විස්මයක් ඇයි මේ
පිල්ලේ මැතිණියනි ඔය
අයිශ්චයිරිය එහෙමයි
ගෝත්‍රිකයන්ගේ ලොව
මෙ රටේ සිටින්නේ
කෑලි, ගෙඩි, බඩු පමණය
මවුන් සොහොයුරියන්
දියණියන් මෙහි කොහි වෙද ?
එක හමාරේ දැරියද
අසූ නමයැති මැහැලිද
කෑලි, ගෙඩි, බඩු පමණකි
අමනයන්ගේ ලොව තුල
ඒ ගෙඩි, කෑලි, බඩු ටික
පල්ලි, පන්සල්, කෝවිල්
තුල සරණය සොයයි
හෙම්බත්ව පීඩනයෙන්
ආගමේ නාමෙන්
පල්ලි, පන්සල්, කෝවිල්
තුල වැඩ හිඳින්නෙත්
දේව වෙස් ගත් යකුන්, රකුසන්
පෙනෙන්නැති ඔබවත්
කෑල්ලක් ලෙස රසවත්
විවාහ ඇරයුමක් සේ
පිටවුනේ ඒ මනදොළ
වෙන රටක සිදුවුනි නම්
පදවි අහිමිව දඟ ගෙහි
නඩු, බඩු දෙකම මෙහෙ
හාමුදුරු රජ ඇත්තගෙ
මොන මොන පරික්ෂණ
කළත් ඉන් නැත කම් පල
කළ යුතු වේය වෙදකම
හේතුව සොයා දැන ගෙන
හැකිනම් එවනු මැන
සාම සාධක මුළුවක්
මානසික වෙදුන්ගෙන්
පමණක් සැදුම් ලත්වූ
අහන්න දකින්න ලැබෙන බොහෝ දේ ගැන ඇතිවුන කළකිරීම නිසා මේ ටික ලියවුනත් එය පල කිරීම පමා කලේ ඉන් සුගතියක් වේදැයි සිතමින්. ප්‍රතිපලය නොව හේතුව ප්‍රශ්න කළ යුතු යුගයක අපි සිටිමු. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර එකිනෙකා හා පැවතිය යුතු ගෞරවය බිඳ වැටීම මීට හේතුවද?
පැරණි සමාජයේ මානසික බිඳ වැටීම් හමුවේ පන්සල ඒ සියලු දුක් නිවන තැනක් වුනා. අද එහි එදා පැවති ගෞරවය මෙන්ම රැකවරණයද නොමැත. ස්ත්‍රී දූෂණ වලින්ද පෙරමුන ගෙන ඇති මානසික රෝගී සමාජයකට අවශ්‍ය තරම් මානසික වෛද්‍යවරුන් අපට සිටිනවාද?
මේ තමයි අපි අද දවසේ මුහුණ දෙන බිහිසුනු යථාර්ථය. එවන් සමාජයක් කවදා පිටුදැකිය හැකි දැයි කිව නොහැකිය.
ReplyDeleteමෙවන් කවි ලියා පළ නොකර සිටිමෙන් වෙන්නෙ අගතියක් ඒ යම්තරමකට හෝ සාමාජීය ගැටලු සාකච්ඡාවට බඳුන් නොවන නිසා. ඒ නිසා මෙහෙම සාකච්ඡාවට බදුන් වන එකවත් හොඳයි.
මේ ලිවීමෙන් එක් එක් අය තනි තනිව හෝ මොහොතක් සිතනවා නම්!!
Deleteමැණික්
සුගතියක් වුනා නැතා මෙවන් නිර්මාණ බිහිකොට සඟවා තැබීම නම් අපරාධයකි. අගේ ඇති කවු පෙළක්.
ReplyDeleteසහතික ඇත්ත. සමාජයේ හැටි පෙන්නා දීම නිර්මාණකරුවකු ගේ කාර්යයක්.
Deleteස්තුතියි දෙදෙනාටම. පිල්ලේ මැතිණිය සම්බන්ධ සිද්දිය ගැන සිතනව නම් එය ජාතියක් වශයෙන් සියල්ලම ලැජ්ජා විය යුතු කරුණක්. මම දැක්කා ඔවුන් සම්බන්ධ විවාහ ඡායාරූප හදා අන්තර් ජාලය තුල පල කර තිබෙනවා. ඇත්තෙන්ම මෙය විහිලුවක් නෙවෙයි එවැනි දේ කිරීමට. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස ආරාධනා කොට පැමිණි අයෙකුට නිසි ගෞරවය ලැබිය යුතුයි. රටක් විදියට අපි ශීලාචාර ජාතියක් වන්නේ එවිට.
Deleteමැණික්
කාලෙකට පස්සේ බ්ලොග් කියවන්න ආවේ.
ReplyDeleteඅපූරු මුතු ඇටේ වෙන දේවල් දැක්කම හිතාගන්න බෑ ඒ රටේ මිනිස්සු කියලා කොටසක් ඉන්නවද කියලා.
ඒත් මොනවා කරන්නද පුළු පුළුවන් විදියට හරි අපි අපි හරි වෙනස් වෙනවා මිස.
ඇත්ත හැකි ලෙස තම තමන් වෙනස් වීම තමයි කළ හැකි එකම දේ. ස්තුතියි
Deleteමැණික්
අබුද්දස්ස කාලෙට කලින්ම යන ලංකාව..
ReplyDeleteඅබුද්දස කාලෙට යනවද විනාශය කරා යනවද? තව කෙනෙකුට අපහාස කිරීමත් දැන් අවර ගනයේ විහිලුවක් වෙලා. පොඩි දරුවන්ට ආදර්ශය ලැබෙන්නේ ඉහලින්. ජන මාධ්‍ය වල මේවා දකින්න ලැබෙන්නේ උත්කර්ශවත් ලෙසින්. මේ සියල්ල රූප පෙට්ටියේ දකිමින් අපේ අනාගත පරපුර උකහා ගන්න බව කාටත් අමතක වෙලා. ස්තුතියි
Deleteමැණික්