මුලින් කිව්ව කතාවෙ පුංචි අක්කා තමයි මේ කතාවටත් සම්බන්ධ. එතකොට මේ අක්කගෙ වයස අවුරුදු තුනක් විතර ඇති. හැම වෙලේම හිනාවෙන, සිංදු කියන, උඩ පැන නටන සමනළියක් වගේ තමයි හිටියෙ. ඒ දවස් වල ගෙදර වත්තෙ ගොඩක් මල් පිපිලා තිබුනා. මල් සුවඳට හරිම ලස්සන පාට පාට සමනල්ලුත් නිතරම ගැවසුනා. අපේ පුංචි අක්කිගෙ ලෝකය වුනෙත් මල් සමනළ ලෝකය. වෙලාවකට සමනළයෙක් වගේ අත් විදහගෙන සමනලුන් පස්සේ පියාඹනව. අම්මටත් ප්‍රශ්න ගොඩයි. "කොහෙන්ද අම්මෙ සමනළයො එන්නෙ?. කොහොමද අම්මෙ සමනළයන්ට තටු හැදෙන්නෙ?. ඇයි අම්මෙ මට තටු ඇවිත් නැත්තෙ?". උදේ ඉදන් රෑ වෙනකන් අම්ම මේ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
එක දවසක් අම්මා මල් ගහක් ළඟට පුංචි අක්කිට කතා කලා. ගහේ කොළ වල දාල තියෙන බිත්තර පෙන්නලා අම්මා දූට සමනල්ලු ගැන කියා දුන්නා. අක්කිත් තවත් ප්‍රශ්න ගොඩක් එක්ක සමනල ලෝකය ගැන දැන ගත්තා. එදායින් පස්සේ අම්මගෙන් අහන සමනළ ප්‍රශ්න නම් ටිකක් අඩු වුනා.
දවසක් හිටි ගමන්ම පුංචි අක්කි ලෙඩ වුනා. බඩේ අජීර්නයක්. බොන්න දෙන කිරි, කවන කෑම හැම දෙයක්ම වමනෙ දානවා. අම්මා දුවලා ගියා දොස්තර ළඟට. "බබාට නරක දෙයක් කැවුනද" දොස්තරගෙ ප්‍රශ්නෙ ඒක. "එහෙම වෙන්න බැහැ" ඒ අම්මගෙ උත්තරේ. ඔන්න ආයෙමත් පොවාගෙන ආව කිරි වමනෙ ගියා. "බබාට දැන් තිත්ත බෙහෙත් පොවන්න වෙනවා." දොස්තර බබාගෙ මූන දිහා බලාගෙන කිව්වා. "මට එතකොට සමනළයෙක් වෙන්න බැරි වෙයිද" ඔන්න පුංචි අක්කිගෙන් ප්‍රශ්නයක්. අම්මටයි දොස්තරටයි දැන් පොඩි ගැටලුවක්. " කොහොමද පුතේ සමනළයෙක් වෙන්නෙ?" අම්මා ඇහුවා. " සමනලයො වගේ මල් පැනි බීල, ගහේ කොල කාල මම ඉක්මනටම සමනළයෙක් වෙනවා" ඔන්න දූගෙ උත්තරේ. දොස්තර ඉක්මනටම ලෙඩේ හොයාගත්තා. අපේ පුංචි අක්කි සමනළයෙක් වෙන්න මල් වල පැනි බීල, මල් ගස්වල කොල කාල විතරක් නෙවෙයි, ඉක්මනට සමනළයෙක් වෙන්න තියන ආසාවට පැනි නැති මලුත් රස කර කර කාලා. ඉක්මනට තටු එන්නලු ගහේ කොල කෑවෙ. ඔන්න ඕකයි සමනල් කතාව.
මාත් පොඩි කාලෙ අර්තාපල් අලයක් කාල බඩේ අමාරුවක් හැදිල තිත්ත බේත් බිව්ව මතකයි.
ReplyDeleteහැබැයි ලොකුවෙලා අලයෙක් වෙන්න නං තුන් හිතකින්වත් හිතුවෙ නෑ.
කතන්දරකාරයා
please remove word verification. it is a real nuisance.