අහස් ගඟ මත පිපුනු සඳ
ඉකිබිඳිනු ඇයිදෝ මේ තරම්
රෑ කුමාරී මලේ සුවඳද
සැඟවුනාදෝ ගොළු සිතින්
සඳේ සුසුමට පන පොවන්නට
සිතයි සුළඟද දුක් වෙසින්
සීතලෙන් සඳ හිරිවැටෙනු දැක
තරුද නොනිදනුදෝ ඉතින්
පාව යන්නට ආ වලාවන්
ගොළු වෙලා රැඳුනේ දුරින්
කාටවත් අයිතියක් නැති සඳ
තනි කරන්නටදෝ ඉතින්
ඈත මංසල ගැයෙන ගීයක
රාවයට කන යොමු කරන්
හඬන උල ලේනියක පමණද
සඳේ තනියට ඉඳිනු දැන්
ඉකිබිඳිනු ඇයිදෝ මේ තරම්
රෑ කුමාරී මලේ සුවඳද
සැඟවුනාදෝ ගොළු සිතින්
සඳේ සුසුමට පන පොවන්නට
සිතයි සුළඟද දුක් වෙසින්
සීතලෙන් සඳ හිරිවැටෙනු දැක
තරුද නොනිදනුදෝ ඉතින්
පාව යන්නට ආ වලාවන්
ගොළු වෙලා රැඳුනේ දුරින්
කාටවත් අයිතියක් නැති සඳ
තනි කරන්නටදෝ ඉතින්
ඈත මංසල ගැයෙන ගීයක
රාවයට කන යොමු කරන්
හඬන උල ලේනියක පමණද
සඳේ තනියට ඉඳිනු දැන්

උල ලේනියකව හෝ
ReplyDeleteආළය කල හැකිනම්
සඳට..
සඳ දුරවුනාට
කිම?