුඹගේ මුරුකරු නොවේ...

    නොකියා මට උන් ගැන කේලම්..
    මාව අසරණ කරනවා නුඹ දුවේ..

    Chejana

    ReplyDelete
  7. අදහස් පලකල හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  8. සංවේදී පදපෙලක්

    ReplyDelete