-->

Monday, March 1, 2010

ඔබ මගේ දුවනියයි

රෝස මලයි පිච්ච මලයි ලස්සනයි ඉතා
අන්න හරි අම්ම ලඟින් ඒ වගෙයි පුතා
අනේ අම්මෙ ආයේ නම් දුව කියන්නෙපා
මම අම්මගෙ පිච්ච මලක් වාගෙ සුදු පුතා

අප්පච්චි ඊයෙ හවස හොඳටම බැන්නා
ගෑනු ළමයි ගස් නගින්නෙ නැති බව කිව්වා
ඉදුනු පේර කඩන්න මගෙ අත දිග මදිනම්
මල්ලි වගේ කඩා ගන්න ඇයි මට තහනම්

අත්තම්මගෙ නීති ගොඩයි මල්ලිට වැඩියෙන්
ගෑනු ළමයි හිනා වෙන්නෙ නෑ හරි හය්යෙන්
ඇවිදින්නත් ඕනලු දඟ බඟ නැති විදියෙන්
දුවෙකුට විතරක් තහංචි මොකටද වැඩියෙන්

ඒක නිසා මගෙ අම්මේ පුතා කියන්න
එතකොට මගෙ ලොව නිදහස් පියඹා යන්න
එහෙම වෙන්නෙ නැහැ දියනියෙ තේරුම් ගන්න
පුතෙකුට බැහැ මව් පදවියෙ උරුමය ගන්න

1 comment:

  1. අප්පච්චී ඊයෙ හවස හොඳටම බැන්නෙත්
    අත්තම්මගෙ නීතිරීති ගොඩ වැඩි වෙන්නෙත්
    ලැජ්ජ බයට හැදුනු දරුව සැමට වටින්නෙත්
    හොඳ අහන්නෙ කවුරුත් නොව අම්මත් අප්පත්

    ReplyDelete