-->

Monday, January 10, 2011

"දූෂණය කළ වරද"

සොබා දම් දියණියගෙ - සොඳුරු මිහි‍රැති සේල
ගලවමින් කුරිරු ලෙස - දූෂණය කොට ඈව
මනු සතුනි මේ ලෙසින් - යදින්නේ කිමද තව
සමාවක් විශ්වයේ - පියා, මිහිමවුන් ගෙන්

වගුරුවයි පියාණන් - උනු කඳුළු වැසි ලෙසින්
සැඩව ඇත මිහි මවද - නොපැතු නොවිරූ ලෙසින්
මනු සතුනි තොප ඉතින් - සියලු දේ හැර දමා
ජීවිතය දී යන්න - සැරසියව් නොපමාව

7 comments:

  1. ඇත්ත කතාව.

    ReplyDelete
  2. පලකල සැනින් ඔබේ ලිපිය සින්ඩියේ පෙලගස්වාගන්න, අදම ඔබත් ඔබේ බ්ලොග් අඩවිය "සින්ඩි ලංකා" හි ලියාපදිංචි කරගන්න.
    ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"

    ReplyDelete
  3. නැත නැත.. මේ ආසියාවේ ආශ්චර්යයි..

    ReplyDelete
  4. දූෂණය කළ අය නොදැන කල වැරැද්ද පිළිගෙන වන්දි ගෙවන්නට අව්‍යාජ උත්සාහයක් ගන්නේ නම් සමාවක් දිය ‍නොහැකි ද?!

    ReplyDelete
  5. පරිසර දූෂනයෙන් සිදුවන විනාශය ගැන තවමත් බොහෝ අයට වැටහීමක් නැහැ. ලෝක විනාශයට කලින් වෙන මුරුගසන් වැස්සද මේ? මින් පස්සේ ඉතින් ආහාර හිගයකට මිහින දෙන්න වෙයි. එදාට ආහාර සඳහා මිනිසුන් ඇන කොටා ගතොත් පුදුම වෙන්න දෙයක් නැහැ.
    නොදැන කල වැරැද්ද පිළිගෙන වන්දි ගෙවන්නට අව්‍යාජ උත්සාහයක් ගන්නවද කියන එක මට නම් සැකයි. ස්තුතියි හැමෝටම.
    මැණික්(සුළඟ)

    ReplyDelete