"සන්තූරී මගෙ දුවේ, උඹ කොහේ යන්නද මේ ලක ලැහැත්ති වෙන්නේ?"
" ආච්චි අම්...මේ, මම ඔයට ගොහින් ආච්චි අම්මගෙ රෙදි පෙරෙදි ටිකත් හෝදන්, ජබුං ගාලා නාලා විගහින් එන්නම්කෝ"
" ම්හ්... මං දන්නේ නැතෑ උඹෙ විගහ..... අනේ මගෙ රත්තරනේ... මං උඹට දෙයක් කියන්නමයි හිටියේ. පණ්ඩිත කතා නොකියා මේක හිතට ගනින්"
"හ්ම්..හ්ම්... මොකද්දෑ ඔය හරුපේ. ආයෙ අහන්න දෙයක් නෑ මොනව හරි මට එපා කියන්න දෙයක් උඹ ගාව ඇති"
" මං දන්නවා උඹ පුංචි සංදියේ ඉඳන් අර උඹෙ අතිජාත මිත්තරයා එක්ක ගහක් කොලක් ගානේ ඇවිද්දා සෙල්ලම් කලා කියල. ඒත් මගෙ කෙල්ලේ ..... දැන් උඹ උස් මහත් වෙච්චි එකියක්නේ. ඌ හම්බ වුනාට වෙනදා වගේ ඔයවල් ලඟ ළිඳවල් ලඟ අනන් මනන් කියව කියව ඉන්න එපා බං."
"හ්ම්.. රට්‍ටු කතා හදයි.. ඒකනෙ ආච්චි අම්මා ඔය කියන්නේ? වෙන ඕන්නම් කියයි ගින්දරයි පුළුනුයි ලං කරන්න හොඳ නෑ කියල."
"ඉතින් මං බොරුවක් කීවයෑ. මගෙ මේ කෙස් පැහුනෙ නියඟෙට නෙවෙයි බං. පණ්ඩිත කතා නම් ඉතින් කප්පරක් කියන්න බැරුවයෑ. මොන දෙයියන්නාන්සේ කිව්වත් පුරාණෙ ඉඳල සිද්ද වෙන්නෙ එකම දේ. මොකදෑ උඹ කියල යකඩින් හදල ඇතුවැයි?"
" අනේ සාෂා... එහෙනම් ඒකත් ඉවරයි. උඹ ගින්දර. මම පුළුන්. උඹේ ගින්දරට අහුවෙලා මම පිච්චිලා යයිද? ඔව් .... ආච්චි අම්මා කියන විදියට අළු ඩිංගක්වත් හොයා ගන්න බැරිවෙයිද?. ගින්දර නම් ඉතින් පුළුන් ටික පුච්චලා තව තව ඇවිලි ඇවිලි තියෙන් නැතෑ. මමත් දැක්කා ලඟකදි ඉඳලා උඹේ ඇස් වල ගින්දර. අනේ ඔය ඇස් වල ගින්දර නිවා ගෙන වරෙන් සාෂා."

බලමු ගින්දරයි පුලුනුයීකතු උනහම ගිනි ගනීවිද කියලා අපි බලා ඉන්නවා
ReplyDeleteඔයා මාර ලස්සනට මේ කතාව ලියනවා යාළු.
ReplyDeleteපුංචි සන්දියේ ඉඳන් සන්තුරිගේ යාලුවෙක්නං සාෂා නරක කෙනෙක් වෙන්න බෑ. සන්තූරි වගේම ගහට කොළට ඇලිච්ච, ජීවිතේ රසවිඳින්න පුරුදු වෙච්ච, සෞන්දර්යෙන් පිරිච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ යාළුවගේ ඇහේ සන්තූරි දැකපු ගින්දර නපුරු ගින්දරක් වෙන්න බෑ. ඒ සමහරවිට අසරණුන් වෙනුවෙන්, සොබා දහම වෙනුවෙන් අසාධාරණකම් වලට විරුද්ධව ඇවිලුන ගිනි දළුවක් වෙන්න ඕනේ.
ReplyDeleteමැණික්, අර සන්තුරිගෙ නමේ තේරුම කිව්වා වගේ සාෂාගේ නම ගැනත් කියන්නකෝ. අර රුසියානු පරිවර්තන වල අපිට හම්බ වෙන සාෂා කෙනෙක් වගේද මෙයත්?
@ඉලංදාරියා: ස්තුතියි. මම හිතනවා ඔයා මේක කියවයි කියල. ඔයාගෙ අසනීප තත්වය දැනගත්තම මම දුක් වුනා. මීට කලින් ඔපරේෂන් එකක් ගැන ලියල තිබුනට ඒ මොකක් සඳහාද කියල මම දැනගෙන හිටියේ නැහැ. කළහැකි උදව්වක් මමත් කරන්නම්. ඔයාට ඉක්මනින් සුවවේවී. දුක් වෙන්න එපා.
ReplyDelete@ayesha: ස්තුතියි යාළු. හැමදාම ඇවිත් යනවට. දන්නෙ නැද්ද වැඩ ගොඩක් අස්සේ පුංචි ඉඩක් අරන් ඒ වෙලාවට හිතුනු දේ තමයි මේ ලියවෙන්නේ.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:
ඔව් මටත් හිතෙනවා ඔයා කියනවා වගේ සාෂා එහෙම නරක නැතිව ඇති කියලා. බලමු ඊලඟට මට මේක ලියන්න හිතෙන වෙලාවට මගේ අතින් මොනව ලියවෙයිද කියලා. දන්නේ නැද්ද ඒ වෙලාවට හිතට එන දේවල්නේ.
ඉඩක් ලැබුනොත් සාෂාගෙ නමේ තේරුම හොයල බලන්නම්කෝ. ඔය නම නම් නිකමට ඔලුවට ආ එකක්. රුසියානු පොත් වල තිබුන නමක් තමයි. ස්තුතියි හැමදාම එනවට.
මැණික්(සුළඟ)