වයස අවුරුදු දහතුනේදි පමණ මගේ පියා මා පසෙකට කැඳවා මගේ ජීවිතය වෙනස් කරන අන්දමේ යමක් මට පැවසීය. "පුතේ ඔබ ජීවිතයේ මොනවා කළත් මෙන්න මේ ටික දැනගන්න. මගේ නිවසේ දොර නිරතුරුවම ඔබ සඳහා විවෘතව ඇත". ඔහු මට පිළිගැන්වූයේ අසීමිත ආදරයයි. එහි බැඳීම් කිසිවක් නොතිබිණි. මා ඔහුගේ පුතණුවන්ය. එය හොඳටම සෑහේ. එය සැබැවින්ම ඔහුගේ මුළු හිතින්මය.
කිසියම් කොන්දේසියකට යටත් නොකර වෙනත් කෙනෙකුට තම හදවතේ දොර විවෘත කර ඇතැයි කීමට ධෛර්යයක් සහ ප්‍රඥාවක් අවශ්‍ය වේ. මුලු හිතින්ම, නියම අර්ථයෙන්ම, එවැනි වචනයක් ඔබ විසින් කිසියම් සමීප තැනැත්තෙකුට කිවහොත් ඔබේ ආදරය වැඩි වැඩියෙන් ලබාගැනීම සඳහා ඔහු හිස ඔසවා බලනු විනා හිස පහළට හරවාගෙන සිටින්නේ නැත.
පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ලියූ Opening the Door of your heart and other Buddhist tales of Happiness, පරිවර්තනය එල් බී ඩබ්ලිව් සෙනෙවිරත්න
No comments:
Post a Comment