මේ දවස් වල හිමාලය අසබඩ අසපුවල සුන්දරත්වය විඳිමින් ඔහේ ඇවිදිමින් යනවා. මේ අහස මේ පොළොව එකම නිවහනක් වගේ දැනෙනවා. අහල තියනවද වනන්තරයක නිශ්ශබ්දතාවය? ඒක හරිම ගැඹුරුයි. නිශ්ශබ්දයි කියල හිතුවත් ඇත්තටම එහි හරිම අපූරු හඬක් තියනවා. අහන් හිටියොත් ඔබට පුදුම හිතෙයි. ඒ හඬ එන්නේ පිටතින් නෙවෙයි අපේ ඇතුළතින්මයි. නපුරු සතා සීපාව මේ වනන්තරේ ඉන්නව තමයි. ඒත් කාටවත් නපුරක් නැහැ. අපි කරදරයක් නොකළොත් උන් උන්ගෙ පාඩුවේ ඉන්නවා. ඉවසන්නම බැරි මේ හිම මිදෙන සීතල. ගංගානම් ගඟේ ජලයත් අයිස් මිදෙන තරම්. පුංචි දිය ඇලි ගලා හැලෙන, කටු කොහොලින් පිරුන අඩිපාරවල් දිගේ තනියම ඇවිද යන කොට සමහර අතීත මතක එබිකම් කරනවා. මට හරියටම කියන්න බැහැ ඒවා මගේ හිතට කාන්දු වෙන්නේ කොහෙන්ද කියලා. හීනයක් වගේ හැම දෙයක්ම. මුනිවරුන් ගැවසෙන මේ පරිසරය එක අතකින් අපිට අකැපයි. ඒ උතුමන්ගෙ ධ්‍යානයන් බිඳ හෙලන පුංචිම පුංචි බාධාවක්වත් වුනොත් කියල හිතට බයයි. වසර සිය ගනනින් ආයු වලඳන බෙහෙවින් නිවුන ඉඳුරන් ඇති ඒ උතුමන්ගෙ පය පාමුල හිඳ නොතේරුන විශ්වයේ අභිරහස් ගැන අසා සිටීමට තරම් මම වාසනාවන්තද?
හ්ම්..... හීනයක් දැක දැකයි හිටියේ. මේ දවස් වල කියවන පොතක පරිසරය සිතින් විඳිනවා. දවසේ මෙහෙවර අවසන යන්තම් උනු දියෙන් ඇඟ තෙමාගෙන ඇඳට ගිහින් බුදුන් වැඳල පිරිත් ටිකක් කියල නින්දට පෙර හිත සංසුන් කර ගැනීම කවදත් මගේ සිරිත. ඉන් පස්සේ තවත් හිත සංසුන් විය හැකි ආකාරයේ පොතක් ගෙන කියවා ගෙන යන විට මටත් නොදැනීම නින්ද මා ලඟට ඇවිත්. සමහරු ඉතින් නින්ද නොයන රෝගයට නිදි පෙති ගත්තත් මගේ මේ ක්‍රමය නම් අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි. දවල් දවසෙ වැඩ රාජකාරි අස්සේ පොතක් කියවන්න නොලැබෙන ඉඩ හැමදාමත් මට මේ විදියෙන් හරිම අපූරුවට ලැබුනා. ඒ වගේම ඒ ලැබෙන නින්ද පසුදාට මා අළුතෙන් උපද්දවමින් නැවුම් දවසක් ගෙන එනවා. දවසින් දවස මේ විදියට මම කියවන පොත පත බොහොමයි. ඒ පොත් අස්සේ සමහර මගේ සිතුම් හිරවුනාම ඒවා කවි, කතා වෙලා එලියට එනව කියලයි මට හිතෙන්නේ.
මේ දවස් වල කියවන්නේ තිලක කුඩාහෙට්ටි මහත්මයා පරිවර්තනය කළ "භාරත යෝගී ස්වාමී රාමා" නම් හිමාලයේ විසූ සෘෂි වරයෙක් පිළිබඳව ලියවුන 2010 පෙබරවාරි මාසයේ දයාවංස ජයකොඩි සමාගම විසින් පල කල පොතක්. මෙහි සඳහන් විස්තර පසුව ලියන්නම්.
ඇත්තටම මේ තරම් හීන දකින එක හොඳද මංදා. හීන දැක දැක ඉන්න කොට පියවි ලොව සිදුවන දේවල් නොපෙනී යනවලු. ඒකත් එක්තරා විදියක මත් වීමක් කියලයි සමහරු නම් කියන්නේ. ඒත් පොතක පතුලටම කිමිඳුනාම පේන මේ හීන මම කොහොම නවතාගන්නද? ඔන්න බලන්නකො හිමාල හීනයේ ඉන්න කොට මගේ හිත මට කියනදේ.

සිහිනෙන් මෙන් දැනෙයි
පන්සලකි ඒ නිවහන
මුනි වරයෙකිය ඔබ
නිවුනු දෙනෙතද සිතද හිමිවූ
පහන් පැල පාමුල
සමන් මල් සුවඳකි එන
නෙතු පිය වසා ගෙන
අසමි නිශ්චලතාවයේ හඬ
හිමව් කුස අසබඩ
වනන්තරයක මියැසිය
ඇසෙන සීමාවෙක
සෙවනැල්ල වී සිටිනු මතකද
සංහුන් කවියකින්
ඇසෙයි මට දුර ඈතින්
ගං දිය නඟන හඬ
සුළඟ සමගින් හිනාවී ගෙන
දිය ඇල්ල පාමුල
නටන දිය දහරාවක
සීතල තුරුළු කොට
නැගුනු සොම්නස ගෙනෙයි මතකය
සඳ නැගෙන යාමෙක
රහස් අසමින් මා හද
මගේ හිස පිරිමැද
කිව් කතාවන් ගොළුව යාවිද
සංසාර මතකය
සිහිනයක්වී හිනැහෙන
පියෙවි ලෝකය තුල
සිහිනයන් සිහිනයන් පමණය
පන්සලකි ඒ නිවහන
මුනි වරයෙකිය ඔබ
නිවුනු දෙනෙතද සිතද හිමිවූ
පහන් පැල පාමුල
සමන් මල් සුවඳකි එන
නෙතු පිය වසා ගෙන
අසමි නිශ්චලතාවයේ හඬ
හිමව් කුස අසබඩ
වනන්තරයක මියැසිය
ඇසෙන සීමාවෙක
සෙවනැල්ල වී සිටිනු මතකද
සංහුන් කවියකින්
ඇසෙයි මට දුර ඈතින්
ගං දිය නඟන හඬ
සුළඟ සමගින් හිනාවී ගෙන
දිය ඇල්ල පාමුල
නටන දිය දහරාවක
සීතල තුරුළු කොට
නැගුනු සොම්නස ගෙනෙයි මතකය
සඳ නැගෙන යාමෙක
රහස් අසමින් මා හද
මගේ හිස පිරිමැද
කිව් කතාවන් ගොළුව යාවිද
සංසාර මතකය
සිහිනයක්වී හිනැහෙන
පියෙවි ලෝකය තුල
සිහිනයන් සිහිනයන් පමණය

මේ මම ටික කාලෙකට උඩදි ලියපු එකක් යාළු. මෙතනට ගැලපෙනවා කියලා හිතුණා. නිහඬතාවයේ හඬට කන් දුන්නම ඇහෙන දේවල් වචනයෙන් කියන්න හරිම අමාරුයි නේද? ඒ තරම්ම සුන්දරයි.
ReplyDeleteනිහඬ මාවත දිගේ
පිය නගන්නෙමි ඔහේ
මාවතේ ඉම කොයිද
සොයා බලනට රිසේ
දෙපස මහ තුරු සෙවණ
ලැබී මාවත සිසිල
අතු පතර පෙරී ආ
රටා මැවු අරුණැල්ල
තුරු හිසින් සැලී ආ
වියළි කොළ බිම වැතිර
සිනාසෙන සර සරය
නිහඬතාවය බිඳින
නතර වී මොහොතකට
නෙතු පියා නිසසලව
සිත් වුනා සොයන්නට
කුමක්දැයි නිහඬ බව
නැත නැගෙන සර සරය
අතු රිකිලි බිඳෙන හඬ
සතර අත විය නිසල
කන් යොමා අසනු මැන
ඇසේ මට නිසල බව
නිහඬතාවයේ හඬ
විශ්වයේ හද ගැස්ම
නිහඬතාවයෙ රහස
හමන මද නල හඬට
වැනෙන තුරු පත් සරය
තුරු හිස'ග පිපි මලින්
හැලෙන පිනි බිඳුවෙ නද
මලින් රොන් උරා බොන
කුරුළු පියසරන හඬ
ඇළ දොළේ මසුන් රැළ
දිය කෙළින පනින හඬ
නෙතු පියා හිඳින සඳ
ඇසුනි මට නිහඬ බව
මිහි මවගෙ නැළැවිල්ල
සොබාදහමේ ගීය
මේ, අපේ ගෙවල් පැත්තේ ඉන්න කොළු පොඩ්ඩෙක් අහනවා සන්තුරිගෙ සැප සනීප කොහොමද කියලා... මං කිව්වා මටත් ලඟදි ආරංචියක් හම්බුණේ නෑ කියලා...
ReplyDelete@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:
ReplyDeleteහ්ම්.. නිහඬතාවය තුල ඇහෙන දේවල් කියා ගන්න බැරි තරම් සුන්දරයි. මම ඒක අත්විඳල තියනවා. ඔයාගෙ කවිත් ලස්සනයි. ස්තුතියි. ම්... සන්තූරි ගැන ආයෙම ලියනවද නැද්ද කියල මම තවම හිතනවා.
මැණික්(සුළඟ)