මේ දිනවල හැම තැනම දේශපාලන උනුසුම. මනාප දෙන්නෙ කාටද කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ. ගස් ගල් තාප්ප වල හිනාවෙන මූනු දිහා බලල චන්දෙ දෙන්න බැහැනෙ. ඒත් මේ දිනවල මාධ්‍ය වල පෙනෙන දකින ප්‍රවෘත්ති නිසයි මේක ලියන්න හිතුනෙ. විශේෂයෙන්ම රූප මාධ්‍යයෙ දැනට වසර කීපයක ඉඳල එක එක starts ලා තෝරනවනෙ. මේ දවස්වල ඒ අය Political joker star තෝරනවද කියලයි මට හිතෙන්නෙ. මට හිතෙන විදිය වැරදිද මන්දා. මාධ්‍ය මඟින් හැමදාම දකින්නෙ එදා දවසෙ හොඳම විහිලු කතාව කිව්ව පුද්ගලයන්ව. ලස්සන වැඩේ කියන්නෙ හුඟක් වෙලාවට එකම දේශපාලකයො කණ්ඩායමම තමයි ඉන්නෙ. මේ සිද්ධ වෙන දේ හරිද? අපිට ඕනෑ හොඳ දේශපාලකයොද නැත්නම් විහිලු කාරයො ටිකක්ද? දේශපාලකයෝ වැඩි දෙනෙක් විහිලු කාරයෝ බව ඇත්ත. ඒත් මේ මාධ්‍ය ප්‍රචාරය දිහා බලාගෙන ඉන්න දේශපාලකයො හැමෝම මේ ප්‍රචාරක වාසිය ගන්න විහිලු කරන්න ගත්තොත් මොකක්ද වෙන්නෙ?. ඒක නිසා අනේ අපේ මාධ්‍ය බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලමුද පස්සෙ වෙලාවක Political joker star ව sms මඟින් තෝරන්න තියල මේ දැන් අපිට රටට වැඩක් කරල තියන වැදගත් දේශපාලන අදහස් ඉදිරිපත් කරන අයව (ඉන්නවනම්) පොඩ්ඩක් හඳුන්වල දෙන්න කියල. මාධ්‍ය ගැන මට ඒතරම් ලොකු දැනුමක් නැහැ. ඒත් මාධ්‍ය වල වගකීම අපව හරි විදියට දැනුවත් කරන එක නේද?
එහෙම කරන්න ලැබෙන්නෙ නෑ. මොකද එහෙම අය තවමනම් මේ රටේ නැති නිසා.
ReplyDelete"මාධ්‍ය වල වගකීම අපව හරි විදියට දැනුවත් කරන එක නේද? "
ReplyDeleteමන් හිතන්නේ නැහැ. එයාලාගේ වගකීම තමා වැඩියෙන්ම සල්ලි හම්බ කිරීම