-->

Thursday, January 20, 2011

"දළදා හාමුදුරුවනේ"

සෙංකඩගල ගිරි හිස මුල
හිරු මල විකසිත වන විට
දළදා හාමුදුරුවනේ
වඩින්න හිත් මලසුන වෙත

සංසාරේ ඇවිදිනවා
අගක් මුලක් සොයනු බැරිව
දළදා හාමුදුරුවනේ
නිවන්න දුක් සුසුම් සුළඟ

මඟ වැරදී හඬා වැටෙන
සරණක් නැති ලෝකයකට
දළදා හාමුදුරුවනේ
වඩින්න බුදු පහනක් ලෙස

කඳුළු බිංදු අමුනා ගෙන
මං  එනවා අද හවසට
දළදා හාමුදුරුවනේ
කියන්න බුදු බන ඇහෙන්න

5 comments:

  1. ඇහෙනා ඒ බුදු බණ පද
    ලෝ හැම අත පතුරාලන
    දහම් සිසිල කැඳවාලන
    සුළඟය නුඹ සිත සනසන

    නෙතු දැහැනට නොම පෙනුණට
    දැනෙනා හදවත පතුලට
    ඒ උත්තම හැඟුම විලස
    හමනා මඳ සුළඟය නුඹ

    දළදා සමිඳුගෙ පිහිටෙන්
    සෝක තැවුල් දුරු වී ගොස්
    සුළඟට මඳ පවන් රැලක්
    ලැබෙනා ලෙස පතමි මමත්

    ReplyDelete
  2. කඳුළු බිංදු අමුනා ගෙන
    මං එනවා අද හවසට
    දළදා හාමුදුරුවනේ
    කියන්න බුදු බන ඇහෙන්න

    අපූරුයි පද පෙළ යාළු

    ReplyDelete
  3. @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    කොහොම ස්තුති කරන්නද මංදා. ඔයා ලියල තියන කවි හරිම ලස්සනයි.
    @ayesha: අපූරුයි අදහස් දැක්වීමත් යාළු. ස්තුතියි.
    @බිඟූ...! : බොහොම ස්තුතියි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. අපට පුදනා තුති කුසුම් නම්
    ඔබේ සුන්දර වදන් වැල්මය
    සුළං රැල්ලේ පාවෙමින් එන
    සිතැඟි පණ පෙව් අකුරු මුතුමය

    ReplyDelete