කහපාට මල්..
බෝ කලක් මා ලඟම
මා යනෙන මාවතේ
පිපී හිනැහුන දසත
සිත නිවන නිරතුරුව ....
රතුපාට මල්.....
මිරිඟු දිය මත පිපුන
සුවඳ නැති පැහැය වැඩි
දෑස් රවටා දිලෙන
සිත තවන කඳුළු දෙන .....
කහපාට මල්.....
පිපෙනු මැන යළි යළිත්
ඇතුලාන්තය තුලින්
ඇරෙන්නට අඳ දෙනෙත
යනෙන මඟ දකින්නට
බෝ කලක් මා ලඟම
මා යනෙන මාවතේ
පිපී හිනැහුන දසත
සිත නිවන නිරතුරුව ....
රතුපාට මල්.....
මිරිඟු දිය මත පිපුන
සුවඳ නැති පැහැය වැඩි
දෑස් රවටා දිලෙන
සිත තවන කඳුළු දෙන .....
කහපාට මල්.....
පිපෙනු මැන යළි යළිත්
ඇතුලාන්තය තුලින්
ඇරෙන්නට අඳ දෙනෙත
යනෙන මඟ දකින්නට

hmmm.... friendship vs love...
ReplyDeleteඅනේ කොච්චර ගැලපුවත් මේකටනම් පිළිතුරු කවියක් ගලපගන්න බෑ යාළු. ලස්සන නිර්මාණයක්. ආදරයත් මිතු දමත් අතරේ ලොකු අරගලයක. හැම දේම හොඳින් විසඳේවි. ඔබට ජය!
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteමාත් ආයෙත් මල් පිපෙන කල් බලා ඉන්නවා!! :)
ReplyDelete@Anonymous: hmmm..... positive vs. negative thinking ?????
ReplyDelete@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:
පිළ්තුරු කවි නැතත් ආවට ස්තුතියි යාළු. කවියක තියෙනවනේ නෙක නෙක අරුත්. මම හිතුවේ ධන සෘන සිතිවිලි ගැන.
@ayesha: ස්තුතියි යාළු
@arunishapiro: හ්ම්...හ්ම්.... ඉක්මනටම මල් පිපේවා .............
මැණික්(සුළඟ)