-->

Friday, September 16, 2011

"හිත රිදුන දසුනක්"

ආගමික නායකයන් හැම කෙනෙක්ම ඒ ඒ ආගම් අදහන පුද්ගලයන් විසින් උතුම් කොට සලකන්නේ ඒ හැම ආගමික නායකයෙක්ම මිනිස් පරපුර වෙනුවෙන් යම් මිල කළ නොහැකි මෙහෙයක් කොට තියන නිසා බව කවුරුත් දන්න කාරනයක්. ඉතින් ඒ නිසාම අපේ රටේදි සංඝ සමාජය තුල මොන තරම් අකටයුතු කම් සිදු වුනත් ගෞතම බුදුන්වහන්සේ වෙනුවෙන් අපේ හිත් තුල ඇති භක්තිය කුමන ලෙසකින් වත් අඩු වන්නේ නැහැ.
ලෝකයේ කාලෙන් කාලෙට අසංවේදී මිනිසුන් අතින් අපි දන්න බොහෝ ආගමික නායකයන්ට අගරු වන ආකාරයේ කටයුතු සිදුවුනා. සමහර අන්තගාමී අය අතින් මේ හේතු නිසා බොහෝ කැළඹිලිත් ඇතිවුනා. සමහර අවස්ථාවල මට හිතුන දෙයක් තමයි මේ ආගමික නායකයන් ඇත්තටම මේ සිදුවීම් වන විට ජීවත්ව සිටියා නම් මෙවැනි දේ සිහින් සිනහවකින් බැහැර කරනු ඇති කියා. හේතුව බුදුන් වහන්සේ ජීවත්ව සිටින කාලයේත් එතුමා අපකීර්තියට පත් කරනු පිනිස චිංචිමානවිකාව සහ දෙව්දත් වගේ අය අතින් බොහෝ දේ සිදුවුනත් එතුමා ඒ සියල්ල නිහඬ මුවින් ඉවසා සිටි නිසයි. ඉතින් මේ වැල් වටාරම් කුමක් සඳහාදැයි ඔබ සිතනු ඇති. බලන්න පහත පින්තූරය:
තව කෙනෙකුගේ ආරාධනාවක් මත මට ලඟකදි යන්න ලැබුනා East Side Mario's නමින් හඳුන්වන resturant  එකකට දහවල් කෑම සඳහා. අපි දහ දෙනෙක් එක මේසයක් වටා හිඳගෙන සතු‍ටු සාමිචියේ යෙදෙමින් ඉන්න විට වේටර් වරිය පැමිණ මෙනූ පත පිළිගැන්නුවා. මෙනූ පත දු‍ටු විගස මගේ නෙත ගියේ හිත කකියවන වචන පෙලක් දෙසට. තිගැස්මක්. ඒ මෙනූ පතේ ඡායාරූපයක් තමා ඔය උඩින් තියෙන්නේ.
එම දසුන හිත සසල කළ නිසාම අන්තර් ජාලය පීරා මේ ගැන  සොයන්නට මට සිතුනි. මට ලැබුන තොරතුරු අනුව මේ භෝජනාගාරය ඉතාලි ඇමරිකානු ආහාර සඳහා විශේෂිත වන අතර ඔවුන් සඳහන් කරන ආකාරයට 2010 දී ඔවුන් නිපදවූ ප්‍රචාරක වීඩියෝ පටයෙහි ඇති  "Hey, budda boom budda bing" යන පාඨය නිසා මිනිසුන් අතර එය බොහෝ ප්‍රචලිත වී ඇතැයි කියනු ලැබේ.
 "The restaurant specializes in Italian-American cuisine. People are most familiar with the restaurant's long running jingle featuring the catch phrase: "Hey, budda boom budda bing". The song is demonstrated in the making-of video for the 2010 advertisement."
මේ පිලිබඳව තවදුරටත් සොයා බැලීමේදී  මට එක් වීඩියෝ පටයක්ද සොයා ගැනීමට හැකිවිය.
 "EAST SIDE MARIO'S "BUDDA BOOM BUDDA CHING" 2011 CONTEST  http://www.youtube.com/watch?v=CeUW-eC9Tyk"
මීට අමතරව නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ Monsoon Poon, Asian Restaurant හි පහත සඳහන් ආකාරයට මේ නමින්ම කොක්ටේල් එකක් පිරිනමන බව සඳහන් කොට තිබුනි.
"The décor is warm and welcoming, and there's a nice bar to sit at if you have to wait for a table.  Why not try their ‘Buddha Bing Buddha Boom‘ cocktail or after your meal try the ‘Feng Shui' dessert cocktail - winter berries, manuka honey, pomegranate molasses, chambord, bacardi razz & limón all cocktails intended ‘to make ladies smile and boys strong'..."
"බුද්ධ" යන වචනය හැර මේ කිසිම තැනක බුදුන් වහන්සේගේ ඡායාරූපයක් ඔවුන් භාවිතා කොට ඇති බවක් මගේ ඇසට හසු වුනේ නැත. එහෙත් මට කුතුහලය දැනවූ කාරනය වූයේ මෙම වචනය ඔවුන් කුමන අරුතකින් භාවිතා කළාද යන්නයි. "බුද්ධ" යන වචනයට අපි අනුපමේය අගයක් දෙන බැවින් මේ සිදුවීමේදී මගේ සිත සසල වුවද අවසන එය ඔවුන් තුල එතරම් හැඟීමක් ඇති නොකරන නිකම්ම නිකම් වචනයක් පමණක් වන්නට ඇතැයි මට සිතුනි. වචනයකට එක් එක් අය ලබාදෙන අරුත් අනුව හැඟිම් වල වෙනසක් ඇති වුවද වචන යනු අකුරු ඇමුනුම් පමණක් බව අවසන මට සිතිනි. එබැවින් මේ  සටහන ගැන අන්තගාමී ඇසකින් නොබලනු ඇතැයි මම සිතමි.

11 comments:

  1. මම නම් හිතන්නේ අක්කෙ ඕක හිතාමතාම අපහාස කිරීමේ අදහසින්ම කරන දෙයක් කියල. තව ගොඩක් ඔය වගේ වැඩ තියනවා. සාරි වල, බිස්කට් වල, සෙරෙප්පු වල වගේ බුද්ධ රූප පවා දාලා තියනවා.

    ReplyDelete
  2. ප්‍රිසිද්ධියට පත් වීමටත්,අනිත් අයගේ ආකර්ෂණය ලබා ගැනීමටත් ඇතමුන් මේ වගේ දේවල් කරනවා...

    ReplyDelete
  3. බුද්ධ "Awakened" කියන වචනේ තේරුම අරගන මේ වැඩේ කරනවද දන්නේ නෑ. මාත් කොහේදි හරි දැක්කා මොකක් හරි ආසියානු කෑමක 'බුද්ධ' එක්ක තවත් මොකක් හරි වචනයක් දාලා තියනවා. වෙනත් ජාතීන් ගොඩාක් හිටපු හන්දා ඒ පස්සේ යන්ට බැරි උනා. දැන්වත් හොයලා බලන්ට ඕනි.

    ReplyDelete
  4. මටනම් තේ‍රුණේ නෑ ඒ කියල තියෙන ඒවගෙ අර්ථය.

    ReplyDelete
  5. බුදුදහමට නිගා කරන්න හදන මිනිස්සු කණ්ඩායමකුත් ඉන්නවනේ අක්කේ... මේ ඒ අයගේ වැඩක්... මමත් ඉතාලියේ සමහර තැන් වල දැකලා තියෙනවා " බුද්ධ" කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා...

    ReplyDelete
  6. අනේ මන්දා....හැමදේම විකුනාගෙන් කන්න බලනවා දැන් බුදුන් වත් විකුණාගෙන කනවා

    ReplyDelete
  7. මෙවන් අයුරින් බුදුන්ට නිගාකරන හැමදෙනාටම කවදහරි ඔවුන් කරපු පවුකම් තේරේවී. හැබැයි එතකොට හුගක් ප්‍රමාද වැඩියි. මේවගේ දේවල් කොච්චර කලත් මේ උතුම් සද්ධර්මය ලොකයේ සදතනිකව පවතිනු ඇත.

    ලිපිය ඇත්තටම හුගක් වටිනවා. ආගම ජාතිය ගැන සිතන, ඒ වෙනුවෙන් හඩක් නගන ඔබ වැනි මිනිසුන් ජාතියට ජීවයක්.
    ඔබට ජය.
    තෙරුවන්සරණයි!!!

    ReplyDelete
  8. වෙලාව අඩුකම නිසා උත්තර ලියන්න හැමදාම බැරි වෙනවා. ඒකට ඉතින් සමාවෙන්න. ස්තුතියි හැමෝටම.
    මැණික්

    ReplyDelete
  9. මේ තියෙන්නෙ මෙල්බර්න් නගර මැද තියෙන ජපන් රෙස්ටුරන්ට් එකක්.
    http://www.chocolatebuddha.com.au/
    sushi ඇතුලු සියලු ජපන් ආහර වර්ග තියනවා..
    කඩේ හැම තැනම බුද්ද රුප තියල තිබ්බා මතකයි.
    මගෙ Ausi මිතුරියකගෙ ආරදනවකට ගිහිනුයි දැක්කෙ.
    එත් මට එ රෙස්ටුරන්ට් එකෙත් බුද්දුන්ගෙත් ඇති සම්බන්ද කමක් නම් පෙනුනෙ නෑ..
    එත් මේ නම මන් ප්‍රචලිතයි.
    පො.කු. නම් මේක දන්නවත් ඇති.

    Melbourne Ausiyan බුද්ද රුප පාවිච්චි කරන්නව.. මිදුල් අලන්කරනයට…
    අපි ඔය එක එක රුප තියන්නෙ.. අලි, වතුර මල් වගේ..
    මම බුද්ද ප්‍රතිමාවක් ගන්න ගිය කඩෙ සේල්ස් ගර්ල් බුද්ද ප්‍රතිමාවක් හැදින් වුවෙ 'SHE' කියල.

    මම ඇයට පැහදිලි කලත් ඇයට තෙරුනේ නෑ, මම වන්දන කරන්නයි මේක ගන්නෙ කියල.
    මුලදි මේ වගෙ දේවල් ගැන තරහක් අවේගයක් ආවත්, මට දැන් හිතෙනව ඔය වගෙ දේවල් වලට සැලෙන එක නෙමේ බෞද්ද කම කියල.
    එකටත් හේතු උනේ..
    මෙහට ආව මුල් දිනවල මම සම්බන්ඩ් උන යෝගා පන්තියක membership tag එක ලෙස දුන්නෙ බුද්ද සිරසක්. ඒ වෙලවේ නම් මට සෑහෙන්න කෙන්ති ගිහින් reception කෙල්ලට කිව්ව.. මට මේක අරන් යන්න බෑ.. කරුනා කරල අනිත් අයටත් මෙක දෙන එක නවත්තන්න කියල.
    reception සුද්දි මට වෙන ටග් එකක් දුන්නා දිලා කීවා...
    "I do respect budhdha lot.. and follow all the time.. this just a symbol.. Don’t worry abt that..go inside and relax"
    මට මොකක් හිතෙන්න ඇතිද?

    ReplyDelete
  10. බුදු හාමුදුරුවො නින්දා-ප්‍රශංසා වලින් කම්පා වුණේ නෑ

    ReplyDelete
  11. මං ලියන්න ගිය අදහස චානුකද ලියලා තියෙනවා.

    එයට එකතුකරනවා නම්, මේ වාගේ සරල දේවල් අරගෙන පිස්සෝ වගේ කෑ ගැසීමයි බුද්ධාට කරන ලොකුම අවමානය. ඒවා තලිබාන් ලා ගේ වැඩ.

    දැන් මං බුද්ධා කියා ලියපු එක ගැනත් සමහරුන්ට තද වෙන්න ඉඩ තියෙනවා ඇයි බුදු රජුන්, බුදුන් හෝ බුදුහාමුදූරුවෝ යැයි ලිව්වේ නැත්තේ කියා.

    ඉස්සෙල්ලාම මං එහෙම ලිව්වේ ඇයි කියලා හිතන්න, එතකොට ඔය පීසා, පාස්ටා, සුෂී, සෙරෙප්පු, කලිසං විකුණන අය ගැනත් මෛත්‍රී කරන්න පුළුවන් වේවි!

    ReplyDelete