අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා
නඛා දන්තා තචෝ මංසං නහාරූ ..........
දන් දෙමි මගේ කුනු කය
කාම රකුසන් වෙත
බුදුවන්නට හෙම නොව ............ !!
කිරි බිඳක් ඉල්ලන
දියණියගෙ නෙත කඳුලු පිසිනට
ඔත්පලව ඉන්නා
මවට ජීවය දෙන්නට ..............
ගොර බිරම් සසරෙන්
එතෙර වන්නට රිසියෙමි
කෙලෙස ගිහිගෙන් යන්නද ??
අතැර මේ අසරණුන් ලොව තුල.............
පහන් ටැඹ පාමුල
තවම අඳුරුයි හිමියනි
දහම් ආලෝකය
ලැබෙන්නෙත් නොමිනිසුන් හටමද ?.............

ගොඩක් සංවේදි කවියක්
ReplyDeleteඇත්තටම මේවගේ කී දෙනෙක් අපේ රටෙත් අසරණවෙලා ඇතිද?
මේක දැක්කම මට මේ ගීය මතක් වුනා..."Heaven, is there a chance that you could come down and open doors to hurting people like me, People like me"....(K'naan).....
ReplyDeleteඒ දහම් ආලෝකය ඇයට නොලැබුනාවෙ.
ReplyDeleteඑදා ඇයට පිහිට වූ දහම නෙමේ අද තියෙන්නෙ.
ඇයව ගල්ගසා මරණ අලුත් දහමක්.
ලස්සන අදහසක් සහෝදරි
ReplyDeleteහ්ම්..ලස්සන නිර්මාණයක්...ඒ වගේ චරිත තිබුණත් අපිට අඳුරගන්න ලැබෙනවා බොහෝම අඩුයි..අපි ඒ හැමෝම දිහා බලන්නෙ එකම කණ්ණාඩියක් දාගෙන..
ReplyDeleteජයවේවා!!!