අපේ ලොකු අප්පච්චී හරියටම විශාල අතු පතර විහිදුන ලොකු ගසක් වැනි යැයි බොහෝ විට මට සිතී ඇත. අතුපත් විහිදී ඇත්තේ සිදාදියට වුවද අක්මුල් ඇත්තේ ගමේය. කොළඹ ගෙන්දගම් පොලොවට හිස රත් වන විට ඔහු දුව ඇවිත් නවතින්නේ ගල්මල් ඔයේ හෝ ගමේ ගහ කොල අතරය. ඊට හේතුව ඔහුගේ කුඩා කල සුන්දර මතක වැඩි හරියක් සැඟව පවතින්නේ ගමේ ගහ කොල අතර සහ ගල්මල් ඔයේ බැවිනි. ගල්මල් ඔය පිහිටා ඇත්තේ කරල්ලියද්ද නගරයත් මැදමහනුවරත් අතර මැදය. මයියංගනය පාරේ කරල්ලියද්ද පසු කොට මඳ දුරක් ගිය පසු ගල්මල් ඔය හමුවේ. ලොකු අප්පච්චිගේ ගම් පළාත මේ ඔයට උඩින් පිහිටි පුරාණ ගමකි.
කොළඹ අහස රත් වන විට හිටි ගමන් ලොකු අම්මා සහ දු දරු කැලත් සමඟ ඔහු ගම් පියසට පියඹා එයි. මයියංගනය ප්‍රධාන පාරෙන් හැරී තවත් සැතපුම් කාලක් පමණ ඇතුලට වෙන්න මෙම ගම පිහිටා ඇත. පුංචි සංදියේ ගමේ සිට එක වයසේ කොලු කැලත් සමඟ මේ මග ගෙවා අඹ දඹ නාරන් කකා පැමිණ ගල්මල් ඔයේ සීතල වතුරේ දිය බුන් ගැසූ අයුරු ඔහු අපට හැමදාමත් රස කර කියයි. බොහෝ විට ඔහු කොළඹ සිට පැමිණෙන විට ගමේ යන්නට පෙර ගල්මල් ඔයේ ගිලී සිසිල් දියෙන් දාහය නිවාගෙන යෑම සිරිතය. මේ එක් ගමනකට මා එකතු වූ එක් දිනක "අද නම් කවුරුවත් නෑ වගෙයි. ඕනෙ නම් ගල් වෙන්නත් පුලුවන්" යැයි කියමින් ලොකු අම්මා මහ හයියෙන් සිනා සුනාය. ලොකු අප්පච්චිගේ රස කතා අසා පුරුදු මගේ කුතුහලය මින් ඇවිස්සිනි. ලොකු අම්මා කී පරිදි ඒ කතාව මෙසේය.
මේ සිද්ධිය සිදුවූ කාලයේ අපේ ලොකු අප්පච්චි විදුදය සරසවියේ පළමු වසරේ සිසුවෙකි. මහවැලි ව්‍යාපාරය මේ වන විට ඇරඹී තිබුනේ නැත. එතෙක් ජීවිතය මහනුවර සිසිල් පරිසරයේ ගෙවා දා සිටි ඔහුට මුල් කාලයේ කොළඹ ජීවිතය අතිශයින් වෙහෙසකර විය. මේ නිසා සතියෙන් දෙකෙන් නිතර නිතර ගමට පැමිණීමට ඔහු පුරුදුව සිටියේය. ගමට යාමට පෙර කොළඹ දාහය ගල්මල් ඔයේ පාකර හැරීමටද ඔහු වග බලා ගත්තේය. මෙසේ ආ එක් දිනක වෙලාව සවස දෙක පමණ වූ අතර යන්තමින් වැසි කළුවර පැවති නිසාදෝ පුරුදු දිය නාන තැන හිස්ව පැවතියේය. මේ වැසි අඳුර සහිත අවේලාවේ කිසිවෙකුත් නොපැමිනිතැයි සිතූ ඔහුට ගමේ කොලු කුරුට්ටන් සමග එක්ව දිය නෑ සංදියේදී මෙන් උපන් ඇඳුම පිටින් දිය නෑමේ ආසාවක් උපනි. මෙම ඇඳුමෙන් සැරසී ඔහු ටික වේලාවක් සුපුරුදු ආනන්දයෙන් දිය නාන විට ගමේ දන්නා හඳුනන ස්ත්‍රියක විශාල රෙදි පොට්ටනියක් අතැතිව නාන තොටුපලට පැමිනියේය. දැන් කුමක් කරන්නද? ගොඩට ඒමට නොහැකි බැවින් ඔහු දිගටම දිය නාන්නට පටන් ගත්තේය. මේ වනවිට ඔහු පැය දෙක තුනක්ම වතුරේය. ටිකෙන් ටික සීතලෙන් වෙව්ලන්නටද පටන් ගති. "ලමයෝ මොකද තවමත් වතුරේ. ඔය නෑවා මදිදැයි" ස්ත්‍රිය අසයි. කුමක් කියන්නද?. "නෑ නැන්දේ කොළඹ හරි ග්‍රීෂ්මයි නේ. තව ටිකක් නා ගත්තොත් හොඳයි" කියමින් ඔහු වෙව්ලමින් නායි. ස්ත්‍රියද සැක මුසුව ඔහු දෙස බලයි. එහෙත් ඇය ආ කාරිය නිවාඩු පාඩුවේ කරයි. අවසානයේ ඈ පිටව ගොස් ඇත්තේ සවස හය පමනට ආසන්නවය. එතෙක් වේලා වෙව්ලමින් සිටි ලොකු අප්පච්චී දනි පනි ගා ගොඩට විත් ඇදුම් ඇඟලා ගෙන ගෙදර ගොස් අත්තම්මාගෙන් ලොකු උනු තේ කෝප්පයක් ඉල්ලාගෙන බී ඇත. ලොකු අම්මා කියන විදියට නම් එදායින් පසු ඒ ඇඳුමින් ඔහු කවරදාවත් ගල්මල් ඔයේ දිය නා නැත.

ඒක නියම අත්දැකීමක් තමයි. වෙලාවකට ඔය වගේ ආශාවන් අපිටත් පහළ වෙනව. ඒත් ක්‍රියාත්මක කරන්න දෙවරක් හිතන්න වෙනව. ස්වභාවික විදියට ජීවත් වෙන්න කෘතිම වෙච්ච මිනිහට ඉඩක් නෑ.
ReplyDelete