-->

Thursday, September 30, 2010

"වැටහීම"

හුස්ම තුල පාවෙමින් එගොඩ විය හැකි වෙයිද
පැවැත්මේ පරිධියෙන් විතැන්වී ටිකෙන් ටික
හුස්ම නැවතී සිටින ඇතුලාන්තයෙ කොනක
අපට අප මුණ ගැසෙන සොඳුරු උල්පතක් වෙද

අනන්තය තෙක් දුරයි පැවැත්මේ මායාව
සිනාවක් නැගෙයි මුව දකින විට නිසරු බව
රඟන්නෙමු අප නොයෙක් භූමිකා වරින් වර
අමතකය එය නැවත මරණයෙන් පසු අපට

පැවැත්මේ පරිධියේ වෙනස් කම් නිසා අද
දුරස් බව පෙනෙන මුත් පියවි ලොව මේ ලෙසට
විශ්වයම පන ගැහෙන හදේ ගැඹුරුම තැනදි
ඇසේ මට ඔබේ හඬ ඉතාමත් නුදුරෙන්ම

2 comments:

  1. යථාර්තය සහ සිතේ ස්ව්භාවය හරිම ලස්සනට ලියල තියනව

    ReplyDelete
  2. "ඒ ඔබේ හඞටද" එපිටට පැවැත්මේ පරිධිය තියෙන්න පුඵවන්.

    ReplyDelete