-->

Monday, August 26, 2013

"මක්කදැයි කරන්නේ?"

(ඡායාරූපය "Daily Mirror" වෙබ් අඩවියෙනි)

ඇන්නෑවෙ මක්කදැයි
මුන් අපිට කරන්නේ?
ටොමියො කල්පනාවෙන් ..!!
උන්ට බාගෙට පිස්සු

ඒක වෙද මාත් මේ
හතර අත බලන්නේ
තොප්පියක් මගෙ ඔලුවෙ
මොන තොප්පියක්ද මේ?

මතුර මතුරා අරුන්
මොනාදැයි කියන්නේ?
බෙල්ලෙ පටි මදිවාට
අත් දෙකෙත් නූල් බැඳ

උන්ගෙ නරි නාඩගම්
අපිට දෙන්නේ මොටද?
මෙව්ව නැතිවට අපිට
හිටිය නොවැ යස රඟට

ටිකී මෙහෙ බලාපන්
ඔන්න කිව්වා උඹට
එන්නෙ නෑ මට එහෙම
අන පනත් දාන්නට

මයෙ මොකෝ මටත් බෑ
විහින් හිර ගෙට යන්ට
ටොමී උඹ වෙනුවෙන්ම
මටත් බෑ ලත වෙන්ට

ඇන්නෑවෙ මක්කදැයි
දැන් ඉතින් කරන්නේ?
දීපියව් අපිට අපෙ
බලු අයිතිවාසිකම් !!!

16 comments:

  1. ඇන්නෑවෙ අනුවනකම් තේරී නෑ මේ වෙනකන්
    දැන්නම් නිකම්ම නිකන් බුඃ

    ReplyDelete
  2. එහෙම බෑ බැන්දුවේ අයිතිවාසිකම් තියෙන නිසානේ...

    ReplyDelete
    Replies
    1. මොන අයිතිවාසිකම්ද? මිනිස් අයිතිවාසිකම් වෙන්න ඇති.

      Delete
  3. බල්ලොන්ට උන්ගේ කාරිය නිදහසේ කොරගන්න දෙන්නෙ නැතුව කරන විගඩං..

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද මේවා. දෙයියොත් හිනා වෙනවා ඇති.

      Delete
  4. අනේ බල්ලෝ..ඔය බැල්ලිත් එක්කම නිදාගනින්.නැත්නම් පෝරුවේ නග්ගපු එවුන්ම උඹට දික්කසාද නඩුවකුත් දායි.

    ReplyDelete
    Replies
    1. දැන් අලුතින් නීති හදනවලු.

      Delete
  5. ඇත්තටම බල්ලන්ට කතා කරන්න පුලුවන් උනා නං කියයි “ උඹලගේ මළ විකාර උඹලම තියාගනිල්ලා අපේ කරේ ගහන්න එන් නැතුව කියලා...” හි හි...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට පොටෝ කාරයන්ට හෝල් වලටත් හොඳ වෙයිද මන්දා?

      Delete
  6. මෙහෙමත් විගඩම්!

    ReplyDelete
    Replies
    1. අනේ කාලේ වනේ වාසේ කියල කවුද කිව්වලු

      Delete