-->

Monday, November 19, 2012

"පරිශුද්ධ උතුමනි"

ගංඟානම් ග‍ඟෙන්
පවිත්‍රව ගෙට පැමිණ
සුදු වතින් සිනාසෙන
පරිශුද්ධ උතුමනේ !!
දිය නයි ගඳ මොකද
තොපේ ලඟ
දැනෙන්නේ...??

සුදු නෙළුම් පරවෙලා
කිඩාරම් මල් පිපී
එන්න දැන් පේලියට
ගල් ගසා මරන්නට
පව්කාර ඇය ඉතින්...
ආමෙන් ..... !!!

8 comments:

  1. පරිස්සමෙන් කියනු මැන
    ආරාධනාව ගල් ගසන්නට
    පෙළ ගැසී ඇත සුදනන්
    කෝටි දෙකක් පළමු වන්නට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට.
      මැණික්

      Delete
  2. ලස්සනයි නංගි, ලෝකෙ හැටි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලෝකෙ හැටිද. ලංකාවෙ හැටිද? ඔය අපේ මංත්‍රීතුමෙකුට දැනුන දෙයක්නෙ.
      මැණික්

      Delete
  3. මැනික් ලියපු කවි අතර වෙනස්ම විදියේ කවියක් ඔබේ බ්ලොග් එකේ මෙවැනි කවි ලියවෙන්නේ අඩුවෙන්ම. රැඩිකල් අදහසක් බෙහෙවින්ම කාව්‍යාත්මකයි

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද? රැඩිකල්ද කියල නම් දන්නෙ නැහැ. ඇයි අහගෙන හිටියෙ නැද්ද අපේ මංත්‍රීතුමා කිව්ව කතා ටික.
      මැණික්

      Delete
  4. අර්ථවත්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  5. මැරවින්ට පුළුවන්ද ගැරඩි හම ගලවන්ට???

    ReplyDelete