"අනේ කෙල්ලෙ, පොලොස් ගැටයක් කඩා ගන්න අහල පහලක කොල්ලෙක් කුරුට්ටෙක් වත් ඉන්නවද බලපන්."
"කොල්ලො මොකටද ආච්චි අම්....මේ..?, මම ගහේ නගින්නද?"
"ඈ බං, උඹ ඇත්තටම දන්නෙ නැද්ද උඹ කෙල්ලෙක් කියල. විලිසංගෙ නැති වැඩ කරන්න එපා බං. උඹ කොහේ ඔය කොස් ගහේ නගින්නද?"
"ඒක මොකද්ද? ඔන්න ඉනිමග තිබ්බා. අර දෙබලට නැග්ගා. පහල තියන අත්තේ එල්ලුනා. ඊට පස්සේ ඉතින් ටික ටික උඩට නගින එකනෙ තියෙන්නේ. මමත් මේ හිතන්නේ ඇත්තටම මම කෙල්ලෙක්ද ආච්චි අම්මේ?"
" හ්ම්.. සැකයක් තියෙනවානම් බොට ... බලපන් ගිහින් කණ්ණාඩිය ලඟට."
" ආ...ආ.. ඔය උඹ කියන්නේ අම්මගෙනුයි අප්පච්චිගෙනුයි මට ලැබුන ඉබිකට්ට ගැනනේ?. දෙයියන්නාන්සෙ මාව මෙහෙට එවන කොට අම්මයි අප්පච්චියි එක්කහු වෙලා ඉතින් මට ඉන්න ඉබිකට්ටක් දුන්නා. හ්ම්.. ඒකෙ ඇති දෙයක් නෑ. නිකම්ම නිකම් පොරෝනයක් විතරයි. ඒ මමයෑ. "
" ඒ උඹ නෙවෙන්නම් වෙන කවුද?"
"මමනෙ ඉතින් ඔය නටන්නෙ, සිංදු කියන්නෙ, හිනාවෙන්නේ. මට හිතෙන දේ කරන්නේ. බලපන්.... අපි ඉතින් හැමෝම මේ ඉබි කටු අස්සේ හැංගිලා නෙවෙන්නම් ඉන්නේ. ඉඳලා හිටලා ටිකක් ඔලුව එලියට දාලා බලනවා. ආපහු හැංගෙනවා. ඒ විතරක්යැ, පේන්නෙ නැද්ද ආච්චි අම්මේ ඔය අනිත් ඉබිකටු තියන අයගෙ ආටෝපෙ. ටයි කෝට්, සාරි බාරි ඇඳගෙන. තව එක එක විච්චූරන දාගෙන. මගෙ අම්....මේ..... ඒ විතරක් නම් මදෑ. බලාපන්කො උන් උන්ගෙ වටේ දමාගෙන ඉන්න හිරකූඩු කන්දරාව. ඒ මදිවට එව්වා සරසගෙන නා නා ප්‍රකාර විච්චූරන දේ වලින්. මගෙ දෙයියනේ. .... දැක්කෙ නැද්ද උඹ, උන් හැම එකාම අතේ තරාදිත් තියෙනවා නොවැ?."
" මොන ....... තරාදි? මට තේරෙන්නේ නෑ බං උඹ කියන ඔය අපබ්‍රංශෙ"
" ඇයි ආච්චි අම්මමනෙ කියන්නෙ රට්‍ටු අර කතා කියනවා මේ කතා කියනවා කියල. උන් ඔය උන්ගෙ අතේ තියන තරාදියෙන් වටේ පිටේ ඉන්න උන් සීරු මාරුවට කිරල මැනලනේ ඔය උඹ කියන කතන්දර කියන්නේ. එක පැත්තකට දානවා උන්ගෙ මිමි, අනිත් පැත්තට දානවා උන්ගෙ ඇස් මානෙට අහුවුන එකාගෙ ගුන දෝස ටික. හැම වෙලේම ඉතින් උන්ගෙ මිමි තියන පැත්ත බරටමයි පෙනෙන්නේ. කිරන්නට මනින්ට අහුවුන එකාගෙ දාහක් අඩුපාඩුමනෙ ඉන් පස්සේ කියවන්නේ. අනේ බලපන් ආච්චි අම්මේ උන් උන්ගෙ අතේ තියන තරාදියෙන් කවදාවත් තමන්ව මැන ගන්නෙ නැතිව අනිත් උන්වම මනින්න දත කන හැටි. හී...හී. හිරකූඩු වල තරාදි අතේ තියන් ඉන්න ඉබ්බෝ. උඹට හිනා යන්නේ නැද්ද ආච්චි අම්මේ"
" මගෙන් මුකුත් නාහ පලයන් ගිහින් වැඩක් පලක් කරපන්"
" මට බැරි........යෝ..., මම යනවා වත්ත පහල ඉන්න දෙයියෝ මවපු තරාදි නැති, හිරේක නොවැටී, තමන්ගෙ පාඩුවේ එහේ මෙහේ ඇවිදින ඉබ්බන්ගෙන්වත් අහන්න මේ සිද්දවෙන විපිරියාස ගැන."

කතාවක් වගේ ලිව්වට කියල තියෙන්නෙ සහතක ඇත්ත. කතාවක් වගේ ලිව්වට කියල තියෙන්නෙ සහතක ඇත්ත. ආච්චියි සන්තුරියි දෙන්නම ඔයාගෙ හිත. හරිම අගේයි
ReplyDeleteමේ පැත්තේ ආවේ කල්පෙකට ඉතර පස්සේ මැණික්.
ReplyDeleteමාත් ආසාවෙන් කියවනවා සන්තූරිගේ අරුම පුදුම සිතුවිලි.
දිගටම ලියන්න......
හප්පුච්චියේ ඉබ්බන්ටත් කොස් ගස් නගින්න පුළුවන්ද ?
ReplyDeleteහා..පොච්චියේ මේ වගේ කතාවක්
ReplyDeleteනිකං එලස් කිරිස් වගේ ඇත්තම ලියල නෙව.
සන්තුරි කියන කතාවනම් සහතික ඇත්ත
ReplyDeleteපොඩ්ඩක් ඉන්න කොස් කඩන උපකරණයක් හදාගෙන යනව.. එතකොට ඔක්කොම හරි. ඒකත් මෙහෙ තියෙන ආශ්චර්යය ගොඩට එකතු කරන්න පුඵවන්.
ReplyDeleteඔන්න සන්තුරි ගිහිං ඇහුවම වත්ත පහළ ඉන්න ඉබි හාමි කියයිලු මෙහෙම:
ReplyDelete"දරුවෝ, තමුන්ගේ ඇස් කන් වැහෙන්න ඉබි කට්ටක් වැටිලා තියෙනවනං ඒකෙන් නිදහස් වෙන්න උත්සාහ කොළාට කාරියක් නෑ... ඒත් අම්මා අප්පච්චිගෙන් ලැබුණු ඉබිකට්ට හන්දයි ඔය දරුවා මේ අරුමෝසං ලෝකේ ආරස්සා වෙලා ඉන්නේ... ආන් ඒක අමතක නොකර, ඒ ඉබි කට්ටත් පණ වාගේ ආරස්සා කොරගෙන හඳුන් පොතට ඉහ ගහං ඉන්න ඇහැකි විදියේ ඕන දෙයක් කොරාපන් දරුවෝ... ඒකේ ඇති දොසක් නෑ... ඔය දරුවා කොස් ගහේ නගින්නේ අල්ලපු වත්තට හොරෙං පනින්න නොවෙයි නෙව, කොස් ගෙඩියක් ගඩාගන්ටනේ... ඉතිං මක් වෙනවැයි... ඔය දරුවට පුළුවන්නං නැගලා බලාපන් පොල් ගස් වලත්, රිංගාපන් පතල් අස්සෙත්... හැබැයි ගහට නගින්න ඕනේ බහින විදිය දැනගෙන, පතලට රිංගන්න ඕනේ පිට වෙන හැටි දැනගෙන... ඔය දරුවට මුළිංම ලැබිච්ච ඉබි කට්ට - අර අම්මගෙනුයි අප්පච්චිගෙනුයි ලැබිච්ච ඉබි කට්ට - ආං ඒක ගැන විස්සාසෙ තියපං, ඒක ආරස්සා කරහං, එතකොට ඔය දරුවට වරදින් නෑ..."
@nawammawatha: - ආච්චියි සන්තූරියි මගෙ හිතේ දෙපැත්තක්ද? ගස් නගින සන්තූරිලා මම ගම් වල ඉන්නවා දැකල තියනවා. මේ ලඟදි දවසක ගස් නගින්න බැරි පිරිමි අය තුන් දෙනෙක් බලා ඉඳිද්දී එක සන්තූරි කෙනෙක් ගහේ නැගල අඹ කැඩුවා. අනේ බොරු කියන්න ඕනැයැ. මට නම් ගස් නගින්න බැහැ. ස්තුතියි.
ReplyDelete@හා පැටික්කි : ස්තුතියි ආවට. මේ එක් කෙනෙක්ගෙ සිතිවිලිම නෙවෙයි. මම දකින සන්තූරිලා ගොඩදෙනෙක්ගෙ සිතිවිලි.
@Chanaka Aruna Munasinghe : ඉබ්බො විතරක් නෙවෙයි ගස් නගින්න පුලුවන් ඉබ්බියොත් ඉන්නවා.
@raala, ayesha : හ්ම්.. සන්තූරිට හිතෙන දේවල් නේ.
@``` Outsider``` : උපකරන නොතිබ්බට ගමේ අය තමන්ගෙ වැඩ කරගත්තනෙ හැමදාම.
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත : - අද නම් සන්තූරි එක්ක තරහ වෙලා වගේ නේද? හ්ම්.. සන්තූරි දන්නවා ගහට නගින හැටිත් බහින හැටිත්. සන්තූරිගෙ ඉතිරි විස්තර ඇහුවම ඔයාට තේරේවි එයා කොයිතරම් හොඳද කියලා.
මැණික්(සුළඟ)
අනේ මං ඇයි සන්තුරි එක්ක තරහ වෙන්නේ? වත්ත පහළ ඉබි හාමි දෙයි කියලා හිතුණු උත්තරේ තමයි මං ඔය කිව්වේ. ඉබි හාමිලා ඉතිං ගොඩක් කල් ජීවත් වෙන අයනේ. ඉතිං වැඩිහිටියෙක් විදියට දැනමුතුකම් දෙන්න හිතෙයිනේ එයාට. මං ඉබි හාමිට කියන්නම්කෝ සන්තුරි ඒවා දන්නවා කිව්වා කියලා. ඔන්න සන්තුරිටයි ඔයාටයි දෙන්නටම ජය පතනවා! :D
ReplyDeleteසන්තූරිට දුක හිතුනද දන් නෑ වත්ත පහළ ඉබි හාමිගෙ දැනමුතුකම් වලට. ඔය විත්තිය කිව්වම ඉබි හාමිටත් ගොඩාක් දුක හිතුණා අනේ ඇයි ඒ දරුවා හිත් අමනාප කරගත්තේ කියලා. ඒ පාර මේං මේක ලියලා දුන්නා දෙන්න කියලා. ඔන්න මැණික් මේක දෙන්න හොඳේ සන්තූරිට.
ReplyDeleteහමා එන මඳ පවන් රැල්ලක
දඟ කරන මල් පෙත්තකිය නුඹ
නෙළුම් පත මත නැගී හිනැහෙන
දඟකාර වැහි බිඳුව නුඹමය
නොනැවතී රස ගීත මුමුණන
සයුරු රළ පවසන රහස නුඹ
සොබාදම් ගී හඬට නැළැවෙන
තුරු හිස'ග සර සරය නුඹමය
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත: - අනේ මම විහිලුවට කිව්වේ. සන්තූරිට කා එක්කවත් එහෙම තරහ වෙලා ඉන්න අමාරුයි. තරහ කියන්නේ දුක කියලා එයා දන්නවා. ඔයාගෙ කවිත් හැමදාම මම කියවනවා. ඒත් comments දාන්න බැහැනේ. සන්තූරිට ලිව්ව කවියත් හරිම ලස්සනයි. ගොඩක් ස්තුතියි හොඳේ.
ReplyDeleteමැණික්(සුළඟ)