ගමේ එන්නෙ හැමදාමත් - ආපයින්ම යන්න බලන්
මොකද පුතේ හදිස්සියක් - අහන්නෙපා අප්පච්චි
ඉස්සර වගෙ ඔබේ පුතා - හරි හරියට වාඩි වෙලා
විටක් හපල ඔබෙ සුවදුක් - විමසන එක ඔබේ පැතුම
එහෙ දුවනවා මෙහෙ දුවනවා - නිවනක් නෑ වගෙ හිතෙනවා
තත්පරයක් ගානේ ඉතින් - දුරකතනය නාද වෙනව
සම්මන්ත්‍රන සාද තෙපුල් - දේශන සහ උපදේශන
හැමදාමත් ඔහොම තමයි - පුතා ඔබේ මහ උගතෙක්
මම ආසයි ගමේ එන්න - අඹ දඹ නාරං කඩන්න
පොඩි පැටවුන් එක්ක මගේ - ඇලේ දොලේ දිය නාන්න
අරලිය මල් දෝතින් ගෙන - හවසට පන්සලට යන්න
හීන් හඬින් කියන ඔබේ - පිරිත් වලට සවන් දෙන්න
ඔබටත් එතකොට පුලුවන් - හැමදාමත් පැතූ ලෙසට
මුනුපුරු මිනිපිරියො එක්ක - කතා කියල සතුටු වෙන්න
මගේ පුතා සුරතලේට - කියන කතා අහන් ඉදල
ඔබෙ පුතාගෙ පුංචි කාලෙ - දඟ වැඩ මනසින් දකින්න
දෑස් අගින් නගින කඳුලු - දුටුවා මම අප්පච්චි
මගේ හිතට ආ කඳුලුයි - අකුරු වුනේ අප්පච්චි
සම්මන්ත්‍රන සාද තෙපුල්
ReplyDeleteඅගයන පුතුනේ මොහොතක්
නුඹේ පියා වෙනුවෙන්වත්
වෙන් කරන්න නොහැකි තරම්
වෙනස් වුනේ කෙලෙසද ඔබ..
ජීවත් වන්නට මුදලක් නොව
මුදල වෙනුවෙන්ම ජීවත් වන්නට
හුරුවුනු පුතුනේ නුඹේ උගත්කම
කාට වටිනවද...?
මුදල හඹ නුඹ දුවනා ගමනේ
මොහොතක් නැවතී සිතා බලනු මැන..