-->

Thursday, January 6, 2011

"සන්තූරිගෙ කළු කුමාරයා"

"කෙල්ලේ, මේ ගොම්මන් වෙලාවෙ උඹ කොහෙ යන්නද ඔය සූදානම හැබෑට?"
"ආච්චි අම්මේ, මම කළේ අරන් ඔයට යනෝ........."
" මම උඹට කී පාරක් කියල තියනවද ඔය ගොම්මන් වෙලාවල ළිඳ ලඟ, ඔය ලඟ ගැවසෙන එක උඹ වගේ ගැටිස්සියෙකුට හොඳ නැති බව?"
"මතකයි, මතකයි ආච්චි අම්මේ....., හා... හා... මම දන්නවා ඔය උඹ මට මතක් කරන්නේ කළු කුමාරයා ගැනනේ?. ආ ඒ යක්ෂයට මම බය නැ‍තෝ."
"ම්... උඹට කොහෙ තේරෙන්නද? උඹට කියල ඌ එන්නෙ නෑ. ඌ උඹව දැපනෙ දා ගත් දාට ඉතින් දෙයියන්ගෙම පිහිටයි උඹට."
" අන්න හරි ආච්චි අම්මේ. ... මං ලඟ ඉතින් දෙයියෝ ඉන්න කම් ඔය යක්ෂයො මට කිට්‍ටු වෙන්නේ නැහැ. මම දන්නවා ආච්චි අම්මේ, යක්ෂයො අරන් එන්නෙ ගින්දර, දුක. දෙයියෝ ලඟ විතරයි මට නටන්න හිනාවෙන්න සිංදු කියන්න හිතෙන සතුට තියෙන්නේ. දන්නවද ..... උඹට මම නොකීවට කළු කුමාරයා ඉතින් ඉඳ හිට මට බැල්ම දානවා. එතකොට ඉතින් මගේ හිත හූල්ලන්න ගන්නවා. ඒත්  උඹ ඉතින් දන්නවනේ.....මම කැමති සතුටෙන් ඉන්න විතරයි කියලා. මම එතකොට හනි හනික අඬ ගහනවා මගෙ දෙයියන්ට. අනේ දෙයියනේ මාව දාල යන්න එපා .......... කියල මම කිව්වම ඔය කළු කුමාරයා පැත්ත පලාතේ නොහිට දුවනවා. උඹ බය නොවී හිටපන් ආච්චි අම්මේ. මගෙ හිත හරි හයියයි."
" ම්හ්... ම්හ්.....උඹ ඉතින් මහ පණ්ඩිත කෙල්ලනේ"

4 comments:

  1. අනේ, අදනම් මට කළින් කතාවේ හිටපු සන්තූරිව - අර නැවුම්, ප්‍රාණවත්, දඟකාර කෙල්ලව පෙනුණේ නෑනේ... අද සන්තූරිගේ වචන ටිකක් මුහුකුරා ගිහින් වගේ... කමක් නෑ ඉතින් හැමෝම එහෙමනේ, එන්න එන්න වයසට යනවනේ... :)

    ReplyDelete
  2. http://awakasha.com/ , සීමා මායිමි නැති ලාංකීය සිංඩිය.
    Add your blog to awakasha.com

    ReplyDelete
  3. කඵ කුමාරයාටත් දෙවියන්ගෙ පිහිට තියෙනව වගේ. :D

    ReplyDelete
  4. @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත : - සන්තූරී දඟ වගේම ටිකක් පණඩිත කෙල්ලක්. ස්තුතියි.
    @` Outsider``` :- හ්ම්.. කාට කාටත් ඉතින් දෙවි පිහිට තමයි.
    මැණික්(සුළඟ

    ReplyDelete