-->

Wednesday, September 8, 2010

"ගුරු ගීතය"


පෙල ගැසී එන ඔබේ නෙතු දෙස
බලා ඉන්නම් ආදරෙන්
සෙනේහයකින් අසම සම වූ
හෙලි කරන්නම් මඟ ඉතින්

මගේ කුසයෙන් බිහි නොවූවත්
සියක් දහසක් දූදරුන්
මගෙන් බිව් සිප් කිරෙන් නැහැවී
වැඩෙනු දැක සැනසී ඉඳිම්

ඔබ නෙතේ සරසවිය හිනැහෙනු
දකින්නට මා පිං කරන්
සසර මඟ හැම නැවතුමකදී
මුනගැහෙන්නට ඇති ඉතින්

දෙදණ නවමින් ගුරු මව්නි යැයි
වඳින හිනැහෙන දූ පුතුන්
සියක් දහසක් ලබන්නට මා
කලාදෝ පිං මේ තරම්

3 comments:

  1. උදාන ගීය නම් ලස්සනයි..

    ඒත් දෙදණ නැමීම සෙනෙහසද? නොදන්නා ඇතුළක නොදැනුවත්කමද?
    තව තවත් ඉදිරියට යද්දී නිවටුන් සේ විකිණෙන්නේ, දෙදණ නමන්නේ මේ පූර්ව බවුතීස්මයේ මතකයෙන්ද?

    ReplyDelete
  2. ළමැද මව් කිරි පෙවූ දරුවන්,
    එළෙසමය සිප්කිරි පෙවූ සිසුවන්,

    ලස්සනයි, මැණික්,
    පැදි පෙළ සේම එහි අරුතද ඇත්තටම සුන්දරයි,

    අඳුර දුරලන ඔවුන් මාවත සේ සඳක්,
    පහන් ටැඹ අන් කවුරුදෝ?, ඔබ මිසක්

    ReplyDelete
  3. ළමයින් ගැන ටීචර්ලාට තියෙන ආදරේ මමත් හොඳට දන්නවා :)

    ReplyDelete