"මා තොටින් එන උතුරු සුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුලු හංගන - සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬින් පොඩි අකුරු ඇද වෙයි - මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මම සිසුවියයි ඔබ - ඒත් අපි එක පංතියේ"
ඊයෙ හවස් යාමේ ආයෙමත් දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන මේ ගීය අහන්න ලැබුනා. හැමදාමත් වගේ මේ ගීය ඇසෙන කොට මගේ ඇස් අගට කඳුලක් උනන්නේ මටත් හොරෙන්. හේතුව මේ ගීතයක් එක්ක මගේ පුංචි සම්බන්ධයක් තියන නිසයි. කාලය 1999 සිට ගිය වසර (2009) දක්වා දිව යනවා. උතුරු කොනට තරම්ම නොවුනත් දකුනේ හිටි අපිටත් ඒ වසර තිහක කාලය ගෙවුනේ එක්තරා විදියක නොසන්සුන් සිතකින්. ඒක කොයි තරම් අපේ සිත් වලට බලපාල තිබුනද කියන එක තේරුනේ යුද්දේ ඉවරයි කියන ආරංචිය ලැබීමත් එක්ක දැනුන සහනදායි හැඟීම අපේ සිත් වෙලා ගත් අසිරිය මතකයට නැගෙන කොටයි.
1999 වසරෙ ඉඳලා හැම වසරකම එක්තරා අධ්‍යාපනික වැඩ සටහනකට උතුරේ අපේ සහෝදර සහෝදරියනුත් සහභාගි වුනා. මේ අයගෙන් සමහරු ඒ තමයි දකුනට ඇවිත් තිබුන පළමු වතාව. වෙඩි හඬවල් මැදින් සැකෙන් බියෙන් බොහොම අමාරුවෙන් ආව ගමනක් ඒක. තව පැත්තකින් ඒ අයගෙන් සමහරුන්ට මේ ගිනිගත් දේශයෙන් පිටමන් වෙන්න මේ වැඩසටහන හරහා අවකාශයක් ලැබෙයි කියන පූංචි බලාපොරොත්තුවකුත් තියෙන්න ඇති. ටිකක් හිතන්න, ඉපදුන දවසෙ ඉඳලා තමන්ගේ සතුරෝ කියල හඳුන්වන මිනිස් කොට්ටාශයක් ලඟට එන්න වෙන පළමු දවසේ ඒ අයගේ හැඟීම් කොහොම වෙන්න ඇත්ද කියලා. තෝරා ගැනීමේ පරීක්ෂනයට මුහුන දුන්නට ඒ අයගෙන් වැඩි දෙනෙක් හිටියේ බය වෙලා වගෙයි. ඒ ඇස්, ඒ මුහුනු තාමත් මට මැවිලා පෙනෙනවා. වැඩ සටහනට සහභාගි වෙන්න ඒ අයට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් තිබුනත් කිසිම කෙනෙක්ගෙ මුහුනේ ආසාවටවත් දකින්න හිනාවක් තිබුනේ නැහැ. අහන ප්‍රශ්නෙකටත් දුන්නෙ ඉතාමත් කෙටි පිළිතුරු. ඒත් වාසනාවකට මේ අයගෙ මේ තත්වය තෝරා ගන්නා මණ්ඩලයේ වැඩි දෙනෙක් තේරුම් අරන් තිබුනා. ත්‍රස්තවාදීන් කියන ඇසෙන් බලන්න ඒ කාටවත්ම ඕන උනේ නැති නිසා ආව වැඩි දෙනෙක්ම හැම වසරකම වැඩ සටහනට තේරුනා. වැඩ සටහන ඇරඹුන පසු හැමදාමත් මගේ ඇස් ඒ අයටත් හොරෙන් එයාල ලඟ නතර වෙලා තිබුනා. දවසින් දවස ඒ අය හිනා වෙන්න ඉගෙන ගත්තා. වසර අවසාන වෙනකොට හිනාව පිරුනු ඒ මුනූ දිහා බලලා මටත් හිනාවෙන්න පුලුවන් වුනා.
මේ සිදුවීම හැම වසරකම මේ විදියට සිදු වුනත් එක් වසරකදි මට අමතක නොවන සිදුවීමකට මුහුන දෙන්න සිදුවුනා. ඒ වතාවේ ඇවිත් හිටියා ඉතාමත් ලස්සන ගැහැනු ළමයෙක්. හරියටම උතුරු සුළගට පාවෙලා ආ සමනලියක් වගේ. ඒත් එක්තරා ප්‍රශ්නයක් නිසා මේ සිසුවිය එදාම වැඩ සටහනට බඳවා ගන්න පුලුවන් වුනේ නැහැ. ඒ බව ඇයට දැනුම් දී අවශ්‍ය අනෙකුත් සහතික සපයන ලෙස කිව්වා. මට තේරුනා ඉන් ඇය හුඟක් කළබල වුන බව. ඇය නොතේරේදෝ යන සැකය ඇයට ඇතිවුන බවත් පෙනුනා. මම දැක්කා අනික් හැම දෙනෙක්ම තෝරා ගැනීම් අවසානයේ පිටව ගියත් ඇය තවත් පුද්ගලයෙක් සමඟ රැදී සිටිනවා. ඒ තැනැත්තා ඉදිරියට විත් මා සමග කතා කරන්න අවශ්‍ය බව කිව්වා. ඒ ඇයගේ පියා. ඔහු රජයේ සේවකයෙක්. දිර්ඝ කාලයක් දකුනේ සේවය කර 1983 කළබල නිසා දරුපවුල සමග යාපනයට ගිහින්. "මට හොඳට සිංහල කතා කරන්න පුලුවන්" ඔහු කතාව පටන් ගත්තා. ඇය ඒ අවස්ථාවේ තෝරාගැනීමට ඇති අපහසුව මා විස්තර කර දුන්නා. ඒත් ඒ පිළිතුර ඔහුගේ දෙගිඩියාව සමනය කලේ නැහැ. ඔහුටත් තිබුනෙ තම දියණිය මේ වැඩ සටහනට නොතේරේවිදෝ යන සැකය. ඔහු තවත් විස්තර කියන්න උත්සාහ කළත් එකපාරටම කටහඬ බිඳී ගියා. ඔහුට ඔහුවම පාලනය කර ගත නොහැකි වුනා. මට කිසිම සම්බන්ධයක් නැති වැඩිහිටි පිරිමියෙකුගේ හඬාවැටීම හමුවේ මම නිරුත්තර වුනා. ඒ පියෙකුගේ කඳුලු. ඔහුට තවත් තම දියනිය ඒ යුදපිටියට ගෙන යන්න අවශ්‍ය වෙලා තිබුනේ නැහැ. රැක ගත යුතු වයසේ සිටින සුන්දර දියනියක් රැක ගැනීමේ වගකීම ඒ පියානන්ට කෙසේ තිබෙන්නට ඇත්දැයි කීමට තවත් අටුවා ටීකා කුමකටද? ඉතා අපහසුවෙන් නැවත වරක් ඔහුට ඇතිව තිබෙන අඩුපාඩු පැහැදිලි කලා. මේ සිදුවීමත් එක්ක ඇතිවුන කම්පනය දින, සති ගනනාවක් මගේ හිතේ රැදුනා. දීපිකාගේ මේ ගීය ඇහෙන සෑම අවස්ථාවකදීම එම කම්පනය නැවත අවදිව මගේ ඇසට නිරායාසයෙන් කඳුලක් ගෙන එනවා.
යුද්ධය ඉවරයි. ආයෙමත් එවැන්නක් කවමදාකවත් ප්‍රාර්ථනා නොකරමු. යුද්ධයට අප දෙන කවර හේතුවක් වුනත් අවසාන විග්‍රහයේදී අතිශයින්ම අසාධාරණයි. ජාති කුල මල ආගම් ආදී මෙකී නොකී හැම කොටු පවුරකටම ඉහලින් සිහිල් සුළඟක්ව අපට පවතින්නට හැකිනම්!!
දෑස් අග මුතු කඳුලු හංගන - සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬින් පොඩි අකුරු ඇද වෙයි - මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මම සිසුවියයි ඔබ - ඒත් අපි එක පංතියේ"
ඊයෙ හවස් යාමේ ආයෙමත් දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන මේ ගීය අහන්න ලැබුනා. හැමදාමත් වගේ මේ ගීය ඇසෙන කොට මගේ ඇස් අගට කඳුලක් උනන්නේ මටත් හොරෙන්. හේතුව මේ ගීතයක් එක්ක මගේ පුංචි සම්බන්ධයක් තියන නිසයි. කාලය 1999 සිට ගිය වසර (2009) දක්වා දිව යනවා. උතුරු කොනට තරම්ම නොවුනත් දකුනේ හිටි අපිටත් ඒ වසර තිහක කාලය ගෙවුනේ එක්තරා විදියක නොසන්සුන් සිතකින්. ඒක කොයි තරම් අපේ සිත් වලට බලපාල තිබුනද කියන එක තේරුනේ යුද්දේ ඉවරයි කියන ආරංචිය ලැබීමත් එක්ක දැනුන සහනදායි හැඟීම අපේ සිත් වෙලා ගත් අසිරිය මතකයට නැගෙන කොටයි. 1999 වසරෙ ඉඳලා හැම වසරකම එක්තරා අධ්‍යාපනික වැඩ සටහනකට උතුරේ අපේ සහෝදර සහෝදරියනුත් සහභාගි වුනා. මේ අයගෙන් සමහරු ඒ තමයි දකුනට ඇවිත් තිබුන පළමු වතාව. වෙඩි හඬවල් මැදින් සැකෙන් බියෙන් බොහොම අමාරුවෙන් ආව ගමනක් ඒක. තව පැත්තකින් ඒ අයගෙන් සමහරුන්ට මේ ගිනිගත් දේශයෙන් පිටමන් වෙන්න මේ වැඩසටහන හරහා අවකාශයක් ලැබෙයි කියන පූංචි බලාපොරොත්තුවකුත් තියෙන්න ඇති. ටිකක් හිතන්න, ඉපදුන දවසෙ ඉඳලා තමන්ගේ සතුරෝ කියල හඳුන්වන මිනිස් කොට්ටාශයක් ලඟට එන්න වෙන පළමු දවසේ ඒ අයගේ හැඟීම් කොහොම වෙන්න ඇත්ද කියලා. තෝරා ගැනීමේ පරීක්ෂනයට මුහුන දුන්නට ඒ අයගෙන් වැඩි දෙනෙක් හිටියේ බය වෙලා වගෙයි. ඒ ඇස්, ඒ මුහුනු තාමත් මට මැවිලා පෙනෙනවා. වැඩ සටහනට සහභාගි වෙන්න ඒ අයට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් තිබුනත් කිසිම කෙනෙක්ගෙ මුහුනේ ආසාවටවත් දකින්න හිනාවක් තිබුනේ නැහැ. අහන ප්‍රශ්නෙකටත් දුන්නෙ ඉතාමත් කෙටි පිළිතුරු. ඒත් වාසනාවකට මේ අයගෙ මේ තත්වය තෝරා ගන්නා මණ්ඩලයේ වැඩි දෙනෙක් තේරුම් අරන් තිබුනා. ත්‍රස්තවාදීන් කියන ඇසෙන් බලන්න ඒ කාටවත්ම ඕන උනේ නැති නිසා ආව වැඩි දෙනෙක්ම හැම වසරකම වැඩ සටහනට තේරුනා. වැඩ සටහන ඇරඹුන පසු හැමදාමත් මගේ ඇස් ඒ අයටත් හොරෙන් එයාල ලඟ නතර වෙලා තිබුනා. දවසින් දවස ඒ අය හිනා වෙන්න ඉගෙන ගත්තා. වසර අවසාන වෙනකොට හිනාව පිරුනු ඒ මුනූ දිහා බලලා මටත් හිනාවෙන්න පුලුවන් වුනා.
මේ සිදුවීම හැම වසරකම මේ විදියට සිදු වුනත් එක් වසරකදි මට අමතක නොවන සිදුවීමකට මුහුන දෙන්න සිදුවුනා. ඒ වතාවේ ඇවිත් හිටියා ඉතාමත් ලස්සන ගැහැනු ළමයෙක්. හරියටම උතුරු සුළගට පාවෙලා ආ සමනලියක් වගේ. ඒත් එක්තරා ප්‍රශ්නයක් නිසා මේ සිසුවිය එදාම වැඩ සටහනට බඳවා ගන්න පුලුවන් වුනේ නැහැ. ඒ බව ඇයට දැනුම් දී අවශ්‍ය අනෙකුත් සහතික සපයන ලෙස කිව්වා. මට තේරුනා ඉන් ඇය හුඟක් කළබල වුන බව. ඇය නොතේරේදෝ යන සැකය ඇයට ඇතිවුන බවත් පෙනුනා. මම දැක්කා අනික් හැම දෙනෙක්ම තෝරා ගැනීම් අවසානයේ පිටව ගියත් ඇය තවත් පුද්ගලයෙක් සමඟ රැදී සිටිනවා. ඒ තැනැත්තා ඉදිරියට විත් මා සමග කතා කරන්න අවශ්‍ය බව කිව්වා. ඒ ඇයගේ පියා. ඔහු රජයේ සේවකයෙක්. දිර්ඝ කාලයක් දකුනේ සේවය කර 1983 කළබල නිසා දරුපවුල සමග යාපනයට ගිහින්. "මට හොඳට සිංහල කතා කරන්න පුලුවන්" ඔහු කතාව පටන් ගත්තා. ඇය ඒ අවස්ථාවේ තෝරාගැනීමට ඇති අපහසුව මා විස්තර කර දුන්නා. ඒත් ඒ පිළිතුර ඔහුගේ දෙගිඩියාව සමනය කලේ නැහැ. ඔහුටත් තිබුනෙ තම දියණිය මේ වැඩ සටහනට නොතේරේවිදෝ යන සැකය. ඔහු තවත් විස්තර කියන්න උත්සාහ කළත් එකපාරටම කටහඬ බිඳී ගියා. ඔහුට ඔහුවම පාලනය කර ගත නොහැකි වුනා. මට කිසිම සම්බන්ධයක් නැති වැඩිහිටි පිරිමියෙකුගේ හඬාවැටීම හමුවේ මම නිරුත්තර වුනා. ඒ පියෙකුගේ කඳුලු. ඔහුට තවත් තම දියනිය ඒ යුදපිටියට ගෙන යන්න අවශ්‍ය වෙලා තිබුනේ නැහැ. රැක ගත යුතු වයසේ සිටින සුන්දර දියනියක් රැක ගැනීමේ වගකීම ඒ පියානන්ට කෙසේ තිබෙන්නට ඇත්දැයි කීමට තවත් අටුවා ටීකා කුමකටද? ඉතා අපහසුවෙන් නැවත වරක් ඔහුට ඇතිව තිබෙන අඩුපාඩු පැහැදිලි කලා. මේ සිදුවීමත් එක්ක ඇතිවුන කම්පනය දින, සති ගනනාවක් මගේ හිතේ රැදුනා. දීපිකාගේ මේ ගීය ඇහෙන සෑම අවස්ථාවකදීම එම කම්පනය නැවත අවදිව මගේ ඇසට නිරායාසයෙන් කඳුලක් ගෙන එනවා.
යුද්ධය ඉවරයි. ආයෙමත් එවැන්නක් කවමදාකවත් ප්‍රාර්ථනා නොකරමු. යුද්ධයට අප දෙන කවර හේතුවක් වුනත් අවසාන විග්‍රහයේදී අතිශයින්ම අසාධාරණයි. ජාති කුල මල ආගම් ආදී මෙකී නොකී හැම කොටු පවුරකටම ඉහලින් සිහිල් සුළඟක්ව අපට පවතින්නට හැකිනම්!!
යුද්ධයෙන් ජය ලබන්නෙ කවදත් නොමිනිස්කම විතරයි. ඒක අපි කොයිතරම් කාලයක් දුටුවද? මොන ජාතිය නියෝජනය කලත් උන්මත්තකයින් පිරිසක් විසින් තම පැවැත්ම උදෙසා යුධමය අවස්ථා ඇතිවීමට පසුබිම සකස් කරනව. ඊට බිලිවෙන්නෙ අසරණයින් පිරිසක්. එහෙත් අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ දේවල් මේ භූමියේ නැවත සිදු නොවේවා! කියල.
ReplyDeleteඇත්ත. මට ඔහොම අත්දැකීමක් නෑ. ඒ උනාට ඔය ගීය ඇහෙනකොට මගේ ඇස් වලට කඳුළු උනන එක තවමත් නවත්වගන්න බෑ. ඒ නිසා මම ඔය සින්දුව අහන්නෙ නෑ. තාත්තා හරි ආසයි මම ඕක කියනව අහන් ඉන්න. ඒ උනාට මම කියන්නෙත් නෑ. ඒ තරම් ඔය ගීය හැඟුම් බරයි.
ReplyDelete