දුවා දරුවන් අහක බැලුවේ
මගේ වරදක් නිසාදෝ
දිවා රැය නැති මගේ වෙහෙසෙන්
ආදරය අඩු වුනාදෝ
මුනුබුරන්ගේ කිරි සිනාවන්
දකින්නට නැති දුක් සුසුම්
නිවාගන්නේ කෙලෙසදැයි මට
කියා දෙනවද පුතුනි දැන්
මියෙන්නට පෙර එක් වරක් වත්
පියාණෙනි යැයි ඔබෙ මුවින්
අසන්නට හැකි වුනෝතින් මගෙ
සෙනේ ගිනි නිමවේ හදින්
මෙසේ අතපා මෙවන් මංසල
හිඳින්නට වේ යැයි එදා
ඉතා සෙනෙහෙන් හැදූ පුතු දැක
සිතූයේ නැත කිසි ලෙසා
වසා තිමිරය පුතුන් නෙත් තුල
අන්ධ බව ලැබුනිද අනේ
පියාණන් අද මෙලෙස මහ මඟ
දමා යන්නට සිත් වුනේ
මගේ වරදක් නිසාදෝ
දිවා රැය නැති මගේ වෙහෙසෙන්
ආදරය අඩු වුනාදෝ
මුනුබුරන්ගේ කිරි සිනාවන්
දකින්නට නැති දුක් සුසුම්
නිවාගන්නේ කෙලෙසදැයි මට
කියා දෙනවද පුතුනි දැන්
මියෙන්නට පෙර එක් වරක් වත්
පියාණෙනි යැයි ඔබෙ මුවින්
අසන්නට හැකි වුනෝතින් මගෙ
සෙනේ ගිනි නිමවේ හදින්
මෙසේ අතපා මෙවන් මංසල
හිඳින්නට වේ යැයි එදා
ඉතා සෙනෙහෙන් හැදූ පුතු දැක
සිතූයේ නැත කිසි ලෙසා
වසා තිමිරය පුතුන් නෙත් තුල
අන්ධ බව ලැබුනිද අනේ
පියාණන් අද මෙලෙස මහ මඟ
දමා යන්නට සිත් වුනේ

එක අතකින් තමාගෙත් වරදක්. දරුවන් තමන් තුළින් පැමිණියාට ඔවුන් තමාගේ නොවේ. එසේම දරුවන් තුළින් සැබෑ මිනිසෙකු තනන්න තාත්තලා හෝ අම්මලා නොවෙහෙසේ. වැපිරූ දේ අස්වැන්න ලෙස ලැබේ. පෙර පව්ද කොටසක් විය හැක.
ReplyDeleteඅම්මෙක් තාත්තෙක් ආදරෙන් තමන්ගේ දරුවෙක් බලාගන්නවා වගේ කිසිම දරුවෙකුට තමන්ගේ දෙමව්පියන් බලාගන්න බෑ.
ReplyDelete