අනේ අම්මි අර බලන්න - අලි පැටියෙක් උගෙ අම්මව
බේර ගන්න දඟලන හැටි - ටීවි එකේ පෙන්නනවා
එහෙ දුවනව මෙහෙ දුවනව - කෑ ගහනව දුක කියනව
හරි හුරතල් බලන අපිට - ඌට ඒක කොහොම ඇද්ද
පන්සලෙදී හාමුදුරුවො - ලේන අම්ම උගෙ පැටියව
බේරගන්න දඟලපු හැටි - කියල දුන්න මතක නැද්ද
අනිත් දවසෙ පන්සලෙදි - මම කියනව පොඩි සාදුට
පුතාලටත් පුලුවන් බව - අම්මලාව බේර ගන්න
අලි පැටියා වගේ අම්මෙ - මමත් මගේ සුදු අම්මව
ඇස් දෙක වගෙ රැක ගන්නව - බය වෙන්නට එපා හොඳද
පුංචි පුතුනි ඔබේ කතා - හැමදාමත් පවතී නම්
අම්මලාට දුකක් කොහෙද - ගිනිගන්නා මේ මිහිපිට
lassana nirmanayak.
ReplyDelete