ජෝ. සෙනෙවිරත්න මහතා විසින් 2010 දී පරිවර්තනය කරන ලද ඕෂෝගේ දෙසුම් ඇතුලත් භාවනාවේ අභිරහස් (Book of Secrets- OSHO) යන්න ඉතා අගනා කෘතියකි. කවුද මේ ඕෂෝ? එතුමා 1931 දෙසැම්බර් 11 වනදා ඉන්දියාවේ උපත ලද අතර, අධ්‍යයන කටයුතු වයස අවුරුදු 21 දී අවසන් කර ටික කලක් ජබල්පූර් සරසවියේ දර්ශනය ඉගැන්වීම කළේය. ඉන්දියාවේ ගතානුගතික හර පද්ධති සහ විශ්වාස ප්‍රශ්න කරමින් වාද විවාද කළ එතුමා 1960 අග භාගය වන විට තමන්ගේම භාවනා වැඩීමේ ක්‍රමවේද ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. 1974 දී පමණ ඉන්දියාවේ පූනා නගරයේ පිහිටුවා ගත් ඕෂෝ කේන්ද්‍රය වෙත පෙරදිග පමනක් නොව අපරදිග වැසියන්ද ඇදී ආවේය. වරින් වර එතුමා විසින් කළ දෙසුම් භාෂා 50 කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය කර ඇත. ඇමෙරිකාවේද ටික කලක් රැඳී සිය භාවනා ක්‍රමවේද ඉගැන්නූ එතුමා 1990 ජනවාරි 19 වනදා සිය සිරුර අත් හලේය.
මෙම කෘතියෙහි භාව වැඩීමේ තාක්ෂනයන් ලෙස තන්ත්‍ර යොදාගන්නා අයුරු විස්තර කර ඇත. තන්ත්‍ර ලියැවී ඇත්තේ ආදරයේ භාෂාවෙන්. පහත දැක්වෙන්නේ ඉන් උපුටා ගත් කොටස් කිහිපයකි.
මෙම කෘතියෙහි භාව වැඩීමේ තාක්ෂනයන් ලෙස තන්ත්‍ර යොදාගන්නා අයුරු විස්තර කර ඇත. තන්ත්‍ර ලියැවී ඇත්තේ ආදරයේ භාෂාවෙන්. පහත දැක්වෙන්නේ ඉන් උපුටා ගත් කොටස් කිහිපයකි.
"ගැහැණිය සහ පිරිමියා ශාරීරිකව වෙනස් පමණක් නෙවෙයි, ඔවුන් චෛතසිකවත් වෙනස්. ලිංගිකය ශරීරයේ තිබෙන වෙනසක් පමණක් නෙවෙයි, මනෝ භාවයෙත් ඒ වෙනස තිබෙනවා. ස්ත්‍රී මනස කියන්නේ ග්‍රාහකත්වයට - පූර්ණ ග්‍රාහකත්වයට, යටහත්වීම, ආදරය, ශිෂ්‍යයකුට තියෙන්න ඕනේ ස්ත්‍රී මනෝ භාවයක්. එහෙම නොවෙන්න ඔහුට ඉගෙන ගන්න බැරිවේවී. ඔබට අහන්න පුළුවන්. නමුත් ඔබ විවෘත නැත්නම් එහෙනම් ඔබට පිළිතුරක් ලබන්න බැහැ. ඔබට ප්‍රශ්නයක් අහල තාමත් විවෘත නොවී ඉන්න පුළුවන්. එවිට පිළිතුරට ඔබව විනිවිද එන්න බැරි වේවී. ඔබේ දොරටු වැහිලා. ඔබ මැරිලා. ඔබ විවෘත නැහැ."
පිටු අංක 24 -25
"දෙවර්ගයක භාෂා තිබෙනවා. තර්කයේ භාෂාව සහ ආදරයේ භාෂාව. ඒවා අතර මූලික වෙනස් කම් තිබෙනවා. තාර්කික භාෂාව ආක්‍රමණශීලීයි, විවාදාත්මකයි, සාහසිකයි. මම තාර්කික භාෂාවක් පාවිච්චි කළොත්, ඔබේ මනස මත මම ආක්‍රමණිකයෙක් බවට පත් වෙනවා. මම ඔබට ඒත්තු ගන්වන්න හදනවා, ඔබව මගේ මතයට හරවා ගන්න, ඔබව රූකඩයක් බවට පත් කරන්න. මගේ තර්කයයි "හරි" ඔබේ එක "වැරදි", තාර්කික භාෂාව මමත්ව කේන්ද්‍රියයි. මම හරි, ඔබ වැරදි. ඒ නිසා මම හරි බව ඔබ වැරදි බව ඔප්පු කළ යුතු වෙනවා.
ආදර භාෂාව ඊට සහමුලින් වෙනස්. මම මගේ මමත්වය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මම යමක් ඔප්පු කරන්න උනන්දු වෙන්නේ නැහැ. මම උනන්දු වෙන්නේ ඔබට උපකාර වෙන්නයි.. ඒක ඔබට වැඩෙන්න ආධාර වෙන්න ඇති සහකම්පාවක්, ඔබට පරිවර්තනය වෙන්න ආධාර කරන්න, යළි උපදින්න ඔබට උපකාර කරන්න."
පිටු අංක 26
"අපගේ අත්දැකීමට අනුව ආදරයට පමණයි ක්ෂණික දැක්මක් දිය හැක්කේ. ඒක නිසාම තමයි තන්ත්‍ර, ප්‍රඥාව අනෙක් අයෙකුට දෙන්න ආදරය ඉතා මූලික උපක්‍රමය බවට පත්කර තිබෙන්නේ. අපගේ අත්දැකීමට අනුව ආදරය පමණයි ද්විත්වභාවය ඉක්මවා යා හැකි යම් දෙයක් වන්නේ. පුද්ගලයන් දෙපළක් ආදරයෙන් පසු වෙද්දී, එහි ගැඹුරට ඔවුන් ගමන් කරද්දී, ඔවුන් දෙදෙනෙකු වීම එන්න එන්නම අඩු වෙනවා, ඔවුන් වඩ වඩා ඒකත්වයට පත්වෙනවා. එක් තැනක් උච්චයක් බවට එළඹෙනවා ඔවුන් පෙනුමෙන් පමණක් දෙදෙනෙක්ව සිටින, ඇතුලාන්තයෙන් ඔවුන් එකයි, ද්විත්වභාවය අභිභවනය කරලා."
පිටු අංක 29
"ආදරය තුළ මේ පූජනීය වන්දනා ගමන සිදුවෙනවා. නමුත් සියල්ලන්ටම නෙවෙයි. මොකද සියලු දෙනාම වාගේ ලිංගිකයෙන් ඔබ්බට ගමන් කරන්නේ නැහැ. එනිසා අපි දිගින් දිගටම අඳුරු මිටියාවතේ ජීවත් වෙනවා. සමහර වෙලාවකට යම් කෙනෙක් ආදරයේ උස් මුදුනට යනවා. නමුත් ඔහු ආපස්සට ඇද වැටෙනවා. මොකද එතන ඒ තරමටම කලන්තේ දැනෙන සුළුයි. ඒක ඒතරම් උස් මුදුනක්. ඔබ ඒ තරමටම පහත්. එහෙ ජීවත්වීම හරිම අපහසුයි ඔබට. ආදරය කරපු අය දන්නවා නිරන්තර ආදරයක ඉඳීම කොතරම් අසීරුද යන වග. කෙනෙකුට යළි යළිත් ආපසු එන්න සිදු වෙනවා"
පිටු අංක 31
"ආදරය එහි උච්චතම තැනට ළඟා වනවිට පෙම්වතා අතුරුදන් වෙනවා. ඇයි මෙහෙම සිදුවන්නේ? මෙහෙම සිදුවන්නේ ඇත්තෙන්ම සෑම කෙනෙක්ම හැඩ විරහිත අය නිසා. ඔබ ශරීරයක් නෙවෙයි. ඔබ ශරීරයක් ලෙස හැසිරෙනවා. ඔබ ශරීරය වගේ ජිවත් වෙනවා. නමුත් ඔබ ශරීරයක් නෙවෙයි. අපි පිටත සිට යම් කෙනෙක් දෙස බලන විට ඔහු ශරීරයක්. නමුත් ආදරය අභ්‍යන්තරය විනිවිදිනවා. එවිට අපි පුද්ගලයා දකින්නේ පිටත සිට නෙවෙයි. ආදරයට පුළුවන් පුද්ගලයා පුද්ගලයෙක් හැටියට දකින්න. ඔහුට පුළුවන් ඇතුළාන්තයෙන්ම තමන්ව දකින්න. එවිට හැඩය, ආකෘතිය අතුරුදහන් වෙනවා"
පිටු අංක 33
ඉතින් මෙවැනි තව බොහෝ දේ කියවන්න නම් ඔබ අතට මේ පොත පත් විය යුතු නේද?

මම මේ කියන පොත කියවල නෑ තවම. ඒත් ජෝ. සෙනෙවිරත්න පරිවර්ථනය කරපු ඕෂෝ ගෙ "ජීවිතයට ඉඩදෙන්න" සහ "ගැහැණු මනුස්සයා" කියන පොත් දෙක නම් කියවල තියෙනව. නියමයි !
ReplyDeleteමමත් මේ පොතනම් කියවලා නැහැ.... එත් ඕෂෝ ගැනන්ම් ටිකක් අහලා තියෙනවා... ඉඩ ලැබුන වෙලාවක මේ පොත හොයාගෙන කියවන්න ඔන...
ReplyDelete@nawammawatha, Dinesh: ඔව් කියවන්න වටින පොතක්. ස්තුතියි ඇවිත් ගියාට
ReplyDeleteමැණික්(සුළඟ)