"ඇයි ආච්චි අම්මේ මට "සන්තූරී" කියන්නෙ?"
"මම දන්නෙ නෑ කෙල්ලේ. ඔය ඉතින් උඹෙ අප්පච්චි බොහොම සීරු මාරුවට හිතල දාපු නම නොවැ. මටත් ඔය නමේ වගක් විබාගයක් නැතිව දවසක් ඇහුවා..... මොකදෑ බොල මේ කෙල්ලට දාල තියන විච්චූරන නමේ අරුමෙ කියල. උන්දෑ ඔය කිව්වේ සන්තූරිය කියන්නේ සංගීත බාණ්ඩයක නමක් කියල."
"ම්හ්.. එහෙනම් මම සංගීත බාණ්ඩයක්.... ?"
" මොනවා නැතත් උඹෙ අප්පච්චිට ඉන්තේරුවෙන්ම දැනිලා තියනවා ඉපදිලා ඉන්න දෝනියැන්දැගෙ අරුමේ. උඹත් ඉතින් සංගීත බාණඩයක් වගේම නේන්නන්. තෝරතෝංචියක් නැතිව කිචි කිචි ගගා කතා කරයි, නටයි, සිංදු කියයි, හිනාවෙයි. අනේ මේ ඇත්තමයි දුවේ. උඹ එක ඩිංගිත්තක් නැත්නම් මේ ගේම පාලුයි. කට කහනවටයෑ කියන්නේ ගේ දොර එලිය වැටෙන්න කෙල්ලෙක් ඉන්නම ඕනෙ කියල. "
"ආච්චි අම්ම මට ආදරෙයි එහෙනම්. ඒත් ඉතින් ආච්චි අම්මමනෙ කියන්නේ කොල්ලන්ට "කන්ට දී....ලා ......... මල් පුදා .....පිය" කියල".
"ම්හ්... අල්ලගත්තද අදත් කොනක් මා එක්ක පැටලෙන්ට"

ඔන්න දවසක් නිදි මරගාතේ මං මේ සන්තුරීගෙ කතාන්දරයක් කියෙව්වා... ඒ ගැන හිත හිතම නිදාවැටෙන්න පටන්ගත්තා... සන්තුරී... සන්තුරී... කව්ද මේ සන්තුරී... මොකද්ද මේ නම... වෙන බාසාවක නමක්වත්ද... සන්තුරී... දන්න කියන තේරුමක්නං නෑ... ස-න්-තු-රී... ම්හ්! ඔහෙ නෑ... මේ අකුරු මාරු කරලා හදපු නමක්වත්ද... ස-න්-තු-රී... ස-රු-න්-තී... රු-ස-න්-තී... ඔන්න දැං නිදි මත කිලෝ ගානින් කිරන සයිස්... ර-න්-තු-සී... තු-න්-ර-සී... තු-න්-ස-රී... තු-න්-ඉ-රී... බොලේ! තුන් ඉරී! මේ ලේන් පැටියෙක්ගෙ කතාවක්ද! හරි ෂෝක්නේ! Z..Z...z...z..z.....
ReplyDelete:D :D :D
ඔන්න තරහ වෙන්න එපා මැණික්, හොඳේ? ඇත්තට මං සෑහෙන්න ඔය සන්තුරී කියන නමේ තේරුම මොකද්ද කියලා කල්පනා කළානේ... ස්තූතියි ඒ බරපතළ පැනය විසඳලා දුන්නාට... :D
ඔබට ජය!
හිකිස්.. මරු "කන්න දීලා මල් පුදාපිය" ආච්චි තමයි ආච්චි නේද. දැං ඉන්න ඔය කාන්තා අයිතිවාසිකං ඉල්ලන නෝනකෙනෙක්ට එහෙම මුනගැහුනනං බලන්න තිබුන රඟේ
ReplyDeleteඑල එල ..
ReplyDeleteඔය ආචිචිට ..මම ස්තුති කරා කියන්නකෝ.. හෙ හෙ... සමස්ත ඉලංදාරියන් වෙනුවෙන්ම හෙ හෙ
ඒකනෙ.. ආච්චිත් දන්නවා කොල්ලන්ගෙ අගේ....
ReplyDeleteසන්තූර් කියන්නෙ පර්සියානු සංගිත භාණ්ඩයක්,
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Santur
"සන්තුරි" ඇත්තටම හරි අපූරු නම
ReplyDeleteසන්තුරි.... ම්.ම්.. ලස්සන නමක්...... :) දිගටම ලියන්න... ජය
ReplyDelete@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත : - ඔයා මේ ගැන හිත හිතා ඉන්න බව මට දැනුනනෙ. ඒකයි මම හිතුවෙ ඒ ප්‍රශ්නය ඉක්මනටම විසඳල දෙන්න. දැන් හරිනෙ. කල්පනා නොකර නිදියන්න.
ReplyDelete@nawammawatha, ඉලංදාරියා, හරී: - හ්ම්.. හ්ම්.. ඔන්න ආච්චි බොහෝම ස්තුතියි කිව්වා.
@Ravi:- ඔව් මට ඔය නම හිතට ආවේ මම මේ දවස් වල කියවන පොතක තිබිලා.
@ayesha, නිම්ශා: - ඔයාලටත් ස්තුතියි.
මැණික්(සුළඟ)
සන්තූරි. කූල් කලර් එකක් තියෙන ලස්සන නමක්.
ReplyDelete