-->

Monday, September 6, 2010

"සුපෙම්වත"

සුසුම් දාහය නිවන
සිහිල් සලුවෙන් වෙලා
මගේ නෙත් දෙක මතට
මිහිරි හාදුවක් දී
ඉතින් මා සනසන්න
සදාකාලික ලෙසට
මරණයේ සුපෙම්වත
යලිත් නොනැගිටින ලෙස

කවරදාටත් වඩා
මං නුඹට ආදරෙයි
මගේ හද පතුලෙන්ම
මරණයේ සුපෙම්වත
පිසලමින් රිදුම් දෙන
මතකයන් මා සිතින්
යලිත් මට පිබිදෙන්න
අළුත් ජීවිතය ලැබ
වහා එනු මැන ඉතින්
පෙමින් මා සිප ගන්න

මගේ ප්‍රේමය නුඹට
නොවැටහෙන්නේ මන්ද
නෑවිදින් මා ලඟට
දුරස් වන්නේ ඇයිද
ඔබේ දෑතේ ‍රැදී
මලානිකවී ඉන්න
අනේ දැන්වත් ඉතින්
වහා මෙහි පැමිණෙන්න

6 comments:

  1. තමන්ට ඕනි වෙලාවට මරණයවත් ජීවිතයවත් එ‍න්නෙ නෑ. මරණය ප්‍රාර්ථනා කරනවට වඩා අනෙකුන්ට ජීවිතය දෙන්න පුඵවන් හදවතක් පණ ගැහෙනව නම් මරණය එන විට සොඳුරු විදියට පැමිණෙයි.

    ReplyDelete
  2. මරණය මට ඔනේ වෙලාවට එනවානම් ...මම මේ සටහන් තියන්න්න මෙතන නෑ..එකයි ඇත්ත.....

    මොකද එක පාරටම මේ ....?

    සංවේදි පදපෙලක්..

    ReplyDelete
  3. මැරෙන්න ලේසියි.. ජීවත් වෙන්නයි අමාරු... අමාරුවෙන් ජීවත් වෙන්න, මරණය ආදාට කණස්සල්ලක් ඇති නොවෙන විදිහට.. මොකෝ මේ?

    ReplyDelete
  4. අප්පේ ලියන්න ආපු එකත් කචල් ගියා..කාලකණ්ණියෙක් මෝඩ ආතල් එකක් අරන්...කමෙන්ට් මොඩරේට්කරා නම් හොඳයි...
    ජීවිතේ සතුටෙන් ඉන්න කාලෙදි ජීවත්වෙන්න ආසයි..ජීවිතය කොච්චර සුන්දරද කියලා හිතෙනවා..ඒ උනාට දුක් කරදර, පරාජයන් එද්දි ජීවිතය එපාවෙනවා...ජීවිතෙ හැටි එහෙම තමා....
    ජයවේවා!!!

    ReplyDelete
  5. Anonymous ලෙස කෙනෙක් අද මෙහි යමක් ලියා පහත් සතුටක් ලබා තිබුනා. මෙහි මෙවැන්නක් ලියවුන පළමු වතාවයි මේ. සියදහසක් සොඳුරු මිනිසුන් අතර සිට මෙවැන්නක් කල ඔබ කවුරුන් වුවත් ඔබට හොදක්ම වෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ ලැබූයේ පහත් සතුටක් වුව එය ඔබේ සතුට ලබන එකම ක්‍රමය විය හැකි බැවින් ඒ ගැන මගේ අමනාපයක් නැහැ. එහෙත් මෙය කියවන අනෙක් අයගේ යහපත පිණිස මට එය මකා දමන්න සිදුවුනා. ඉතින් ඒ ගැන අමනාප නොවන්න. නමුත් ඉදිරියට මෙවැන්නක් නොවනු පිණිස මට comment moderation වලට යන්න සිදුවුනා. ඔබේ සතුට වෙනුවෙන් අනෙක් අයගේ අයිතිය ඔබ නැති කලේ ඒ අයුරෙනි. මෙය කියවන අනෙක් සියලුම අයගෙන් මේ අපහසුතාවය ගැන කනගා‍ටුව පල කරමි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  6. මා..
    ආදරයේ නාමයෙන්
    මරණය පොරොතුව
    තුන් වරෙක්
    තැතනුවා
    ඒත් ඒ මරණය
    මා කරා නාපු එකට
    මා අද
    සතු‍ටුයි..
    හේතුව දන්නවද?
    මරණය
    මරණීය නිමිත්ත
    අනියත බැව් දැන සිටි නිසාවෙන්

    ReplyDelete