බෞද්ධාගමිකයන් ලෙස මාර්ග ඵල ලාභීන් සතුව පවතින එක් විශේෂ හැකියාවක් ලෙස දිවැස (Clairvoyance) ගැන අප අසා ඇත. බටහිර ආභාෂය අනුව විද්‍යාත්මක නිරීක්ෂණ සහ නිගමන මත පදනම්ව පසිඳුරන් ඇසුරෙන් ලෝකය දැකීමට පුරුදු පුහුනුව ඇති අපි මෙවැන්නක් පවතීදැයි සැක සංකා ඇති කර ගැනීමටද පෙළඹෙමු. එසේ නමුත් අපේ පසිඳුරන්ට හසු වන්නේ මිනිස් ජීවීන් ලෙස ඊට අයත් පරාසයන් බව විද්‍යාවෙන්ම සනාථ කොට ඇත. නිදසුනක් ලෙස අපේ ඇසට පෙනෙන පරාසයට වඩා සමහර සතුන්ට පෙනෙන පරාසයන් වෙනස් බැවින් අපට නොපෙනෙන සමහර දේ මෙම සතුන්ට පෙනේ. ජීවීන් ලෙස අපට පෙනීම ලැබෙන්නේ ආලෝක තරංග වල එම ජීව කොට්ටාශයට අයත් සංඛ්‍යාත පරාසය තුල වන අතර ඇසෙන ශබ්දද එම ජීව කොට්ටාශයට අදාල පරාසයන්ට අනුකූල වේ.
නමුත් ජීවින්ට අයත් මෙම පරාසය සමහර පුද්ගලයන්ට ස්වභාවයෙන්ම වැඩි විය හැක. එවැන්නන් පිළිබඳ විස්තර විටින් විට ලොව එක් එක් පෙදෙස් වලින් අසන්නට ලැබේ. බුදු දහමට අනුව මේවා සවැනි ඉන්ද්‍රියට අයත් ශක්තීන් වන අතර භාවනාව වැනි අධ්‍යාත්මික ක්‍රම මගින් ඒවා වැඩි දියුණු කර ගත හැක. කිසියම් පුද්ගලයෙකුට මෙවන් ශක්තියක් පවතී නම් එය ඔහු හෝ ඇය සතු අධිමානසික ශක්තියක් ලෙස හැඳින්වේ. අධිමානසික ශක්තීන්ට අයත් එක් ශක්තියක් වන්නේ දිවැසයි. එය අතීන්ද්‍රිය ඥාණයට (Extrasensory Perception - ESP) අයත් එක් අංශයකි.
බටහිර විද්‍යා ඥානය වැරදි ලෙස අල්ලා ගෙන දිවැස වැනි අපේ ඇසට නොපෙනෙන සිද්ධීන් පිළිබඳව අප සැක සංකා මතු කළද බටහිර ලෝකය බොහෝ කලක සිට මෙම අධිමානසික ශක්තීන් පිළිබඳව පරීක්ෂණ පවත්වයි. ඇත්ත වශයෙන්ම ඔවුන් දියුනු කළ විද්‍යා ඥානයට හේතුව කිසියම් සැක සහිත කල්පිතයක් අවඥාවෙන් බැහැර නොකොට ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත් වීමයි. දිවැස පිළිබඳ පරීක්ෂණ වල ආරම්භය 1830 තරම් ඈත කාලයකට දිවෙන අතර ඔවුන්ගේ පරීක්ෂණ වල ප්‍රතිඵල සඳහන් බොහෝ පොතපත පළව ඇත. මේ පොත් සමහරක් පිළිබඳ විස්තර http://en.wikipedia.org/wiki/Joseph_Banks_Rhine සහ
http://en.wikipedia.org/wiki/Parapsychology
යන වෙබ් අඩවි වලින් ලබා ගත හැක. අධිමානසික විද්‍යාව පිළිබඳ පරීක්ෂකයන් බොහෝ දෙනෙකු බටහිර සරසවි වලට අනුයුක්ත විද්‍යාඥයන් වන අතර එම සරසවි ලොව පිළිගත් ආයතනද වේ. නිදසුන් ලෙසින් ඇමෙරිකාවේ හාවර්ඩ් සරසවියේ ආර්. හඩ්සන් (R. Hudgson), ඩියුක් සරසවියෙහි ජේ බී රයින් (J. B. Rhine) සහ කොළොම්බියා සරසවියෙහි ජේ. එච්. හයිස්ලොප් (J. H. Hyslop) මෙන්ම රුසියාවෙහි ශාන්ත පීටර්ස්බර්ග් සරසවියෙහි ඩී. මෙන්ඩලීව් (D. Mendeleev) මෙම ක්ෂේත්‍රයෙහි පරීක්ෂණ පැවැත්වූ විද්‍යාඥයන් වේ.

ඩියුක් සරසවියෙහි අධිමානසික විද්‍යාගාරයෙහි සේවය කළ J. B. Rhine සහ William McDougall 1937 දී ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල විද්‍යාත්මක සමාජයෙහි ප්‍රචලිත කිරීම සඳහා අධිමානසික විද්‍යා සඟරාව
Journal of Parapsychology(http://www.rhine.org/researchjournal.htm)
ආරම්භ කළ අතර තවමත් එම විද්‍යාඥයන්ගේ සිසු පරපුර එය පවත්වාගෙන යයි. දැනට ප්‍රධාන වශයෙන් මෙවැනි පරීක්ෂණ සිදු කරන එක් ස්ථානයක් වන්නේ ඇමෙරිකාවේ රයින් පර්යේෂණායතනයයි. මෙම පරීක්ෂණායතනයට බ්ලොග් අඩවියක්ද (http://rhineonline.blogspot.com) ඇති අතර වැඩි විස්තර එමගින් සහ රයින් පර්යේෂණායතනයෙහි (Rhine Research Center-http://www.rhine.org) වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.

දිවැස පරීක්ෂා කිරීම සඳහා මෙම පරීක්ෂකයන් සෙනර් කාඩ් පරීක්ෂණය (Zenner Card Test) භාවිතා කරයි. මෙම පරීක්ෂණය 1920 දී ඩියුක් සරසවියෙහි සේවය කළ මහාචාර්ය ජේ බී රයින්ගේ සිසුවෙක් වන ආචාර්ය කාල් සෙනර් (Dr. Karl Zenner) විසින් හඳුන්වා දෙන ලදී. මෙය සම්භාවිතාවයෙහි සරල නියාම මත පදනම් වූ පරීක්ෂණයක් වන අතර එයට පහත දැක්වෙන සංකේත පහ (රවුම, කතිරය, තරංගය, කොටුව සහ තරුව) එකක් පස් වරක් බැගින් සඳහන් වන පරිදි වූ කාඩ් පත් 25 ක් භාවිතා කරයි.
1. පළමුව කාඩ් පත් හොඳින් අනා ගන්න.
2. කාඩ් පත් එක එකක් බැගින් ගෙන කාඩ් පතෙහි ලකුන සඳහන් පැත්ත යට අතට සිටින සේ තබමින් පරීක්ෂණයට භාජනය වන පුද්ගලයාට සංසුන් ඒකාග්‍ර මනසින් එහි සඳහන් ලකුන අනුමාන කර පවසන ලෙස කියන්න.
3. මෙම අනුමානයන් ලකුනු කර ගන්න.
4. කාඩ් එකක් පිට එකක් තබමින් කාඩ් 25 ම අවසාන වන තුරු මෙය සිදු කරන්න.
5. අවසානයේ කාඩ් කුට්ටම උඩ අතට හරවා නිවැරදි කාඩ් සලකුන සමඟ පරීක්ෂණයට සහභාගි වූ පුද්ගලයා අනුමාන කළ සලකුනු සසඳන්න. නිවැරදිව අනුමාන කළ සංඛ්‍යාව ලකුනු කර ගන්න.
6. මෙය වැඩි වාර ගනනක් කරන්න.
නිදසුනක් ලෙස ඔබ මෙම කාඩ් කුට්ටම භාවිතයෙන් හතර වතාවක් මෙම අනුමාන කිරීම් සිදු කළේ නම් ඔබ අනුමාන කිරීම් 100 ක් සිදු කර ඇත. සම්භාවිතා නියමයන් අනුව මෙවිට සසම්භාවී අනුමාන කිරීම් බලාපොරොත්තු විය හැක්කේ 20 ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවකි. පරීක්ෂණයට භාජනය වූ තැනැත්තා 40 හෝ ඊට වැඩි වාර ගනනක් අනුමාන කොට ඇත්නම් එමගින් ඔහු හෝ ඇයට දිවැස් ඇතැයි සැකකළ හැක.
මෙම පරීක්ෂණය පරිගනකය භාවිතයෙන් කිරීමටද අවකාශ සලසා දී ඇත. පහත වෙබ් අඩවි වලින් එය ඔබට අත් හදා බැලිය හැක.
1. http://www.psychicscience.org/esp3.aspx
2. http://www.psychic-experience-for-you.com
3. http://www.freepsychicnetwork.com/Free_Psychic_Abilities_Test.html
මෙම වෙබ් අඩවි මගින් ඔබේ අනුමාන කිරීම් වලට අදාල සම්භාවිතා අගයන්ද දෙනු ලබයි. ඉතින් බලන්න ඔබටත් දිවැස් තිබේද කියා. වඩා හොඳ ප්‍රථිපල ලබාගැනීමට සංසුන් පරිසරයක සංසුන් මනසකින් යුතුව පරීක්ෂා කර බලන්න. පෘතග්ජන මට නම් දිවැස් නැහැ. එහෙත් ඔබ එවන් වාසනාවන්තයෙක් නම් !!

ඉතාම හොඳ ලිපියක් ඒකට ස්තූතියි.
ReplyDeleteඔය පිළිබඳව සිංහලට පරිවර්තනය වුණු පොත් කිහිපයක් මම දැකල කියවල තියෙනව. ඒත් මේ බටහිර නිරීක්ෂකයින් යෝජනා කරන අත්හදාබැලීම් වලින් හැමෝටම සාර්ථකත්වය ලබන්න පුඵවන් කියල මම දකින්නෙ නෑ. මොකද එකිනෙකාගෙ මනසෙහි වර්ධනය විවිධ අවස්ථාවල පවතින නිසා. ඒකයි මේ දේවල් හඳුන්වා දුන් රටවල්වල පවා සාර්ථකත්වය ලැබු පුද්ගලයින් අඩු වෙන්න හේතුව විය හැක්කෙ.
මම පුද්ගලිකව හිතනව පෙරදිග ආගමික දර්ශනයන් ඔවුන්ට වඩා ඉහළින් සිටින බව.
මාත් මේක කරල තියෙනවා 40 ක් විතර ආවා ඒත් දිවැස් නෑනෙ
ReplyDeleteස්තුතියි. පෙරදිග ආගමික දර්ශන ඔවුන්ට වඩා ඉහළින් සිටියත් අපේ සමහර අයට පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන නැත්නම් ඒවා ඉතාම ලෙහෙසියෙන් අවඥාවෙන් බැහැර කරන්නනේ වඩා කැමති.
ReplyDeleteපොඩි නිවැරිදි කිරීමක්!
ReplyDeleteදිවැස අයිති වන්නේ ලෞකික තත්වයන්ට.
දිවැස් නැති රහතන් වහන්සේලා වැඩ සිටිනවා.ඒ වගේම පෘතග්ජන දිවැස් ලාභීන් ඉන්නවා.
jayantha karunanayake හරි මාර්ග ඵල ලාභීන් සහ සෘද්ධි ලාභීන් කියන්නෙ දෙකක් .
ReplyDelete